About

Thursday, May 28, 2009

SATA 3.0 ත් ඇවිල්ලා...




අලි මදිවට කොටි.... මෙන්න SATA 3.0 ත් ඇවිල්ලා. දැන් කාලේ hard drives, solid-state drives, optical drives වල දත්ත හුවමාරුව සදහා භාවිතා කරනු ලබන්නේ SATA interface එකනේ. වර්තමානයේ භාවිතා වන්නේ මෙහි දෙවන ආකාරය වන SATA 2.0 ය. එහි උපරිම දත්ත හුවමාරු වේගය 3Gbps ක්. ඒ කියන්නේ 300MBps පමණ වේගයක්. ඇත්ත‍ටම මේකත් අපේ රටේ Brodband Internet වගේ තමයිsenyum. ඔය කිව්වට එන්නෑsengihnampakgigi. මේකෙන් දෙකෙන් පංගුවක් වත් එනවා නම් මම දැකල නෑ. හරි කතාවට එමුකෝ... ඉතින් මේ නවතම SATA 3.0 වල උපරිම දත්ත හුවමාරු වේගය 6Gbps ක්kenyit. ඒ කියන්නේ 600MBps ක් විතර වේගයක්. භාගයක්වත් එනවා නම් හොදයි.

AMD සමාගම නම් ඔවුන්ගේ ඉදිරියට පැමිණිමට නියමිත Southbridge chip එක වන SB800 එකෙන් මෙම නවතම SATA 3.0 සදහා සහාය දැක්වීමට බලාපොරොත්තු වන අතර Intel සමාගම SATA 3.0 සදහා සහාය දක්වන Southbridge chip එකක් ගැන සදහන් කරන්නේ නෑ. Intel සමාගම ඔවුන්ගේ නවතම CPU එක වන Core i5 සමග මේ දිනවල කාර්ය බහුල වීම මීට හේතුව බවයි බොහෝ දෙනා පවසන්නේ. Intel Core i5 ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


වැඩි විස්තර

Tuesday, May 26, 2009

Need for Speed SHIFT


කස්ටිය කොහොමද ඉතින්..? දවස් 4-5 ක් බිලොගය ලියන්න බැරි වුනා. ලියන්න දේකුත් නෑ. ඉතින් Need for Speed SHIFT ගැන ලියන්න හිතුවා කස්ටිය දන්නවානේ Need for Speed Shift ලගදිම එනවා (දැනටමත් ටොරන්ට් තියෙනවද දන්නෑsenyum). මම දන්න විදියට ඇමෙරිකාවෙදි නම් මේක එළියට දාන්නේ 2009 සැප්තැම්බර් 22. මේකෙ පද්ධති අවශ්‍ය තාවය (system requirements) වෙන්නේ මේ දේවල්. බලන්න කස්ටියට NFS Shift ප්ලේ කරන්න පුලුවන්ද කියල...? මගේ දුප්පත් කොම්පියුටරේ නම් NFS Shift ප්ලේ කරන්න බෑ...nangih



screenshots ටිකක්...





Thursday, May 21, 2009

ගොන් Dialog Broadband වංචාව



ඔන්න Dialog එකේ ගොන් පා‍ට් එකක් ගැන තමයි ලියන්නේ... මම දැන් මේක ලියන්නේ ‍හොදටම පුෂ්පය පැනල marah . මම මේ දවස් වල වින්ඩෝස් 7 RC බාගන්න මාර try එකක් නමයි දෙන්නේ. 2 පාරක් imageshack එකෙන් resume වෙන්නෙ නැතුව රු 100 ක් කුඩු. 3 වෙනි පාරට‍වත් වැඩේ ෆින්ෂ් කරගන්න අද උදේ 3.15ට විතර නැගිටලා වැඩේට බැස්සා. ඔන්න 3.30 ට විතර Dialog Prepaid Mobile Broadband වලට රු 50 ක් දාල කනෙක්ට් වුනා අපෝ speed එක 60KBps - 80KBps අතර. ඔය Speed එකෙන් 2.35GB ක් බානකොට හෙට වෙයි. අනික පැය 2යි නේ තියෙන්නේ. දෙපාරක් විතර Disconnect වෙලා ආපහු connect වුනාම, speed එක හරි ගියා ඔන්න දැන් 250KBps - 300KBps ක් විතර එනවා (ඔය speed එක මගදි 20KBps ත් වෙනවා ඒක වෙනම කතාවක්). වැඩේ හරි ‍‍වගේ පැය 2 යි යන්නේ. ඔහොම පැය 1/2 කුත් ගියා කියමුකෝ. ඔන්න දැන් තමයි ගොන් පාට් එක පටන් ගන්නේ.

