About

Saturday, October 31, 2009

මගේ Phone ඉතිහාසය

කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න‍ දෙයකුත් නෑ, අද මගේ ජංගම දුරකථන ඉතිහාසය වත් ලියන්න හිතුවා. මේකත් මගේ පරිගණක ඉතිහාසය වගේම පොඩි එකක්. මටම කියලා phone කට්ටක් හම්බවුනේ මම O/L කරලා ඉවර result ආවට පස්සේ, ඒක එදා අරන් නොදුන්නා නං කියලා අද හිතෙනවාketukmeje. ඒ දවස් වල phone කෑලි හෙන ගණන් නොවැ. ඉතින් පරණ හම ගිය එකක් අඩුවටම ගත්තා. ඒ Nokia 3510i එකක්. කැමරා, Mp3, අනං මනං මුකුත්ම තිබ්බෙ නෑ. හැබැයි color display එකක් හා SMS, MMS, GPRS, තිබ්බා. ඒ දවස් වල සිරාම phone කෑල්ලක් sengihnampakgigi. ඒක මාස 8 ක් විතර අවුලක් නැතුව පාවිචිචි කළා. පස්සේ පස්සේ බැටරිය full charge කරලා විනාඩියක් වත් කතා කරගන්න බැරි තරමට බැටරිය බහින්න පටන් ගත්තා. අළුත් බැටරියක් දැම්මත් වැඩක් වුනේ නෑ. පස්සෙ ආයෙත් Nokia 3510i එකක්ම අරගත්තා. ආයෙත් ඒ phone එකක් ම අරගත්තේ ඒක එච්චරම මට අල්ලා ගිය නිසයි. ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ.sengihnampakgigi ඒ 2005 මුල් හරියේ. ඔහොම දිගටම 2006 දෙසැම්බර් වෙනකම්ම ඒ phone එකම පාවිච්චි කළා. කාලයත් එක්කම කැමරාවක් Mp3 අනං මනං තියෙන phone එකක් මටත් ඕනේ වුනා. ඒ දවස් වල මම Motorola V3 phone එකකට මාර ආසාවෙන් හිටියේ love. අළුත් V3 එකක් ගන්න හිටියත් ඒකේ මිල දරා ගන්න පුළුවන් මට්ටමක තිබුනේ නෑ. පස්සේ පාවිච්චි කරපු Motorola V3 Black එකක් ගත්තා. ඒ තමයි මගේ පළවෙනි Motorola Phone එක. මාර ආසාවෙන් දවස් 6 ක් පාවිච්චි කලා. ඊලඟ දවසේ supermarket එකකට ගිහිල්ලා එනකොට phone එක නෑ hah. සමහර විට මඟ කොහේ හරි වැටෙන්න ඇති. නැත්නං කවුරුහරි උස්සන්න ඇති. එක මොහොතකින් phone එක වාෂ්ප වුනා. එදා නං මාර දුකක් ඇති වුනේ. මට කාගේ හරි phone එකක් බිම තිබිලා හම්බවුනොත් අනිවාර්යයෙන්ම අයිතිකාරයාට දෙනවා කියලා මං එදා හිතා ගත්තා. මොකද තමන්ගේ phone එක නැති වුනාම දැනෙන දුක මං දන්න නිසා. (හොඳ වෙලාවට තාම මට කාගෙවත් phone එකක් හම්බවෙලා නෑjelir)

පෙරළුනු පිට හොඳයි කියලා ආයෙත් පරණ Nokia 3510i එකට බැස්සා. 2007 සැප්තැම්බර් වලද කොහොද Nokia 3510i එක විශ්‍රාම යවලා Nokia 3110 c එකක් ගත්තා. තාමත් මම පාවිච්චි කරන්නේ ඒ phone එක. කැමරාව. Mp3, Memory card, Bluetooth වගේ පහසුකම් තියෙනවා.


මේ කාලෙට අවශ්‍ය HSDPA වගේ පහසුකම් නම් නෑ. දැන්නං මේකත් විශ්‍රාම යවන්න කාලේ හරි වගේ kenyit. ආයෙත් phone එකක් ගත්තොත් නං touchscreen එකකටම අල්ලන්න ඕනේ. හැබැයි චයිනා කෑලි නැතුව sengihnampakgigi. රස්සාවක් කරන කාලෙක බලනවා. මේක තමයි මගේ phone ඉතහාසය. ආ... අමතක වුනානේ. විශ්‍රාම යවපු Nokia 3510i එකේ දැන් හුලං ටෙල් සිම් එකක් වැජ‍බෙනවාsenyum. එක එක කාලෙට එන සිම් ඉස්සෙල්ලාම දාලා බලන්නේ ඒකට. සිම් එකතු කිරීම මගේ විනෝදාංශය නොවැ.

16 comments:

සහන් සටහන් said...

