About

Tuesday, September 29, 2009

Free cc.co domain + Free Hosting + Wordpress = Blog

බ්ලොග් ලියන ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ එක්කෝ Blogger නැත්නං Wordpress. එතකොට URL එක වෙන්නේ mymane.blogspot හෝ myname.wordpress. ඉතින් මේ පිටිපස්සේ තියෙන blogspot, wordpress අයින් කරගන්න පුළුවන් නං ??? ඉතින් අපිට මේකට අපේම ‍ඩොමේන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් මේක අත්හදා බැලුවේ මේ ළඟදී. මේ තියෙන්නේ මං කරපු විදිය. ඉතින් මේ ලිපියේ වැරදි අඩුපාඩු එහෙම තියෙනව නං දන්න අයියලා නිවැරදි කරන්න ඕනෑ.

මම මේකට යොදා ගන්නේ co.cc ඩොමේන් එකක්. මේක ඇවිල්ලා නොමිලේ ලබාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම www.co.cc සයිට් එකට ගිහිල්ලා තමන් කැමති ඩොමන් එකක් ගන්න පුළුවන්. සමහර විට Top Domain වලට $3 සිට ගෙවන්න වෙනවා. උදා: thilina.co.cc වලට $3 ක් ගෙවන්න වෙනවා sengihnampakgigi . ඉතින් අකුරක් දෙකක් වෙනස් කරලා free එකක් තෝරාගන්න.



පස්සේ mail address එක දීලා රෙජිස්ටර් වෙන්න. දැන් ඕක ඔහොම්මම තියලා වෙන ටැබ් එකක දෙවනි පියවර කරන්න. තවත් දෙයක් free කියලා වවාගෙන කන්න නං එපා. එතකොට තවත් කෙනෙකුට තියෙන අවස්ථාවක් නැතිවෙයි.

දෙවනියට අපිට web Hosting අවශ්‍ය වෙනවා. Free Hosting දෙන තැන් ගොඩක් තිබුණත් මේ එකක් ගැන වත් විස්වාස කරන්න නං අමාරුයි. ඒත් අපිට කොයින්ද Hosting ගන්න සල්ලි. මම මේකට ගන්නේ Byethost තව 000webhost, 000space.com, ‍තියෙනවා. දැන් user name, passwaord, mail දීලා රෙජිස්ටර් වෙන්න. පස්සේ Byethost එකෙන් මේල් එකක් එයි. ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා Hosting එකවුන් එක ඇක්ට්ව් කරගන්න. පස්සේ Control Pannel එකේ Username, password අනං මනං ටික ලැබෙයි. ඒක කොහේ හරි සේව් කරගන්න. එකේ තියෙන්නේ Control pannel තව FTP Server සහ MySQL Database වල username, passwords. (මේල් එකකුත් එයි) Control panel URL එක ක්ලික් කරලා Control pannel එකට යන්න. මේක ඇවිල්ලා Vista Pannel .

දැන් Domains එක යටතේ තියෙන Addon Domains ක්ලික් කරලා ඒකේ තියෙන Name Servers to use කියන එක බලන්න.



දැන් අර ඉස්සෙල්ලා ගත්තු co.cc ඩොමේන් එකට ගිහිල්ලා Domain Setup ගිහිල්ලා ඒකෙන් Name Server එකට ගිහිල්ලා ලැබිලා තියෙන Name Server ටික දාලා setup ක්ලික් කරන්න.


පස්සේ control pannel එකට ගිහිල්ලා Domain Name කියන තැනට අරගත්තු co.cc ‍‍ඩොමේන් එකත් දාන්න අමතක කරන්න එපා.


දැන් සේරම හරි හැබැයි දැන් අපිට දවස් තුනක් වත් බලාගෙන ඉන්න වෙනවා.


දැන් අන්තිම පියවර. wordpress ස්ථාපනය. මේක ඇවිල්ලා මැනුවල් කරන්න පුළුවන්. ඒක කරන හැටි මෙන්න මෙතන තියෙනවා. පළවෙනි පාරට මේක කරන එක්කෙනෙකුට මේක ටිකක් අමාරුයි. ඒ නිසා iVista - Easy Script Installation පාවිච්චි කරමු. vista panel වලට ගිහිල්ලා Software & Services යටතේ iVista - Easy Script Installation ක්ලික් කරන්න.


