About

Thursday, October 8, 2009

Microsoft 128bit මෙහෙයුම් පද්ධති ගැන සිතයි


කස්ටිය දන්නවනේ Windows 7 මේ ඔක්තොම්බර් 22 වෙනිදා එනවානේ. මේක 32bit හා 64bit මාදිලි දෙකෙන්ම නිකුත් කරනවා. ඒත් තවමත් ගොඩක් කස්ටිය භාවිතා කරන්නේ 32bit. බොහෝ software 64bit සපෝට් නොකිරිම හා රියදුරු ගැටලු මේ 32bit OS වලම කස්ටිය තියාගෙන ඉන්‍න හේතු වෙලා තියෙනවා. ඒත් දැන් 4GB ram එක්ක අළුත් ලැපක් ගත්තොත් තියෙන්නේ 64bit OS එකක්.

දැන් කතාව මේකයි දැන් Microsoft සමාගම මේ 32bit OS එක කැලේට දාලා 128bit OS වලට අත දාන්න යනවාලු. (as osnews) වින්ඩෝස් 7 වලට පස්සේ පැමිණීමට තිබෙන Win 8 & Win 9 (සමහර විට වින්ඩෝස් කෑල්ල හැලි යාමට පුළුවනsengihnampakgigi) මේ මෙහෙයුම් පද්ධති 128bit OS එකක් හැටියට නිපදවන්න සූදානම් වෙනවාලු. බොහෝ විට වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය අවසාන 32bit OS වනවාට සැකයක් නෑ. Win 8 වලදී 32bit සංස්කරණයක් නිකුත් නොවීමට පුළුවන් අතර 64bit හා 128bit ලෙස ඉදිරිපත් විමට පුළුවන. 128bit OS එකක් රන් කිරිමට 128bit Processor එකක් අවශ්‍ය නිසා පළමුවෙන්ම ඒ ගැන සලකා බැලිය යුතුයි.

වැඩි විස්තර මෙතන

13 comments:

Dakshina said...

මම තාම 32bit වල. කවදා 64bit යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඒ මදිවට 128bit එකකුත් එනවලු. :(

මාස්ටර් said...

128bit තියා මම තාම Windows 7 වලට වත් ආවේ නෑ. හික්..
මම තාම XP.

Kanishka said...

අම්මෝ ඇති යන්තමි ම‍ගෙ 64 බිට් එකක් වත් තියෙනව :D

Thilina said...

@දක්ෂිණ

මමත් 32bit තමා. ඒත් මේ 128bit එක එන්න තව අවුරුදු 2 - 3 ක් යයි. ඒකාලෙදිවත් අපිට 64bit පාවිච්චි කොරන්න බැරියැ :D


@මාස්ටර්

මමත් තාම XP 32bit හා Ubuntu 32bit තමා :)


@Kanishka | කණියා

අම්මියෝ උඹ 64bit ද? එළ එළ.

Narada said...

විස්ටා මත ගොඩ නැගුණ Windows 7 වලදී නම් 64bit ඒවා තමා වේගවත්ම.

Windows 8 බොහෝවිට 2012 වර්ෂයේ හෝ ඒ ආසන්න කාලයේදී එළි දක්වන ඉඩ තියෙන අතර ආරංචිවන ආකාරයට ඒ පද්ධතිය වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ හදපු එකක්ලු.

සහන් සටහන් said...
This comment has been removed by the author.
සහන් සටහන් said...

ඊලඟට ජනේලෙ වහල(Windows) Midori අරින්නනේ යනවැයි කියන්නේ... ඒකියන්නේ 128bit windows NT වල නොදී වෙනම system එකක් හරහා එවන්න වගේ හදන්නේ.මගේ 4GB RAM හා 32bit/64bit සහිත core2 prcessor එකක් තිබිලත් 32bit :)RAM 3.25GB in 32bit :(

Thilina said...

@-බිன்ku-

අන්න හරි, kernel එකේ සෑහෙන වෙනසක් වෙයි


@සහන්

අපරාදේ ඉතුරු 0.75GB ram ටික. Win 7 RC 64bit දාලා බැලුවෙ නැද්ද?

Anonymous said...

ආ...පෝ බන්. වින්ඩෝස් 8 9 පරණ කථා නෙ. අළුත්ම එක වින්ඩෝස් 98 :D

Thilina said...

@Anonymous

:P

Malinda - මාලින්ද said...

64 එකේ මට ආවෙ Drivers ‍‍ලෙඩක් විතරයි. අනිත්ව වැඩ. 32 ඒව මෙයා x86 කියන එකට දාගන්නව. ඒත් මම අයින් උනේ vb.net වල pause කරන එක 64 එකේ බෑ. ඒකයි

ශාකුන්තල | Shaakunthala said...

කර්නල් එක ස්ටඩී කරන්ට දෙන්නැත්තං මට ඕකත් එපා.

Thilina said...

@Malinda

මමත් එහෙන් මෙහෙන් 64bit win7, Ubuntu අතපතගාලා තියෙනවා. ඒත් එච්චරම පාවිච්චි කරලා නෑ.


@ශාකුන්තල

හික් හික්, Ubuntu ත් ලඟදීම 128bit වෙයි. :)

Post a Comment