එක පාරටම speed එක 0KBps වුනා. හරියට ඒ connection එකේ වෙලාව ඉවර වුනා වගේ. ආයෙත් මම disconnect වෙලා නැවත connect වෙන්න බැලුවා. මෙන්න මැසේජ් එකක් එනවා Invalid Username or Password කියලා. රු 50 දෙන පැය දෙකෙන් තාම හිගින් තියෙන්නේ පැය 1/2 ක් විතර නිසා මම ‍හත් අට පාරක් username, Password ගහල බැලුවා, එකම දේ තමයි එනනේ Invalid Username or Password කියලා. පස්සේ නිකමට Account status and usage බැලුවා. මෙන්න බඩු.... Dialog එක කියන විදියට මම රු 50 ට දෙන පැය 2 ඉවර කරලා වැඩිපුරත් විනාඩි 13 තත්පර 21 ක් internet පාවිච්චි කරලා. හික්.. මුන්ගේ server වලට මීයෝ රිංගලද කොහෙද..? senyum





(ලොකු කරල බලන්න)


බලන කොට මම    එකම වෙලාවේ පැය 1/2 එව්වා 4 ක් පාවිච්චි කරලා තියෙනවා   වෙන්න පුලුවන් වැඩක්ද?

දැන් ඉතින් 3 වෙනි පාරටත් 7 බාන වැඩේ බ්ලාස්. මමත් ඉතින් බල බල හිටියේ නෑ ගත්තා කොල් එකක් කස්‍ටමර් සර්විස් එකට (0777678678 එතකොට වෙලාව උදේ 4.45 ට විතර ඇති) පටස් ගාල කොලු ගැටයෙක් කතා කළා. මම ඉතින් මගේ දුක කිව්වා මූ කියනවා සර් අපේ Prepaid Mobile Broadband සර්විස් එක update කරනවා ඒ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ කියලා, උදේ 6 විතර වෙනකොට account එක reset වුනේ නැත්නම් ආපහු කතා කරන්න කියලා. අනේ ඉතින් මම මොනවා කියන්නද මූට....marah උදේ 6.30ටත් ලෙඩේ හරි ගියේ නැති නිසා ආපහු කතා කළා. ඒ පාර අක්කා කෙනෙක් කතා කළා. අක්කා මගෙන් අහනවා සර් කොහොමද usage බැලුවේ කියල?. මේ අය Dialog එකේ නෙවෙයිද මන්ද වැඩ කරන්නේ?. පස්සේ කිව්වා 0777676576‍ ට කතා කරලා කියන්න කියලා. ඒකටත් කතා කළා තව කොලු ගැටයෙක් විනාඩි 15 ක් විතර මාව ලයින් එකේ තියන් ඉදලා කියනවා මේකයි සර් කම්‍ප්ලේන් නොම්මරය XXXXXXX වැඩ කරන දටස් 2ක් ඇතුලත විසදුමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා තමයි මුන්ගෙ විසදුම්. තවත් ගොන් පාට් එකක් දැන් Hotline එකට මාසයකට දෙපාරයි නොමිලේ කතාකරන්න දෙන්නේ. ඊ‍ට පස්සේ සල්ලි ගන්නවා මරු කස්ටමර් සර්විස්...

