About

Sunday, February 28, 2010

Mobile Partner අල වීම

කස්ටිය කොහොමද ඉතින්..? දැන්නං බ්ලොග් ලියවෙන්නෙත් නෑ වගේ. මේක පටන්ගත්තු දවස් වල මසෙට post 10 - 12 ක් දැම්මත් දැන්න ඒක 2 - 3 ක් දක්වා අඩු වෙලා garupale. බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම නං නෙවේ ලියන්න දෙයක් නෑ.. බිලොග් එකක් පටන් ගන්න ලේසි වුනත් ඒක දිගටම පවත්වාගෙන යන්න කොච්චර අමාරුද කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා garupale.

ලියන්නේ මොනවද කියලා පහුගිය දවස් ටිකේම කල්පනා කරනකොට අද උදේ මම අඳුරන අක්කා කෙනෙක් මට කෝල් එකක් දුන්නා. ඒ අක්කා අළුතෙන් ලැපක් සහ සුපිරි අධීවේගි මොබිටෙල් උපහාර අන්තර්ජාල සම්බන්ධතාවකුත් hah අරගෙන ඒත් පොඩි අලයක් තියෙනවලු. අලේ තමා මොඩම් එක (Huawei E156G) Detect නොකිරීම. අනුන්ගේ කොම්පියුටර් හදන්න ගිහිල්ලා මම ඕනේ තරං පරිප්පු කාලා තිබුණත් අළුත්ම ලැප නිසා වැ‍ඩේ භාරගත්තා garupale. ඔන්න ඒ අක්කා අළුත්ම ලැපත් උස්සාගෙන අපේ ගෙදර ආවා. ආසාවේ බෑ... කිරි කිරි ලැප.. garupale හැබැයි ඒක celeron CPU එකක්, OS එක Genuine Windows 7 Home Basic 64bit තියෙන ලැපක්.

පස්සේ මමත් ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. මොඩම් එක plug කළාම මොඩම් එකේ Software එක CD Rom එක විදියට detect කරනවා ඇරෙන්න, මොඩම් එකක් විදියට detect කරන්නේ නෑ. ඒ අක්කා Mobile Partner එක Install කරන්න ගිහිල්ලා වැඩේ අල කරගෙන වගේ bising. ඉතින් මම Mobitel Partner එක අයින් කරලා ආයෙත් Install කරලා බැලුවා. එත් සිද්ධිය එකයි. Dvice Manager එකට ගිහිල්ලා බැලුවත් එතනත් මොඩමය නෑ. scan for hardware changes click කරලත් බැලුවා. කිසිම සද්දයක් නෑ garupale. පස්සේ system restore කරන්න බැලුවම last restore point එක තියෙන්නෙත් සෑහෙන දවසකට කලින් එකක්. ඒ අදහසත් අත්ඇරලා මගේ මැසිමෙන් Google දෙයියන්ගේ උදව් පැතුවා. මෙන්න තියෙනවා උත්තරේ.., ඉතින් මේකෙ තියන විදිය කළාම ගානට මොඩම් එක Mobile Partner එකෙන් detect කරලා Signal එහෙම ආවා bising. අන්තර්ජාලය කොච්චර හොඳද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා.

පස්සේ ලැපෙන් නෙට් ගිහිල්ලා, Windows Update කරලා, Avast Anti virus එකයි, VLC, Fire Fox, Skype, Office 2007 හොර කොපියකුත් දාලා garupale (Open Office එපා කිව්වනේ bising), Unicode ගැන විස්තරේකුත් කියලා ඒ අක්කව පිටත් කළා. සුපුරුදු පරිදි ස්තූතියක් හම්බවුනා bising. මේ කෙ‍නුත් අළුත් දෙයක් ඉගෙන ගත්තා + අළුත්ම ලැපක් පැය 2 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වුනා. මොබිටෙල් එකේ සුපිරි බව නිසා Windows Update (~160MB) වෙන්නයි, අනෙක් Software බාන්නයි හිතුවට වඩා වෙලාවක් ගියා.

Thursday, February 11, 2010

Bajaj Pulsar 135

කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ ඉතින් මම බයික් වලට මාර ආසයි නෙවැ garupale. ඉතින් ලංකා‍වට එන අළුත් බයික් ගැන ටිකක් විතර සෙවිල්ලෙන් ඉන්නව. දැන් ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඉන්දියන් බයික්නේ. ඒකෙනුත් Bajaj ඉදිරියෙන් ඉන්නව කියලා හිතෙනවා. මෙන්න දැන් Bajaj එකෙන් අළුත් බයික් එකක් ඇවිත් ඒ තමයි Pulsar 135 LS DTS-i. අළුත්ම කිව්වට මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒත් තාම ලංකාවේ නං නෑ. බයික් එකේ පෙනුම ගැන බැලුවොත් මේක ටිකක් විතර Bajaj XCD එකට සමානයි වගේ. engine එක ගැන බැලුවොත් 135cc 4 stroke, singal cylinder, 4 valve, 5 speed gearbox එකක් සහිත එන්ජින් එකක් තමයි තියෙන්නේ.