ඩොමේනය හරියට සෙට් වෙලා නං Destination for installed script: කියන තැන අපි ගත්ත ඩොමේන් එක තියෙන්න ඕනේ.
ඩොමේන් එක select කරලා ඉස්සරහට යන්න.



ඊලගට WordPress ඉස්සරහ තියෙන install එක ක්ලික් කරන්න. දැන් complete install . වැඩේ ෆින්ෂ්. අපිට දැන් අපේ co.cc සයිට් එකේ usermane, password ලැබිලා තියෙනවා Script Admin CP ඉස්සරහ තියෙන ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට යන්න. දැන් ඉතින් ලස්සන තීම් එකක් එහෙම දාලා බ්ලොගයට නමක් දීලා දෙයියනේ කියලා බ්ලොග් ලියන්න පටන්ගන්න තමයි තියෙන්නේ.


මතක තියාගන්න මේ Free Hosting වල කල්පැවැත්ම ගැන නං සහතික වෙන්න බෑ. හෙට මේ Free Hosting සයිට් එක වාෂ්ප වෙන්න පුළුවන් sengihnampakgigi . ඒ නිසා පරිස්සමෙන්.

Saturday, September 26, 2009

ලෝකයේ පළමු DirectX 11 Graphics card


කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස්වල මොනවද නිවුස්...??? ආ විශේෂ එකක් තියෙනවා. ලෝකයේ පළමු DirectX 11 Graphics card එක නිකුත් වුනා නොවැ. ඒ තමයි ATI Radeon HD 5870. ලෝකයේ Graphics card නිපදවන සමාගම් කීපයයි තියෙන්නේ මාර්කට් එකේ වැඩි කොටසක් අයිති Nvidia සමාගමට ඊලගට AMD/ATI, S3 හා Intel. දෙවනියට විශාලම Graphics card නිපදවන්නා වුනාට වැඩ නං No 1 senyum . ඉතින් මේ 5870 කාඩ් එක 40nm GPU එකකින් තමයි බලගැන්විලා තියෙන්නේ. specification ටික බලලාම ඉමුකෝ


5870 Graphics card එකේ ට්‍රාන්ස්සිස්ටර් බිලියන 2.15 ක් තියෙනවා 334 mm² ක වර්ගඵලයක් ඇතුලේ මෙච්චර ට්‍රාන්ස්සිස්ටර් ගොඩක් තියෙනවා කියලා විස්වාස කරන්නත් අමාරුයි. ඒත් 40nm සයිස් ට්‍රාන්ස්සිස්ටර් එක්ක ඒක ලොකු දෙයක් නෙවේ.






5870 memory type එකත් GDDR 5 එකක්. මෙමරි සයිස් එක 1GB හෝ 2GB වලින් ලබාගන්න පුළුවන්. මෙමරි Bus එක 256bit වෙනවා. 1200MHz මෙමරි ක්ලොක් එකක් සමඟ මෙහි Memory Bandwidth එක 153.6GBps. Graphics card එකේ performance වැඩි වෙනකොට කොහොමත් power consumption එක වැඩි වෙනවා. ඒත් 5870 වෙනස් මේතරම් ඉහළ මට්ටමේ Graphics card එකක් වුනාට Idle Power 27W (Graphics card එක පමණක්) සාමාන්‍යයෙන් 55nm GPU එකක් සහිත Graphics card එකක මේ අඟය 80-90W වෙනවා. මොනිටර් කනෙක්ට් කරිමට DVI prot 2 ක් HDMI Port එකක්, DisplayProt එකක් ති‍බෙනවා. ATI සමාගම DX 10.1 හදුන්වාදුන්නේ 2007 දී. දැන් 2009 දී DX 11. බට් Nvidia සමාගමට DX 10.1 හදුන්වා දීමට සිදුව්‍රනේ 2009 දී. Nvidia වල DX 11 Graphics card එකකුත් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවාලු. Nvidia සමාගමේ 40nm GPU වල තාක්ෂණික ගැටලු මේ ප්‍රමාදයට හේතු වෙලා තියෙනවා. මේ සියළු දේම සමඟින් මෙම ATI Radeon HD 5870 Graphics card එකක මිල $379 වෙනවාkenyit. Graphics card එකේ performance බලපුවාම මේ ගාන නං එච්චරම නරක නෑ කියලයි හිතෙන්නේ.

