කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න දෙයකුත් නෑ, අද මගේ ජංගම දුරකථන ඉතිහාසය වත් ලියන්න හිතුවා. මේකත් මගේ පරිගණක ඉතිහාසය වගේම පොඩි එකක්. මටම කියලා phone කට්ටක් හම්බවුනේ මම O/L කරලා ඉවර result ආවට පස්සේ, ඒක එදා අරන් නොදුන්නා නං කියලා අද හිතෙනවා. ඒ දවස් වල phone කෑලි හෙන ගණන් නොවැ. ඉතින් පරණ හම ගිය එකක් අඩුවටම ගත්තා. ඒ Nokia 3510i එකක්. කැමරා, Mp3, අනං මනං මුකුත්ම තිබ්බෙ නෑ. හැබැයි color display එකක් හා SMS, MMS, GPRS, තිබ්බා. ඒ දවස් වල සිරාම phone කෑල්ලක් . ඒක මාස 8 ක් විතර අවුලක් නැතුව පාවිචිචි කළා. පස්සේ පස්සේ බැටරිය full charge කරලා විනාඩියක් වත් කතා කරගන්න බැරි තරමට බැටරිය බහින්න පටන් ගත්තා. අළුත් බැටරියක් දැම්මත් වැඩක් වුනේ නෑ. පස්සෙ ආයෙත් Nokia 3510i එකක්ම අරගත්තා. ආයෙත් ඒ phone එකක් ම අරගත්තේ ඒක එච්චරම මට අල්ලා ගිය නිසයි. ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ. ඒ 2005 මුල් හරියේ. ඔහොම දිගටම 2006 දෙසැම්බර් වෙනකම්ම ඒ phone එකම පාවිච්චි කළා. කාලයත් එක්කම කැමරාවක් Mp3 අනං මනං තියෙන phone එකක් මටත් ඕනේ වුනා. ඒ දවස් වල මම Motorola V3 phone එකකට මාර ආසාවෙන් හිටියේ . අළුත් V3 එකක් ගන්න හිටියත් ඒකේ මිල දරා ගන්න පුළුවන් මට්ටමක තිබුනේ නෑ. පස්සේ පාවිච්චි කරපු Motorola V3 Black එකක් ගත්තා. ඒ තමයි මගේ පළවෙනි Motorola Phone එක. මාර ආසාවෙන් දවස් 6 ක් පාවිච්චි කලා. ඊලඟ දවසේ supermarket එකකට ගිහිල්ලා එනකොට phone එක නෑ . සමහර විට මඟ කොහේ හරි වැටෙන්න ඇති. නැත්නං කවුරුහරි උස්සන්න ඇති. එක මොහොතකින් phone එක වාෂ්ප වුනා. එදා නං මාර දුකක් ඇති වුනේ. මට කාගේ හරි phone එකක් බිම තිබිලා හම්බවුනොත් අනිවාර්යයෙන්ම අයිතිකාරයාට දෙනවා කියලා මං එදා හිතා ගත්තා. මොකද තමන්ගේ phone එක නැති වුනාම දැනෙන දුක මං දන්න නිසා. (හොඳ වෙලාවට තාම මට කාගෙවත් phone එකක් හම්බවෙලා නෑ)
පෙරළුනු පිට හොඳයි කියලා ආයෙත් පරණ Nokia 3510i එකට බැස්සා. 2007 සැප්තැම්බර් වලද කොහොද Nokia 3510i එක විශ්‍රාම යවලා Nokia 3110 c එකක් ගත්තා. තාමත් මම පාවිච්චි කරන්නේ ඒ phone එක. කැමරාව. Mp3, Memory card, Bluetooth වගේ පහසුකම් තියෙනවා.
මේ කාලෙට අවශ්‍ය HSDPA වගේ පහසුකම් නම් නෑ. දැන්නං මේකත් විශ්‍රාම යවන්න කාලේ හරි වගේ . ආයෙත් phone එකක් ගත්තොත් නං touchscreen එකකටම අල්ලන්න ඕනේ. හැබැයි චයිනා කෑලි නැතුව . රස්සාවක් කරන කාලෙක බලනවා. මේක තමයි මගේ phone ඉතහාසය. ආ... අමතක වුනානේ. විශ්‍රාම යවපු Nokia 3510i එකේ දැන් හුලං ටෙල් සිම් එකක් වැජබෙනවා. එක එක කාලෙට එන සිම් ඉස්සෙල්ලාම දාලා බලන්නේ ඒකට. සිම් එකතු කිරීම මගේ විනෝදාංශය නොවැ.