About

Sunday, September 26, 2010

මේ දවස් වල ජීවිතේ...

කස්ටිය කොහොමද ඉතින්..? ඕං ආයෙත් සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. ඒත් ලියන්න කියලා නං විශේෂ දෙයක් නං නෑ, බ්ලොග් එක පාළු වෙන නිසා බයිලා ටිකක් වත් දාන්නංකෝ bising. මේ දවස් ටිකේ BMICH book fair එක තිබුණා නොවැ. මමත් අද යනවා, හෙට යනවා කිය කියා හිටියා. දවසින් දවස කල් ගිහිල්ලා යන්නත් බැරිවුනා bising . ඕං ඉතින් අදින් book fair එකත් ඉවරයි. ඒත් ඕනෑ කරන පොතක් නං book fair එකට ගියපු එක්කෙනෙකුට කියලා ගෙන්නා ගත්තා. ටුවිටරේ කස්ටියත් Book fair එකට ගිහිල්ලා twitter updates එහෙම දාලා තිබුණා. ආයත් ලබන අවුරුද්දේ තමා යන්න වෙන්නේ..

Twitter කියනකොටයි මතක්වුනේ. ඕං දැන් ටුවිටරයත් අළුත් වෙලා bising. අළුත් පහසුකම් ගොඩක් එකතු වෙලා තිබුණා. මෙතනට ගියා නං New Twitter ගැන විස්තරේ බලා ගන්න පුළුවන්. ටුවිටර් එක ගැන කියනකොට අන්තර්ජාලෙ ගැනත් නොකියා බෑනේ bising. ඕං දැන් SLT එකත් FUP දාගෙන පිස්සු නටන්න යනවා කියලා ආරංචියි bising. අනේ මන්දා, පුදුම රටක් මේක. ලෝකෙ වෙන ISP ලා 100Mbps ලයින් ගෙදරට දෙන කොට අපේ අය 1Mbps ලයින් එකටත් FUP දාන්න හදනවා. මොබිටෙල් ගැන නං කතා කරලා වැඩක් නෑ. සියපාරක් විතර ඩයල් කරලා කනෙක්ට් වුනාම 100kbps (not 100kBps) විතර එනවා. මේල් එකක් එහෙම කියවලා බලද්දී ඕං ඩිස්කනෙක්ට් වෙලා bising.

බයික් ගැනත් කියමුකෝ, පහුගිය කාලේ අළුත් බයික් කීපයක්ම ඇවිල්ලා තිබුනා. TVS Apache RTR 180 එකත් ඇවිල්ලා තිබුණා. ගාන නං කීයද දන්නෑ. මං TVS වලට නං එච්චරම කැමති නෑ. ඒත් අඩුම මිලට rear disc brake තියෙන බයික් තමා ඒක. බයික් ගැන කියනකොට අපේ යාළුවෙකුට මේ ළඟදී වුනු කේස් එකක් මීටර් වුනා. මේකයි සිද්ධිය.

පහුගිය දවස් වල මමයි තව දෙතුන්දෙනෙකුයි පොඩි කොම්පියුටර් වැඩකට සෙට් වෙලා හිටියා. මීගමුවෙ තමා වැඩේ තිබුණේ. කස්ටියගෙන් එක්කෙනෙක් එන්නේ ටිකක් දුර ඉඳලා. එයාට කමල් කියමුකෝ. ඉතින් මෑන්ස් ගෙදර ඉඳලා බයික් එකේ ඇවිල්ලා, බයික් එක අඳුරන ගෙදරක දාලා එතනින් බස් එකේ නැඟලා තමා මීගමුවට එන්නේ. එක දවසක ඔය බයික් එක දාන ගෙදර කස්ටිය ගමනක් ගිහිල්ලා. ඒත් එදත් කමල් බයික් එක ඒගෙදරට දාලා මීගමුවට ඇවිල්ලා, ආපහු රෑ වෙලා ගෙදර යනකොට හෙල්මට් එක නෑලු bising. පස්සේ හෙල්මට් එක ගැන ආසාව අත්ඇරලා බයික් එක ස්ටාට් කරන්න යනකොට ඒකත් ස්ටාට් වෙන්නේ නෑලු. මොකද කියලා බැලින්නං බයික් එකේ කාබුරේටර් (carburetor) එකත් නෑලු bising. මොකෙක් හරි ඇවිල්ලා හෙල්මට් එකයි කාබුරේටර් එකයි දෙකම උස්සලා. පස්සේ මෑන්ස් බයික් එකත් තල්ලු කරගෙන පයින්ම ගෙදර ගිහිල්ලා bising. කමල්ට තිබුණේ Honda CM custom බයික් එකක්. පස්සේ මෑන්ස් රු 5000 - 6000 ක්ද කොහෙද වියදං කරලා හොරාගේ පරම්පාරාවටත් පිං දිදී carburetor එකක් දැම්මා bising.