Monday, September 21, 2009

සිංදු කාරයා

ඊයේ මට class එකක් තිබ්බා නොවැ. ඉතින් ඕකට ගිහිල්ලා මම දැන් ගෙදර එන්න බස් එකකට නැග්ගා. බස් එක ටික දුරක් යනකොට ‍අවු 40 ක විතර පොරක් බස්එකට නැගලා රබානක් වගේ එකක් ගහලා සිංදු කියන්න පටන්ගත්තා. දැන් මිනිහා සිංදු කියනවා. ඔය විදියට විනාඩි 10 ක් විතර බස් එකේ සිංදු කියලා ඒ මිනිහා රබානත් අරන් මිනිස්සු ගාවට ගිහිල්ලා සල්ලි ඉල්ලනවා. සමහර අය සල්ලි දෙනවා සමහර අය සල්ලි දෙන්නෑ. පස්සේ සිංදු කාරයා බස් එක ඉස්සරහට ගිහිල්ලා කියනවා සමහර අය මට ආධාර කළා සමහර අය අහක බලාගත්තා දැන් මිනිස්සු ළඟ මනුස්ස කම නෑ, මනුස්සයෙක්ගේ හැකියාව අඟය කරන්න දැන්නෑ, අසරණ පුද්ගයෙකුට උදව් කරන්න දන්නෑ ලු. ඔහොම දැන් ටික වෙලාවක් බයිලා කියලා මිනිහා ළඟ තිබ්බ බෑග් එකකින් CD එකක් එළියට අරන් කියනවා මගේ නවතම CD තැටිය වෙළඳපොළට නිකුත් වුනාලු අවශ්‍ය කෙනෙක් ඉන්නව නං CD එක ඉල්ලන්න රු100 යිලු.  හික් හික්... :D

Thursday, September 17, 2009

මටත් ඇපල්...

කස්ටිය කොහොමද ඉතින්...? හෆෝයි මේ බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා, මොකද කිව්වොත් ලියන්න දෙයක් නෑsedih, ආ.... ඒවලින් වැඩක් නෑ කතාවට එන්ටරි වෙමුකෝ... දන්නවනේ මැක්,  තේරෙන විදියට කිව්වොත් ඇපල් මැකින්ටොෂ්, මටත් ඉතින් ලාවට වගේ ආසවක් තිබ්බා මේ Mac Computer එකකුත් පොඩ්ඩක් පාවිච්චි කොරලා බලන්න. ඒත් අපිට කොහෙන්ද මැක්? ජංජාලේ සර්ච් පාරක් දාලා  Mac OS X DVD ටොරන්ට් එකක් හොයා ගත්තා. හෆෝයි ගිගාබයිට්ම 3 කට වැඩියිhah. මං වගේ දුප්පත් මොබිටෙල් කාරයෝ කොහොමද 3GB බාන්නේ, adsl ගත්තු කාලෙක බානව කියල හිතලා වැඩේ අත්ඇරලා දැම්මා. පස්සේ අපේ ගයන්ත ළග Mac OS X DVD එකක් තියෙනව කියලා දැනගත්තා. ඔන්න ඊයේ උදේ මං ඕක ගන්න ගයන්තව හම්බවෙන්න ගියා. හෆෝයි ගයන්තයාව හොයාගන්න බැරුව මම එහාට මෙහාට රවුං ගැහුවා, හික් හික්... sengihnampakgigi අන්තිමට මැක් DVD එකත් ඉල්ලාගෙන ගෙදර ආවා. අපෝ.......... ලයිට් නෑ. CEB rocks.

හවස 5-6 ට ලයිට් ආවාම ඇපලය දැම්මා. Mac OS X එක ඉන්ස්ටෝල් කරන්නේ වින්ඩෝස්, ලිනක්ස් ඉන්ස්ටොල් කරන විදයට වගේම තමා එච්චර අමාරු නෑ. මම පළවෙනි පාරටයි මැක් එකක් ඉන්ස්ටෝල් කළේ අවුලක් නැතුව බබා වගේ ඉන්ස්ටෝල් වුනා.