දැන් කවුරුහරි හිතයි අපෝ මූට මේ රු 50 ක් නැති වෙලා මූ මෙතන කියවනව කියල. ඇත්තටම රු 50 නෙවේ මෙතන ප්‍රශ්නේ. Dialog ‍ එක මෙතනදි ලොකු වංචාවක් කරලා තියෙනවා හෝ වෙලා තියෙනවා රු 50 ට පැය 2 ක් internet පාවිච්චිය ලබා දෙනවා කියල ඔවුන් කියනවා. නමුත් මට පාවිච්චි කිරීමට ලැබුනේ පැය 1/2 ක් පමණයි. හරිම අසාධාරණයි. රු 400 ක් දාපු එක්කෙනෙකුට මෙහෙම වූනොත්....? තව කීදෙනෙකුට මෙහෙම වෙන්න ඇතිද ....???. අවංකටම මට 7 බෑමත් එපා වූනා. sedih

SLT එකේ ඉදලා අපේ ගෙදරට 8km ක් දුර වුනත් අපි කැමති නම් ADSL ලයින් එක දෙන‍්ක පුලුවන් කියල SLT කියනවා.(සාමන්‍යයෙන් ADSL ලයින් එක දෙන්නේ 4km ක් පමණයි) ඒකවත් අරගෙන බලනවා. මේ HSDPA මගුල් වලට වඩා ඒක හොද වෙයි කියල හිතනවා. (8km දුරට ලයින් එක ගත්තට අවුලක් නැද්ද ?  දන්න එක්කෙනෙක් කියල දෙන්න)

Tuesday, May 19, 2009

එනවා එනවා USB 3.0 නෑ නෑ ආවා




කස්ටිය කොහොමද ඉතින්? මෙන්න මේකයි නිවුස් එක. ලොකයේ පළමු USB 3.0 පාලකය (Controller) Nec සමාගම විසින් හදුන්වා දී තිබෙනවා (May 18, 2009). දැන් බලන්න කස්ටියගේ හාඩ් ඩිස්ක් වල සයිස් එකsenyum, එකෙක් කියයි 160GB තව එකෙක් 250GB, 500GB, 1TB, 2TB දැන් පොඩ්ඩක් හිතල බලන්න මේ ඩේටා (චිත්තර පටි, සිංදු & විඩියෝ තමාsenyum) external HDD එකකට බැකප් කරන්න වුනොත්....? 500GB external HDD එකක් USB 2.0 ‍වලින් පුරවන‍ව කියන්නෙ දවසක්ම යන වැඩක් මෙන්න මෙතනදී තමයි USB 3.0 වැදගත් වෙන්නෙ.

USB 3.0 හරහා Data හුවමාරු වන්නේ 5Gbps වේගයකින්. USB 2.0 වල වේගය 480Mbps පමණයි . නව USB 3.0 පැරණි USB 2.0 ට වඩා 10 ගුණයක් පමණ වේගවත්. උදාහරණයක් වශයෙන් 25GB ගොනුවක් හුවමාරු කිරීමට USB 2.0 හරහා විනාඩි 14 ක් පමණ ගත වන අතර මෙම නව USB 3.0 වලින් 25GB හුවමාරු කිරීමට ගත වන්නේ තත්පර 70 ක් පමණයි. Speed එක තේරෙනවනේ. මෙම USB 3.0 පාලකය පැරණි USB 2.0 සහ 1.1 සදහාද සහය දක්වනු ලබනවා.


