කස්ටිය කොහොමද ඉතින්? අද නම් මගේ කොම්පියුටර් ඉතිහාසය ගැන ලියන්නයි හිතුවේ. ඉතිහාසය කිව්වට එක්දාස් නවසිය බර ගණන් වලට යන්නෑ. මගේ කොම්පියුටර් ඉතිහාසය අවු 4යි. මම කොම්පියුටරයක් මුලින්ම දැක්කේ 7 වසරේ ඉන්නකොට ඒ 1999. අපේ දහම් පාසලට අයියා කෙනෙක් කොම්පියුටරයක් ගෙනල්ලා Jurassic Park ෆිල්ම් එක පෙන්නුවා. එතකොට නිකන් මැජික් වගේ. පස්සේ ඔය කොම්පියුටර් ගැන තිබුණු පොත් පත්තර එකතු කළා වගේ මතකයි. ඊට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න කියල හිතාගෙන ටෙක් ශ්‍රි ලංකා එකට ගියා. පොඩි කෝස් එකකට ඒ දවස්වල රු 15000 ක් ද කොහෙද ඉල්ලුවා. ආසාව අත්හැරගෙන ගෙදර ආවා.
O/L ඉවර වෙලා ගෙදර ඉන්න කොට කම්මැලි කමට විජය පරිගණක සගරාව ගත්තා. ඔන්න ආයෙත් පිස්සුව වැඩි වුනා. A/L කරන්න ඉස්කෝලේ යනකොට මටත් කොම්පියුටරයක් ලැබුණා. ඒක AMD 1.1GHz එකක් 256MB DDR, 40GB IDE HDD, DVD රොම් එකකුත් තිබ්බා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒ කොම්පියුටරයෙන් එතකොට මම වින්ඩෝස් දාන්න එහෙම දන්නෑ. එක දවසක් මේක වැඩ කරන්නේ නැතුව Win XP යි Win 2000 දාන්න රු 1500 ක් ගත්තා. ඊට පස්සෙ මම ම වින්ඩෝස් දාන්න ඉගෙන ගත්තා. BIOS අප්ඩේට් කරන්න ගිහිල්ලා කොම්පියුටරය Finish වුනා. ආයෙත් මාස 3 කට විතර පස්සේ Motherboard එකකුයි Pentium 4 processor යි දාලා කොම්පියුටරේ හදා ගත්තා. ටික දවසකට පස්සේ සල්ලි හදිස්සියකට මොනිටරේ තියාගෙන ඉතුරු සේරම කොම්පියුටර් කෑලි ටික විකුණන්න වුනා. (ගත්තු එකා මොනිටරේ එපා කිව්වනේ)
2007 අන්තිම හරියෙදි ආයෙත් මැසික් හදාගත්තා. ඒක තමයි දැනටත් පාවිච්චි කරන්නේ. Pentium Dual core 1.60GHz, 2GB DDR2, 250GB/160GB HDD, DVD RW, Onboard VGA . ගිය මාසේ LCD මොනිටරයක් ගත්තා. මේ මැසිම නම් නැතිවෙන්න Over clock කරලා තියෙන්නේ. CPU, Chipset, Memory වෝල්ටේජ් පාවා වැඩි කරලයි තියෙන්නේ. Cooling Fan න්ම 5 ක් තියෙනවා. කවදාවත් මේකේ කේස් එක නම් වහල නෑ. මම සාමාන්‍යයෙන් ගේම් play කරනවා. ඒත් මට VGA කාඩ් එකක් නම් නෑ. ඕනෙ වෙනකොට කාගෙන් හරි ඉල්ලාගෙන එනවා. හැමදාම යාළුවන්ට ඇණයක් වෙන්න බෑනේ.. ඒ නිසා මේ දවස් වල VGA කාඩ් එකක් ගන්න සල්ලි එකතු කරනවා.
කොම්පියුටර් 2ක් පාවිච්චි කළත් OS එක නම් වෙනස් වුනේ නෑ. (ඒ ගැන කණගාටු විය යුතුයි) සුපුරුදු පරිදි වින්ඩෝස් හොර කොපි. දැනටත් XP & 7. වයිරස් ගාඩ් තුන හතරක් දැම්මත් මට නම් මේක වෛරස් වලින් බේර ගන්න නම් බෑ. මාස 3 – 4 සැරයක් ෆෝමැට් එකක් ෂුවර්. බිලොග් ලියන්න කියවන්න ආවට පස්සෙ තමයි මම FOSS ගැන වැඩි විස්තර දැන ගත්තේ. දැන් FOSS වලට මාරු වෙන්න පොඩ් කැමැත්තක් තියෙනවා. බලමුකෝ ඉස්සරහට. මේක තමයි මගේ කොම්පියුටර් ඉතිහාසය