විනාඩි 25 ක් විතර ගිය. හැබැයි මගේ PS2 මවුස් එක නං ගත්තේ නෑ. පස්සේ USB මවුස් එකක් ගැහුවම පටස් ගාලා ගත්තා. audio, Ethenet එහෙමත් වැඩ

ඹන්න පොඩි මියුසික් එකකුත් ගිහිල්ලා ඇපලය ස්ටාට් වුනා. අපෝ. නම ගම විස්තර ඉල්ලනවා. මේ විස්තර නැතුව ඉස්සරහට යන්න බෑ. ඒකටත් බොරු ටිකක් ගහලා දැම්මා. සේරම හරියට සිද්ධ වුනාට පොඩි අවුලක් Resolution එක මාරු කරගන්න බෑ. 1024 x 768 විතරයි තියෙන‍නේ.... hah


LCD මොනිටර් වල Recommended resolution එක නැතුව වෙන resolution එකකින් පේනකොට අල බව කස්ටිය දන්නවනේ.. සෝ මැක් වල තියෙන වැඩ කෑලි ටිකක් බැලුවා. MPG, MP3 එහෙම වැඩ. සිංහලත් වැඩ, මගේ සුපිරි Huawei E160 ත් වැඩ නෑ, සඒ නිසා මේකෙන් ආසාවට නෙට් යන්න නං බැරි වුනා දැන් ඉතින් intel GMA 3100 (G33) වලට රියදුරෙක් හොයා ගන්න ඕනේ, GMA 950 නං රියදුරෙක් ඉන්නවා. මේකේ හොඳ appliction නං තියෙන බව පේනවා. තව විස්තර හොයලා බලන්න ඕනේ.

ප.ලි

මම දැම්මෙ Mac OS X 10.5.2 මෙන්න ලින්ක් එක. තව Mac OS X 10.5.6 අළුත් වර්ෂන් එකක් මෙන්න ලින්ක් එක. ජංජාල වත්කං ඇත්තතෝ බාගනිත්වා :D

Sunday, September 13, 2009

පැය 1/2 න් charge වෙන බැටරියක්



අපි හැමෝටම වගේ ජංගම දුරකථනයක් කියලා එකක් තියෙනවා නොවැ. සමහර උදවියට නං ‍ලැප්ටොප් එහෙමත් තියෙනවා. ඉතින් මේ ජංගම දුරකථන, ලැප්ටොප් එහෙම බලය දෙන්නේ ආරෝපණය කල හැකි බැටරියකින්නේ, තේරෙන ‍විදියට කියනවා නං Rechargeable බැ‍ටරියකින් senyum. ඒත් මේ බැටරි බැහැපුවාම ආපහු චාජ් කරන්න පැය දෙක තුන යනවා. එතකොට ඉතින් බැටරිය හදපු එවුන්ගේ මුළු පරම්පරාවම ආදරයෙන් සිහිපත් වෙනවා sengihnampakgigi. මෙන්න ඒකට විසදුම Sony සමාගමෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැය 1/2 න් ආරෝපණය වෙන බැටරියක්. මේක ඇවිල්ලා ලිතියම් අයන් බැටරියක්. ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කියලා මේක ආයුකාලය අඩු බැටරියක් එහෙමත් නෙවේ. බැටරි ආයුකාලය ඉතාම ඉහළ මට්ටමෙන් තියෙනවා. පැය 1/2 න් බැටරියේ සම්පූර්ණ ධාරිතාවෙන් 99% ක් චාජ් කරගන්න පුළුවන්. මේ විදියට 2000 වාරයක් charge/discharge කරන්න පුළුවන්. Sony සමාගම කියන විදියට මේ බැටරි 2000 පාරක් charge/discharge කළත් ඊට පස්සෙත් බැටරියේ ධාරිතාවෙන් 80%ක් විතර රදවා ගන්න පුළුවන්ලු. කෝමද බැටරිය?

ඇත්තටම විදුලි බලයෙන් දුවන කාර්, බයිසිකල් එහෙමත් එච්චරම ජනප්‍රිය නොවෙන්න ප්‍රධානම හේතු තමයි බැටරිය බැහැලගියාම චාජ් කරන්න දවසක් විතර යන එක. මේ බැටරි දාලා ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් කාර් බයිසිකල් එහෙම ආවොත් ඒවත් ‍ගොඩක් ජනප්‍රිය වෙයි කියල හිතෙනවා.

pictures

Wednesday, September 9, 2009

සුපිරි රූපවාහිනී නාලිකා...