වැඩි විස්තර මෙතනින්

Monday, May 18, 2009

නිදහස



ඔන්න දැන් යුද්ධෙත් ඉවරයි. මෙච්චර කාලයක් ශ්‍රී ලංකාවට හෙනයක් වෙලා හිටපු කුරිරු, නිච (මුන්ට කියන්න වෙනම ‍වචනයක් හදාගන්න ඕනෙ) කොටි සියල්ලම පාහේ බ්ලාස් කර අවසානය. මහ කොටියාව නම් මරන්න තිබුනේ ඔහොම නෙවෙයි. ගල් ගහල නැත්නම් උල තියල තමයි ඕකව මරන්න තිබුනේ. කොහොම හරි අවශ්‍ය දේ සිද්ධ වෙලා හමාරයි. මේ නිදහස, යුද්ධයෙන් තොර හෙට දවසක් අපිට ලබා දුන්නාට සියලුම රණ විරුවන්ට, අපේ ජනාධිපති තුමාට, සියලු නිලධාරින්ට, හා කැපවිමෙන් වැඩකළ සියලු දෙනාට පිං.....

හෙට දින පායන නැවුම් හිරු කිරණෙන් ශ්‍රී ලංකාව බැබලේවා... මගේ ශ්‍රී ලංකාවට මම ආදරෙයි...

Sunday, May 17, 2009

Windows 7 අසුරනය

කස්ටිය කොහොමද ඉතින්. ටික දවසකින් බ්ලොග් ලියන්නත් බැරි වුනා‍. ඔන්න දැන් වින්ඩෝස් 7 ලග ලගම එනවානේ. දැනටමත් 7 RC එක නිකුත් කරලා සමහර අය නම් දැන් RC දාලත් ඉවරයි. ම‍ට නම් තාම බාගන්න බැරි වුනා. Dialog Prepaid Broadband වලින් ඕක බානකොට ඉතින්.... marahදෙපාරක් ImageShack එකෙන් resume කරන්න බැරිව රු100 ක්ම කුඩු. මටමයි වෙන්නෙ.

ඔන්න වින්ඩෝස් 7 සිල්ලරට විකුන්නේ මෙන්න මේවගේ පෙට්ටියක දාල තමයි. සල්ලි දිල වින්ඩෝස් 7 ගන්න අයට තමයි ලැබෙන්නේkenyit


වැඩි විස්තර මෙතනින් (පින්තූරත් ගත්තේ එතනින්senyum)

Wednesday, May 13, 2009

ගුවන් යානයක එන්ජිමක් තුලට කන්ටේනරයක් ඇදි යයි ???

Los Angeles ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී (JAL) Japan Airlines ආයතනය‍ට අයත් ගුවන්යානයක එන්ජිමක් තුලට බහාලුමක් ඇදී ගොස් තිබෙනවා. senyum




මේ නිසා කිසිවෙකුටත් අනතුරක් සිදු වී නෑ. බහාලුම එන්ජිමට ඉතා ආසන්නයේ තිබීම නිසා මෙය සිදු වු බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ අවස්ථාවේදි මගින් 245 ක් පමණ එම ගුවන් යානය තුල සිට තිබෙනවා.

Sunday, May 10, 2009

Dialog වෙනස් වීම

නිවුස් එක පරණද මන්දා...? මම අද ‍ටීවි එකේ ඇඩ් එකක් දැක්කා Dialog එක අලුත් logo එකක‍ට බැහැලනේ. Dialog එකට ගිහින් බැලුවා, කතාව ඇත්ත.




පරණ එක හොදයි වගේ. ඒත් නරකමත් නෑ. Logo එක වෙනස් කළාට මදි. සවිස් එකත් අලුත් වෙන්න ඕනෙ...senyum



ප.ලී

මෙන්න අර Dialog එක ගත්තා කියන සමාගමේ ලෝගෝ එක. දෙකම එක වගේkenyit. හික් හික්.... (axiata)







Friday, May 8, 2009

මටත් LCD මොනිටරයක්

ඔන්න ඉතින් ම‍ටත් LCD මොනිටරයක් ලැබුණා. මම අවු 4 ක් ම පා‍විච්චි කළේ Philips 17 Flat මොනිටරයක්. මටම කියලා කොම්පියුටරයක් ලැබුනේ 2005 දි, එදා ගත්තු මොනිටරේ තමයි මේ වෙනකම්ම පාවිච්චි කළේ. ස්ක්‍රින් ෆිල්ටරයක් වත් නැතුව ඒක පාවිච්චි කරලා මගේ ඇස් දෙකත් බාගෙට පොට්ට වෙලා.

