ඔන්න අද හාහාපුරා කියල සිම් එක මොඩමෙට දැම්මා, අපරාදෙ කියන්න බෑ සිග්නල් නම් තියෙනවා . Prepaid Mobile Broadband ඇක්ටිවේට් කළා. (රු 20 යි, ටෙස් කරන්නනේ) ස්පිඩ් එක නම් එළකිරි. ඇයි මන්දා ගොඩක් අය කියන්නෙ Dialog අප්සැට් කියලා. 300KBps (not kbps) විතර එනවා හැබැයි stable නෑ. මට නම් නිකන් speed එක මැජික් වගේ.
එළ එළ Mac OS X DVD එකක් (3.67GB) බාන්න දැම්මා 250KBps - 300KBps ක් අතර speed එකක් තියෙනවා, පැය 4 1/2 යි යන්නෙ. ඔන්න රු 20 ට දෙන පැය 1/2 ඉවර වුනා 360MB විතර ඇවිල්ලා. IDM එක Pause කරලා දැම්මා රු50 ක්. ඔන්න කනෙක්ට් වුනා. IDM එක resume කරනකොට මෙන්න error මැසේජ් එකක් එනවා resume කරන්න බෑ කියලා. සාමාන්‍යයෙන් imageshack එකෙන් resume support කරනවා (මම වැරදි නම් දන්න අයියෙක් කියලා දෙන්න). පස්සෙ වෙන පොඩි file එකක් softpediaඑකෙන් බාල Pause කරලා නැවත resume කරන්න බැලුවා. බඩු හරිනේ, කලින් error මැසේජ් එකම එනවා. මම හිතන්නේ connection එකේ අවුලක් කියලා. අද තමයි Dialog Prepaid Broadband මුලින්ම පාවිච්චි කළේ. ප්‍රශ්නෙ මොකක්ද කියලා හොයන්න ඕනෙ (කාටහරි මෙහෙම අත්දැකීමක් තියෙනව නම් හරි මේකට විසදුමක් දන්නව නම් හරි මට කියන්න) අපරාදේ කලින් බාපු 360MB. රු50 කුත් දාපු එකේ, මොනව හරි බාන්නත් ඕනෑනේ ඕන මගුලක් කියලා බෑව Ubuntu 9.04. විනාඩ් 50 විතර ආවා හැබැයි. තව පැයක් විතර ඉතුරුයි, හෙට මොනව හරි බාල දානවා. හම්මේ නිදිමතයි....