කස්ටිය කොහොමද ඉතින්...? හෆෝයි දවස් 4-5 කින් බ්ලොග් ලියන්නත් බැරිවුනා. අද‍ නං වෙනස් දෙයක් ලියන්න හිතුවා. සාමාන්‍යයෙන් මම ඔය දේශපාලන හා මඩ ගැසීම් වගේ ඒවා ලියන්නෑ. නිකං ‍ජොලියට වගේ අපේ රටේ සුපිරි TV චැනල් ටිකක් ගැන ලියන්න හිතුවා. හික් හික්... රූපපෙට්ටිය, රූපවාහිනිය තේරෙන සිංහලෙන් කියනව නං TV එකක් හැම ගෙදරකම වගේ තියෙනවනේ sengihnampakgigi. මම දන්න විදයට ලංකාවේ TV චැනල් 13 ක් විතර තියෙනවා.

ඉස්සෙල්ලාම ගමු ජාතික රූපවාහිනිය, මේකෙ ඇවිල්ලා XXXXගේ වීර වික්‍රම යනවා ඇරෙන්න වෙන දෙයක් නං යන්නෑ. මේක බලලා නං කවදාවත් ගොඩ යන්න බෑ jelir.

දෙවනියට අයි නාලිකාව මේක ඉතින් මැච් එකක් සමග ඇඩ් බැලිමට නං හොදයි වෙන දෙයක් නං යන්නෑ.

තුන, මේක ස්වාධීනයිලු. අනේ මට නං කවදාවත් එහෙම පෙනිලා නෑ ඒ නිසා ඒකත් වැඩක් නෑ.

ඊලගට Art TV මේකෙ CNN ප්‍රවෘත්ති නං යනවා ඒත් මට කඩ්ඩ තේරෙන් නැති නිසා මේකත් හරියන්නෑ.

දෙරණ, ස්ටාර් සිද්ධි කොපි කිරීමට වඩාත් දක්ෂ බව පෙනී යනවා. ඒත් අද දෙරණ නං පට්ට බව හැගී යනවා.

මැක්ස්, මේකේ නං මොනවා යනවාද කියා නොදනිමි.

TV බැලීමට යන කාලයෙනුත් වාසි ලැබිය හැකිය. ගෙයක් සමග රන් කාසි දිනා ගැනීමට නං ඔබ රන් දෙපැය නැරඹිය යුතුය. සමහර පුද්ගලයින් මෙයට ගොන් දෙපැය යනුවෙන් අමතයි. ඒ ඇයි දැයි මම නං දන්නේ නැතhah. මේ සුපිරි නිවස ඇත්තේ ජා ඇල ලේක් සිටි වලය. මේ ලේක් සිටි වල මිල අඩුම නිවාසයකුත් රු ලක්ෂ 50 - 60 ඉක්මවයි. නොමිලේම නිවසක් ලැ‍බෙන මෙම රන් දෙපැය අත්හැරීම නං නුවණට හුරු නැත.

සුපිරි නිවසක් සමග සුපිරි බඩු මල්ලක් දිනා ගැනීමට ඔබ නැරඹිය යුත්තේ මොණරාගේ ලකුණ ඇති නාලිකාවයි. පෙර නාලිකාවේ මෙන් නොව මෙහි රන් තුන් පැයක්ම ඇත. මාර ආතල්ය. ජීවන බර වැඩි මේ කාලයේ ජීවන බර අඩු කිරීමට මෙසේ බඩු මල්ලක් දීම පැසසිය යුතුයkenyit. බට් Live @ 8, මුල් පිටුව, ලෝක සිතියම මැක්සා බව නං කිව යුතුමයි.

මේ TV බලන කාලයේ ගේම් එකක් ප්ලේ කිරීම දාහෙන් සම්පතකි.