            LCD මොනිටරයක් ගන්න එක නම් අවුරුදු කිපයක ඉදලා තිබුණු හීනයක්. මම ගත්තේ Asus 19” Widescreen (Asus VW198T) මොනිටර් එකක්. මේක 1680 x 1050 Resolution තියෙන මොනිටරයක්. ම‍ට නම් මේක‍ට වියදම් වුනේ රු15000 ක් විතරයි (B/N එකක්). ලාබයි කියලා හිතෙනවා. Power Consumption එකත් 40W ක් විතරයි. පරණ 17 CRT එකට නම් 70W ක් විතර යනවා. DVI හා ස්පීකර් එහෙමත් තියෙනවා ඒත් Sound quality එකනම් සවුත්තුයි. Picture quality එකනම් එළ ඒ ඇති..


Tuesday, May 5, 2009

බම්බලපිටියේ සිට කොටුවට පැමිණිම‍ට පැය 1 යි විනාඩි 20 ක් ?

ඔන්න අද උදේම මම පොඩි වැඩකට බම්බලපිටියට ගියා, 11ට විතර මම කරගන්න ආපු වැඩේ කරගෙන 11.15 ට විතර ගෙදර එන්න කොටුවට යන බස් එකකට නැග්ගා. (අපිට කොයින්ද කාර්...?) මගදි මාර ට්‍රැ‍ෆික් එකකට අහු උනා. දැන් බස් එක කොට කොටා ඉස්සරහ‍ට යනවා (වින‍ාඩියකට අඩියක් විතර) ඔහොම ඇවිල්ලා ඇවිල්ලා පැය 1 යි විනාඩි 20 කට විතර පස්සෙ කොටුවට ආවා. එපාම වුනා. මම නම් හිතුවේ අනතුරක් නිසා ට්‍රැෆික් එක ඇතිවෙලා කියල. මොන පිස්සුද....? මිනිස්සු කට්ටියක් පාර  මැද ඉදගෙන උද්ගෝසනක් කරනවා. එක වා‍හනයකටවත් යන්න ඉඩ නෑ. ඇත්තටම මේ උද්ගෝසනයට හේතුව නම් මම දන්නෙ නෑ. ඒත් මේ අයට පා‍ර අවහිර නොකොර ඉන්න තිබ්බා. මේ නිසා තවත් මිනිස්සු කි දෙනෙක් අපහසුතාවය‍ට පත් වෙනවද?  

Sunday, May 3, 2009

AMD සමාගම සිය 40 වැනි උපන්දිනය සමරයි


(පින්තූරය www.legitreviews.com ගෙන්)

ලෝ ප්‍රකට AMD (Advanced Micro Devices) සමාගම සිය 40 වැනි උපන්දිනය පසුගිය 1 වැනි දින (2009 May 1) සැමරුවා. 1969 මැයි මස ආරම්භ කළ AMD සමාගම Desktop CPUs, Mobile CPUs, Chipsets, GPUs ආදී දෑ නිපදවයි. AMD Athlon 64 x2, 45nm AMD Phenom II x4 ඔවුන්ගේ පෙරළිකාර නිෂ්පාදනයි. ඔවුන්ගේ 40 සැමරුම වෙනුවෙන් අපූරු කරගයක්ද ආරම්භ වී තිබේ. ඔබ AMD ට ආදරය කරන කෙනෙක් නම් එය කොතරම් දැයි vedio clip එකක් හෝ Photo එකක් සකස් කිරීමෙන් ඔබට Radeon HD 4890/4650 Graphics cards හා AMD phenom II x4 Processor දිනාගැනීමේ අවස්ථාවක්ද හිමියි. වැඩි විස්තර සදහා

Friday, May 1, 2009

ලෝකයේ පළමු 40nm Graphics Card එක AMD/ATI සමාගමෙන්...