එල එල, මටත් ඉස්ස‍්ර ඉදලා ඔය වගේම ලොකු ෆෝන් පිස්සුවක් තියනවා. මටත් තියනවා ඔය වගේම ෆෝන් ඉතිහාසයක්.මගේ ප‍රණ බ්ලොග් එකේ දාල තිබුනා නමුත් ඒක post එක්කම ඉවත් ක‍රන්න උනා :(

Anonymous said...

හ්ම්, මගෙත් ෆෝන් එකක් නැති උනා...
හපොයි, ඒකත් අරගෙන දවස් ගානයි...

මල්ලී, පොඩි pocket pc එකකට try කරහන් ඊලගට...

GNS said...

මම නම් සෑහෙන දවසක ඉදලා w810.. දැං අවුරුද් දෙකක් විතර මගෙ හිතේ... :)

Thilina said...

@සහන්

හික් හික්.., උඹත් ෆෝන් පිස්සෙක්ද? එළ එළ


@.::පිස්සා::.

ෆෝන් පරිස්සම් කිරීම නං අමාරු ‍වැඩක්. පොකට් පීසී ගන්න ජොබ් කට්ටක් හොයාගන්න එපායැ. :P


@ගයන්ත

ඔය SE නං මට එච්චර අල්ලන්නෑ. මොකද මන්දා :D

රොකියා | Udara said...

'3110 c' එක නියමයි. මමත් සෑහෙන කාලයක් කිසිම අවුලක් නැතිව පාවිච්චි කෙරුව.

Kanishka said...

මම නම් අවුරුදු 4ක ඉඳන් K510i :P

Madhawa Habarakada said...

මම නම් ඉතින් මුලින්ම ෆෝන් එකක් ගත්තෙ කෑම්පස් යන්න පටන් ගත්තම, 2006 මෑයි 27 ගත්තෙ, Nokia 3220. එදා සිට අද දක්වා ඒකම තමා. අවාසනාවද වාසනාවද මන්ද, මේ වෙනතෙක් ඒක මට කිසිම කරදරයක් කරල නෑ, කී පාරක් නම් බිම වෑටිල ඈද්ද. ගිය සතියෙ, හොස්ටල් එකේදි උඩ ඈඳෙන් බිමට වෑටුන, පෙරෙයිද වතුර වලකට වෑටුන, අනේ දෙය්යනේ ඒත් මේක වෑඩ කරනවනෙ හොඳට. වාසනාවන්ත ෆෝන් එකක් මගෙ හිතේ. හික්ස්.

Thilina said...

@රොකියා | Udara

ඔව් 3110c එක එළ ෆෝන් එකක්. කීපසැරයක්ම බිම වැටුනත් තාම වැඩ


@Kanishka | කණියා

අවු 4 ක් ෆෝන් එකක් ලෙඩක් නොදී තියෙනව කියන එකනං ලොකු දෙයක්. මටත් දැන් SE ගැන සලකා බලන්න හිතෙනවා. :)


@H. Madhawa Ranga

ඒකනේ කියන්නේ Nokia rocks කියලා :D

Anonymous said...

මමත් දැන් අවුරුදු 3ක ඉඳන් nokia N73 Music edition.මම ඒකෙන් ගත්තු පින්තූර වලින් post එකකුත් දැම්ම!

Thilina said...

@නුවන් චින්තක

N73 ME කියන්නේ එළ Phone එකක්නේ. මගේ යාළුවෙකුටත් තියෙනවා N73 (not ME) එකක්. කැමරාව එහෙම මරු.

දුකා said...
This comment has been removed by the author.
දුකා said...
This comment has been removed by the author.
දුකා said...

මගේ ෆෝන් පිස්සුව හොඳ වුනා තිබුනු ෆෝන් එක ඔක්කොම කන්ටෑක්ට්ස් ටිකයි . . . ඉන්ටෙර්නෙට් බෑංකින්ග් පාස්වර්ඩ් ටික යි එක්ක ඩෙඩ් වුනුදාම . . .

Thilina said...

@දුකා

හික් හික්... හෆෝයි.. :D මම නං keypad එකත් පාස් එකක් දාලා ලොක් කරලාමයි තියෙන්නේ.

Unknown said...

මමත් උඔ වගේම තමයි. 2002 ගඩොල් කැටයක් විතර Ericsson 1018 එකකින් පටන් ගත්තා. එදා ඉදන්ම sony Ericsson ම තමා.310i , W200i, 2008 දි 3G එකකට බැස්සා K530i මගෙ වැඩ වලට හොදටම ඇති. ඊලග target එක se xperia එකක්. දැන්ම නෙමයි. තාම ඒක හීනයක් විතරයි.

Thilina said...

@sanath

එළ එළ... මම නං තාම SE පාවිච්චි කරලා නෑ.

Post a Comment