Friday, September 4, 2009

RJ-45 Ethernet කේබල් එකක් හදමු

කස්ටිය කොහොමද ඉතින්....? දැන් ADSL තියෙන ගොඩක් කස්ටියට තියෙන්නෙ රවුටරයක් නොවැ. ඉතින් මේ රවුටරයත් කොම්පියුටරයත් සෙට් වෙන්නෙ RJ-45 Ethernet කේබල් එකකින්. රවුටරේ ගන්න කොට ඒකත් එක්ක මේ Ethernet කේබල් එකක් ලැ‍බෙනවා. ඒත් ඒක‍ හෙන කොටයි නොවැ. ඉතින් මේ කේබල් එක දිග මදි නිසා ගොඩක් වෙලාවට අළුත් කේබලයක් ගන්න වෙනවා. කේබල් එකක් ගන්න ගියත් කඩේ එකා කරන්නේ මේ කේබල් එකක් හදලා දෙන එක. ඒත් ඒකට ගන්න ගාන නං සාධාරණ නෑ කියලා හිතෙනවා. ඒ නිසා අපිට කේබල් එකක් හදා ගත්තොත් වැඩේ ලේසියි වගේම මුදලත් ඉතුරුයිsenyum. මෙන්න මෙහෙමයි කරන්නෙ.

මේකට ගන්නේ Cat5 Ethernet කේබල් මේවා කොම්පියුටර් බඩු තියෙන කඩ වල තියෙනවා. අවශ්‍ය දිගට මේ කේබල් අරගන්න. (මිටර් 100ට අඩුවෙන්)


තව කේබල් එකේ දෙපැත්ත සෙට් වෙන RJ-45 කනෙක්ටර් දෙකක් ඕනේ වෙනවා. (මේ එකක් රු15 - 20 ක් විතර වෙනවා) මේක සෙට් කරන්න විශේෂ අඩුවක් ඕනේ මේක නං කාගෙන්හරි ණයට ඉල්ලා ගන්න වෙනවා. නැත්නං මේක රු 950/- කට තියෙනවා මෙන්න මෙතන. එකක් ගත්තම ජීවිතකාලයටම ඇතිjelir. එච්චරයි ඕනේ. ආ.. කතුරකුත් ඕනේ.

ඉස්සෙල්ලාම නෙට්වර්ක් කේබල් එකේ තියෙන රබර් කවර් එක අයින් කරගන්න ඕනේ. 2cm විතර ප්‍රමාණයක් කවර් එක අයින් කළාම මෙහෙමයි පේන්නෙ.



දැන් මේක අතුලේ වයර් 8 ක් තියෙනවා. මේ වයර් ටික කලර් කෝඩ් එක අනුව වෙන් කරන්න ඕනේ.... RJ-45 කනෙක්ටර් එකේ පින් 1 එක පටන් ගන්න තැන රූපයේ තියෙනවා. දැන් මේ වයර් 8 සම්බන්ධ වෙන හැටි බලමු.


මේ කේබල් එක කනෙක්ටරය‍ට සවි කරන ක්‍රම 2ක් තියෙනවා එකක් තමයි. කොම්පියුරේ ඉදලා ස්විච් එකකට රවුටරේකට කනෙක්ට් වෙනකොට කනෙක්ටර් දෙකේම වයර් ටික එකම රටාවකට සම්බන්‍ධ කරනවා ඒ පහළ රූපයේ විදියට

එක කොම්පියුටරයක ඉදලා තවත් කොම්පියුටරයකට කෙලින්ම (direct) සම්බන්ධ කරනවා නං කලරි කොඩ් එක මාරු කරන්න ඕනේ. මේකට තමයි cross කේබල් කියන්නෙ. ඒ වයර් එකේ කනෙක්ටර් වලට වයර් සම්බන්ධ කරන්නේ මේ රූපයේ විදියට.

දැන් අවශ්‍ය පිළිවෙලට වයර් ටික හදාගෙන කතුරකින් වයර් ටික එකම ගානකට කපා ගන්න.

දැන් RJ-45 කනෙක්ටර් එක ඇතුලට මේ වයර් ටික දාන්න.‍ මේක එච්චර අමාරු‍ දෙයක් නෙවේ. එතකොට මේ විදියට තමයි පේන්නෙ.


දැන් වයර් ටික ගානට තියෙනවද කියලා ආපහු සැරයක් බලලා, හරියට තියෙනව නං කනෙක්ටරය අඩුව ඇතුලට දාලා තද කරන්න. මේ විදියට වයර් එකේ දෙපැත්තම හදා ගන්න. එච්චරයි.

මේ තියෙන්නේ අවසානට ලැබෙන RJ-45 කේබල් එක.