AMD/ATI සමාගම ලෝකයේ පළමු 40nm GPU(Graphics Processing Units) එක නිපදවා වෙළදපොළට එවා හමාරයි. එය වෙළදපොළට ආවේ ATI Radeon HD 4770 නමින්. මිල නියම වෙලා තියෙන්නේ US $100 කට. $100 යේ මුදල් සීමාවේ දැන‍ට රජ කරන්නේ ATI Radeon HD 4830 හා Nvidia GeForce 9800GT. නමුත් මේ Graphics Card දෙකටම වඩා performance නව Radeon 4770 Graphics Card එ‍කේ තිබෙනවා. දැන් අපි බලමු 4770 Specifications


(ඔන්න මම පින්තූර හොරකම් කළේ නෑ senyum en.expreview.com & www.legitreviews.com ගෙන්)


Radeon 4770 Graphics Card එකේ වැදගත් දේවල් කීපයක් තියෙනවා, ඒ තමයි නවතම 40nm GPU එකක් භාවිතා කිරීම, 512MB GDDR5 Memory භාවිතා කිරීම, සහ Low power consumption එක ($100 වෙනත් Graphics Card කාඩ් එකකට සාපේක්ෂව ඉතා පහල මට්ටමක පැවතීම - 80W), DX 10.1 සහාය, PCI Express 2.0 x16 bus සහාය, OpenGL 3.0 සහාය, වැඩි දියුණු කළ 7.1 channel audio සමග HD video playback

Memory Bus එක 128bit කියලා දුක්වෙන්න ඕනෙ නෑ, මේක GDDR5 මතකයක්. මෙහි Memory Bandwidth එක GDDR3 256bit ‍මෙමරි Bandwidth එකක‍ට සමාන වෙනවා. මීට පෙර GDDR5 Memory භාවිත කර තිබුනේ ඉතාම ඉහළ මටිටමේ Graphics Card වන ATI/AMD Radeon HD 4870, 4890, 4870 X2, යන Graphics Card වල හා සමහර non reference Radeon HD 4850 කාඩ් වල පමණයි.


Transistors මිලියන 826 ක් තිබෙන 4770 කාඩ් එකේ GPU එක රුපියලේ කාසියක් තරම්


(ඔය RV740 කියන්නේ 4770 GPU එක අනිත් RV770 කියන්නේ 4850, 4870, 4870 X2 වල තියෙන GPU එක, සයිස් එක තේරෙනවනේ )


මෙම 4770 කාඩ් එක CrossFire X සදහා ද සහය දක්වනවා. සල්ලි තියෙනව නම් 4770 කාඩ් 4 ක් වුනත් එකට සම්බන්ධ කරලා වැඩ කරන්න පුලුවන් (ගේම් ප්ලේ කරන්න senyum) benchmark ටිකක් en.expreview.com එකෙන් ගත්තා. 4770 කාඩ් එක පාවිච්චි කරනවා නම් පවර් සප්ලයි එක 450W හො‍් ඊට වඩා වැඩි විය යුතු අතර PSU එකේ 12V වල ඇම්පියර් ගණන 26A හො‍් ඊට වඩා වැඩි විය යුතුයි. 6pin PCI Express ප‍වර් කනෙක්ටර් එකක්ද ඕනෑ වේ.



මිලදී ගන්න ඕනෑ නම් මෙන්න Newegg kenyit( ඒත් අවාසනාවකට newegg ලංකාව‍ට Ship කරන්නේ නෑsedih)

ප.ලි - මේ වගේ ලිපියක් මම ලිව්වෙ පළවෙනි වතාවට වැරදි ඇත්නම් සමාවෙන්න.