Pulsar 150, 180, 200 වල තියෙන ඉදිරිපස ‍disc brakes (240mm), LED tail lamp, සහ Digital speedometer, Nitrox shocks වගේ පහසුකම් තියෙනවා. දැනට තියෙන සාමාන්‍ය handlebar වලින් වෙනස්ව Pulsar 220 දී යොදාගෙන තිබුණු handlebar එකට සමාන handlebar එකක්ද නව Pulsar 135LS වලට අඩංගු කර තියෙනවා. කළු හා රතු වර්ණයෙන් ලබා ගැනීමටත් පුළුවන්. ලංකාවේ පෙට්රල් වල ගණනුත් වැඩි නිසා engine ධාරිතාව අඩු මේ Pulsar 135LS බයික් එක ලංකාවේ වඩාත් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා.

වැඩි විස්තර ඕනේ නං මෙතන කොටන්න.

Wednesday, February 3, 2010

කොම්පියුටරය හා සෞඛ්‍ය

කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි ජනවාරි මාසෙත් ගෙවිලා ඉවරයි, ඡන්ද උණුසුම හින්දා ඇඟටත් නොදැනිම ගෙවිලා ගියා කියලයි හිතෙන්නේ garupale, දන්නවනේ මේ කාළේ කොම්පියුරෙයෙන් නොකරන්නේ මොනවද? නිවුස් බැලීමේ ඉඳලා රොකට් යවන එක දක්වා සේරම කරන්නේ කොම්පියුරයේ පිහිටෙන්. ගොඩක් අය දවස පුරාම කොමිපියුටරය ඉස්සරහා. මේ විදියට දවස තිස්සෙම කොමිපියුටරයත් එක්ක ඉන්නකොට අපිත් නොදැනිම අපිව ලෙඩ වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ලෙඩ වෙන්නෙ ඇස්දෙක. ඊලඟට කොන්ද, බෙල්ල, වැලමිට, මැණික්කටුව, වගේ තැන් ටික ටික ලෙඩ දෙන්න පටන් ගන්නවා garupale. ගොඩක් ‍ වෙලාවට වැරිදි විදියට කොම්පියුටරය ඉස්සරහ ඉන්නකොට තමයි මේ ආබාධ ‍වැඩි වෙන්නෙ. ඉතින් නිවැරදි විදියට කොමිපියුටරය ඉස්සරහ වාඩි වෙනව නං මේ ලෙඩ ටිකක් අඩු කරගන්න පුළුවන්. කොම්පියුටරය හා ඇස්දෙක ගැන ගොඩක් අය ලියලා තියෙන නිසා මම ඒගැන නොලියා ඉන්නම්. ඊලඟට වැඩියෙන්ම ලෙඩ වෙන්නෙ ‍බෙල්ල සහ කොන්ද. කොම්පියටරයේ තියෙන සමහර පොඩි අකුරු කියවනකොට මොනිටරය පැත්තට නැමෙන්නෙ නැතුව, කොමිපියුටරය ලඟ වාඩි වෙනකොට කොන්ද හොඳින් පුටු ඇන්දට ‍හේත්තු කරගෙ ඉන්නව නං කොන්දෙ අමාරු අඩුකරගන්න පුළුවන්. මොනිටරය ඇස් මට්ටමේ තියාගත්තොත් බෙල්ලෙ ඇතිවෙන අමාරු ගොඩක් වෙලාවට අඩුකරගන්න පුළුවන්. ලොකු පොත් කීපයක් තියලා මොනිටරේ ලේසියෙන්ම තමන්ගෙ ඇස් මට්ටමට උස්සලා ගන්න පුළුවන් garupale.

ඊලඟට මැණීක් කටුව. අපි දවසකට mouse clicks කීයක් කරනව කියලා හිතනවද? clicks 1000 කට වැඩිය කරනවා garupale. (කස්ටියටත් තමන් දවසකට clicks කොච්චර කරනවද කියලා බලන්න කැමති නං මෙන්න පොඩි ටූල් එකක් තියෙවා බාගන්න Workrave වින්ඩොස්, ලිනක්ස් දෙකටම) ඉතින් මේ clicks තොගය කරන්න මවුස් එක එහාට මෙහාට කරන කොට වගේම ටයිප් කරනකොටත් මැණික් කටුව වැරදි ඉරියව්වකින් තියාගෙන හිටියොත් වැඩි කාලයක් යන්න කලින් මැණික් කටුව ලෙඩ දෙන්න පටන් ගන්නවා. හැකි තරම් මැණික් කටුව නමන්නේ නැතුව, කෙලින් තබා ගත්තොත් ගොඩක් ආබාධ අඩු කරගන්න පුළුවන්. ඉතින් දවස තිස්සෙම කොම්පියුටරයට එබී‍ගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් ජිම් එකකට එහෙම ගිහිල්ලා ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නං තමන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ වෙයි bising.