මේ අවුරුද්දේ මාස 7 කුත් ගෙවිලා ඉවරයි. කාලය යනව මං එන්න එන්න නාකි වෙනව. මේ මාසෙ නං ටිකක් චොර විදියට තමයි ගෙව්ල ගියේ. මාසේ මුල හරියෙදි ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් ගන්න දැගලුවත් විවිධාකාරයේ ගැටලු නිසා ඒක පොඩ්ඩක් බ්රේක් වෙලා තියෙනව. Adsl ඇක්ටිව් කරනව නං අවුරුද්දක් තියාගන්න ඕනෙලු. දැන් ඒක තමා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දුර වැඩි නිසා වැඩ වැඩ නොකොලොත් බඩුම තමා නිකං බොරුවට අවුරුද්දක් සල්ලි පූජා කරන්න වෙනව. අනික මුන් කතා කරන්නෙ හරියට පිනට Adsl දෙනව වගේ. කස්ටමර් ගැන ගානක් වත් නෑ. දෙන්ඩ හිතෙනවා...
මමත් දැන් ටිකක් FOSS ගැන උනන්දුයිනේ... එක එක ජාතියේ OS, Software තියෙනවා. ඉස්සෙල්ලම දැම්මා උබුන්ටු. ටික දවසක් තිබ්බා. නරකමත් නෑ. හැබැයි ජංජාලට මත යැපෙන නිසා ටිකක් හිතන්න වෙනව. මම Fedora 11 DVD එකක් ඕඩර් කළානේ. ඒකත් ලැබුණා. පුරාණ කාළේ HDD එකක් හොයාගෙන දාල බැලුවා. Fedora KDE එකනං පට්ට. ආයෙත් ලෙඩක් සිංදු අහන්න ෆිල්ම් බලන්න බෑ. මේ පාර නං බෑ කියල නිකං හටියෙ නෑ (අර තම හිසට තම අතමය හෙවනැල්ල කියනවනේ). Google අයියාගෙන් අහලා බලල CMDA phone එක දාගත්තා. ඒක වැඩ. පස්සේ VLC player එකත් දාගත්තා, මෙගා බයිට්ම 25ක්. 25MB ක් suntel CDMA එකෙන් එනකොට කොහොමද ආතල් එක? පැය 2 1/2 ක් විතර ගියා. සේරම හරි ඔහොම දැන් සේරම කර ගත්තා කියමුකො, පස්සේ kernel failure කියල මැසේජ් එකක් එන්න ගත්තා. පස්සේ මම ඒ පරණ හාඩ් එක නිකමට වගේ Dynamic කළෘ. වඩේ බ්ලාස් Fedora වැඩ කරන්නේ නැතුව ගියා.

පස්සේ 8GB ක partition එකක් හදලා මගේ දැන් තියෙන මැසිමටම Fedora 11 දැම්මා. ආයෙත් මුල ඉදන්ම ඉන්ටර්නෙට්, VLC දා ගත්තා. දැන් වැඩ. හැබැයි සිංහල ටයිපිං නං චොර. කිබෝඩ් එක වෙනස්. දැන් විජේසේකර කිබෝඩ් එක දා ගැනිමේ මෙහෙයුමකට අතගසා ඇත . FOSS කතා ඉවරයි.
මේ ලගදි මගේ දුප්පත් ෆෝන් කට්ටට (Nokia 3110c) යාළු මාළුවෙක් මාර SMS එකක් එව්වා. මේක Open කළා විතරයි ෆෝන් එක පිස්සු නටංන ගත්තා. වෙලාවකට off වෙනවා, charge කරන්න බෑ, on වෙන්නෑ. පස්සේ බොහොම අමාරුවෙන් Nokia PC Suite එකෙන් ෆෝන් මෙමරියට රිංගලා SMS එක delete කළා. දැන් බබා වගේ වැඩ. මැසේජ් එකේ තියෙන්නේ " Deyyane Oyage mobile eka OFF wewa! OFF wewa!! OFF wewa!!! " කියලා. අවශ්‍ය කෙනක් ඉන්නවා නං SMS එක ඉල්ලන්න. පෝන් කතා ඉවරයි
මේ මාසයේම මට මගේ ඩයරිය ලියන්න බැරි වුනා. ඒක නං ටිකක් ප්‍රශ්නයක්. ඩයරියක් අවුරුද්දක් දෙකක් ලියනකොට තමයි ඒකේ අගේ තේරෙන්නේ. මතක මතක විදියට මේ මාසෙ සම්පූර්ණ කරන්න ඹ්නේ. කස්ටියත් නරකද ඩයරියක් ලිව්වොත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න දිගටම ලියයි. මෙව්වා තමයි මම මේ මාසේ කළේ...