About

Sunday, October 31, 2010

ADSL ගැනීම

කස්ටිය කොහොමද ඉතින්.. ඕං මාසෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. පරණ තැටිය තමා. ඕං මටත් adsl ලැබුණා නෙවැ bising. මම අවුරුදු 2 ක්ම ප්‍රෙට්රල් පුච්චාගෙන කටු කාගෙන ටෙලිකොම් එකට බඩගාපු එකේ ප්‍රතිඵලේ මේ මාසේ තමා හම්බවුනේ. ඉතින් අවුරුදු 2 ක් වගේ සුළු කාලයකදී මේක ගන්න පුළුවන් වුනු එක නං ලොකුම දෙයක් bising. මේක ගන්න අවු 2ක් ගියේ ඇයි කියනවා නං slt exchange එකේ ඉඳලා අපේ ගෙදරට දුර වැඩි වීම තමා ප්‍රශ්නෙට තිබ්බේ. ඒ නිසා 4 පාරක්ද කොහෙද adsl සිග්නල් නෑ කියලා application එක reject කළා bising. ඊට පස්සේ දුර වැඩි වුනත් adsl ගන්න කැමතියි කියලා ලිවුමක් දෙන්න කිව්වා. ඒත් ගන්න බැරි වුනා.

වැඩේ අතඇරලාම ඉන්නකොට මෙච්චර කල් පාවිච්චි කරපු මොබිටෙලය චා මැක්ස් වුනු නිසා තව පාරක් adsl ගන්න ට්‍රයි කරන්න හිතුනා. මෙදා පාර නං ටෙලිකොම් එකේ හිටපු අංකල් කෙනෙක් තමා අහුවුනේ. මාත් ඉතින් මුල ඉඳලාම සිද්ධිය කිව්වා. පස්සේ ආයෙත් application එකක් දීලා ආවා. ඔය අතරේ ඉතින් මගේ ඉගෙන ගන්න වැඩ වලට නෙට් ඕනේ, අනං මනං බයිලා කියලා බටර් පාරකුත් ගාන්න අමතක කළේ නෑ bising. ඕං ගෙදර ගියාට පස්සේ ටෙලිකොම් කාරයා කෝල් කරලා කියනවා Cisco රවුටර් එකක් දානවා නං ADSL දෙන්නං කියලා. මං එහෙම්ම කිව්වා මං ගාව දැන් Cisco router එකක් තියෙනවා කියලා bising. ඒත් ඇත්තටම මගේ ළඟ cisco (linksys) router එකක් තිබ්බේ නෑ bising. පස්සේ රවුටර් එක ගත්තේ කොහෙන්ද අදී විස්තරත් ඇහුවා. මම ඉතින් ලස්සනට කිව්වා.

ඊට දවස් කීපයකට පස්සේ කෝල් එකක් දීලා කිව්වා adsl දුන්නා කියලා. ඒ වෙලාවේ මම ගෙදරත් නෙවේ හිටියේ. පස්සේ රෑ වෙලා ගෙදර ගිය ගමන් රවුටරේ ගහලා බැලුවා. මෙන්න බොලේ බඩු වැඩ bising. මීට අවුරුද්දකට විතර කලින් ගත්තු රවුටරෙන් වැඩක් ගත්තේ එදා තමා bising. ඒ වෙලාවේ නං මාර සතුටක් දැනුනේ. exchange එකේ ඉඳන් අපේ ගෙදරට 8.1 km දුරක් තියෙනවා bising. රවුටරේ නං TP -ink එකක්. SNR Margin (down/up) 6/30 අගයක තියෙනවා. ඒත් ඩිස්කනෙක්ට් වෙන්නේ නං නෑ. ඒත් සමහර වෙලාට අල වුනොත් router එක restart කරපු ගමන් හරියනවා. 8.1km දුර වෙලත් ලැබෙන වේගය ගැන නං ඇත්තටම සතුටුයි. 51 - 55kBps වගේ වේගයක් ලැබෙනවා. මොබිටෙලය වගේ වුරු වුරු ගාන්නේ නෑ. connection එක stable. ඉස්සර නං 10MB බාන්නත් දෙපාරක් හිතනවා. දැන්නං හිටු කියලා බානවා. ගෙදර ඉන්නවා නං ගොඩක් වෙලාවට දවසකට 1GB පනිනවා bising. දැන් ඉතින් බිල ආවාම තමා රත් වෙන්නේ.