පින්තූර

Tuesday, September 1, 2009

පාසල් කාළේ... 2

කස්ටිය කොහොමද ඉතින්...? පහුගිය දවස් ටිකේම අනං මනං ගැජට් කෑලි ගැනනෙ ලිය ලිය හිටියේ. ඒ නිසා පාසල් කාළේ 2 වෙනි එක විදයට ඉස්කෝලේ සිද්ධ වුනු තවත් සිදුවීමක් ලියන්න හිතුවා.

මේක වුනේ ඉස්කෝලේ A/L ක්ලාස් පටන් ගත්ත මුල් දවස් වල. මම මැත්ස් නොවැ කළේsenyum. ඉතින් මැත්ස් කරන‍ කොට කෙමිස්ට්‍රි කියලා චොර විෂයක් ඉගෙන ගන්න තියෙනවනේ. අපෝ මතක් වෙනකොටත් පිස්සු වගේsengihnampakgigi. ඒත් A/L පටන් ගත්ත මුල් දවස් වල මාර ආසාවෙන් කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා. මොකද ලැබ් වල අනං මනං එහෙම කරන්න ලැබෙනවනේ. ඔන්න එක දවසක් ලැබ් එකේ පරික්ෂණයක් කරන්න තිබ්බා. ඒ ස්ටොයිකියොමිතිය සෙවීම. (කෙමිස්ට්‍රි කරන උන් නං දන්නවා). ඒකට ඔය තියෙන උපකරණ ටික ඉස්සෙල්ලාම වතුර යොදාගෙන ටෙස් කරල බලන්න කියලා මිස් කිව්වා. ඔතන පිපෙට්ටුව කියලා ගැජට් එකකුත් තිබ්බා. මේ තියෙන්නේ ඒකේ රූපයක්.


මේක ඇවිල්ලා බීම බටයක් වගේ ඒත් මැද ටිකක් ලොකුවට තියෙනවා. (මේකේ උඩ පැත්තෙන් කට තියලා උඩට අදින්න ඕනෙ. එතකොට මැද්දට ද්‍රාවනය පිරෙනවා. ඊට පස්සේ උඩින් ඇගිල්ල තියා ගත්තම පිරුණු ද්‍රාවනය එලියට යන්නෑ.) දැන් ඉතින් පිපෙට්ටු ටික අරගෙන එක එකා ඒකෙන් වතුර උඩට ඇදලා බලනවා. මේ අස්සේ අපේ පන්ති නායකයාට (අපි ඌට නිමල් කියමුකෝ) කවුද සර් කාරයෙක් එන්න කියලා ඒ යකා ලැබ් එකෙන් ගියා. ඒ නිසා ඌට පිපෙට්ටුවෙන් වතුර ඇදලා ඒක ටෙස් කරන්න ලැබුණෙ නෑ. පස්සේ දැන් ඇත්තටම අම්ලයක් පිපෙට්ටුවට පුරවලා පරීක්ෂණය කරන වාරය ආවා. දැන් එක එකා අම්ලය පිපෙට්ටුවට පුරවලා ඒක වෙන අම්ලයකට මික්ස් කරලා බලනවා. දැන් පන්ති නායකයා නිමල් ගෙ වාරයත් ආවා. මිනිහා දැන් පිපෙට්ටුවට ක‍ට තියලා අම්ලය උඩට අදිනවා... ඔය පිපෙට්ටුවේ මැද මහත කෑල්ලට අම්ලය පිරෙන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මේ යකා ෆුල් ඩම් එක දාලා අම්ලය උඩට ඇද්දා. කලින් මේක වතුර දාලා ටෙස් කළේ නැති නිසා මේ යකා අර අම්ලය කටටම ඇදලා ගත්තා hah. දැන් නිමල්ගේ කටේ අම්ලය. පටස් ගාලා අම්ලය එළියට දාලා ඊට පස්සෙ දහපාරක් විතර වතුරෙන් කට හොදලා දැම්මා. දැන් මිනිහගේ කට රතු පාට වෙලා. වෙලාවට අර අම්ලය එච්චර සැර එකක් නෙවේ. පස්සේ මිනිහ‍ට මොනවද වගයක් කට හොදන්න කියලා දුන්නා. කොහොම හරි ස්ටොයිකියොමිතිය සෙවීමත් පැත්තකට දාලා සේරටම ආපහු ක්ලාස් එකට එන්න වුනා.