කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ බල්ලන් ගැන. බල්ලො කියපුවාම සෑහෙන බලු වර්ග ප්‍රමාණයක් ලෝකයේ ඉන්නවා. ඔය සේරම ගැන නං මං දන්නේ නෑ. ලංකාවේ බහුලව ඉන්න බල්ලන් වර්ග කීපයක් ගැන පොඩි දේවල් ටිකක් ලියන්නංකෝ. ලංකාවේ නං වැඩියෙන්ම ඉන්නේ German Shepherd, Labrador Retriever, Golden Retriever, doberman, boxer, rottweiler, Dalmatian, Pomeranian , Ridgeback වගේ බල්ලන් තමා. ඒත් මේ සේරටම ලංකාවේ ගොඩක්ම ඉන්නේ වල් බල්ලෝ
German shepherd ලා මුලින්ම ගමුකෝ. කියන විදියට නං බුද්ධිමත් බල්ලන් විශේෂයක්. ගොඩක් පොලිස් සුනඛයන් GS ලා. train කරන්න ගොඩක් ලේස්යි කියලා තමා කියන්නේ. ඒත් හොඳට train කරපු ගෙදරක ඉන්න GS කෙනෙක් නං මම දැකලා නෑ. සෑහෙන ලොකුවට හැදෙනවා. තමන්ගේ පවුලටත් ඉතාම ලැදියි. ලංකාවේ GS කෙනෙක් රු 8000 සිට 15000/ 20000 අතර මිලක් වෙනවා. CKC ලියාපදිංචි බල්ලන් නං මීටත් වඩා මිල වැඩියි. (Picture)
Labrador Retriever ඉතාම බුද්ධිමත් සුනඛ විශේෂයක්. පොලිස් සුනඛයන් විදියටත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මිනිසුන්ව හපා කන්නේත් නැ. ලෝකයේ නං වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙන්නේ LR ලා. train කරන්නත් සෑහෙන පහසුයි. තමන්ගේ පවුලටත් කුඩා ළමයින්ත් ඉතාම ලැදියි. ලංකාවේදී නං LR ලාගේ මිල තරමක් වැඩියි. සාමාන්‍යයන් රු 17000 - 25000 ක් විතර වෙනවා. තනි කළු, ගෝල්ඩ්, චොකලට් වර්ණ වලින් ලබාගත හැකියි. (picture)
Doberman තරමක් සැර සුනඛ විගේෂයක්. ගොඩක් වෙලාවට මිනිසුන්ව හපා කන්න පෙළඹෙනවා. නම්‍රත් තමන්ගේ ස්වාමියාට නං ඉතාම ලැදියි. සෑහෙන බුද්ධිමත්. Doberman ලා ඉපදි දවස් 10 ක්න් විතර මොවුන්ගේ වලිගය කපා දමනවා. තුනී ලෝම පිහිටන නිසා නඩත්තුව තරමක් පහසුයි. ලංකාවේදී නං රු 8000 සිට රු 10000/15000 අතර මිලකට නියම වෙනවා. (picture)
Boxer තරමක් විශාල සුනඛ විශේෂයක්. ඉතාම ශක්තිමත් හකු වලින් boxer සමන්විතයි. ඒ කියන්නේ boxer එකෙක් හැපුවොත් නං සොරි.කොම්. සැහෙන දිග දිවකුත් boxer ලාට පිහිටනවා. ඒත් පිළිකා සෑදීමේ අවදානමක් බොක්සර්ලාටා තිබෙනවා. ඉතාම ක්‍රියාශිලි සුනඛ විශේෂයක්. ලංකාවේදි මිල නං රු 10,000 ත් 25,000 ත් අතර වෙනවා. (picture)
Rottweiler විශාලව වැඩෙන සුනඛ විශේෂයක්. ඒ වගේම ඉතා සැර සුනඛ වර්ගයක් වන අතරම නිතරම වෙනත් බල්ලන් සමග ආරවුල් ඇති කරගනි. මිනිසුන්ව හැපාකෑමේ සම්භාවිතාවත් වැඩියි. මොවුන්ගේ සපා කෑම් නිසා මිනිසුන් මරණයට පවා පත් වී තිබෙනවා. නමුත් තමන්ගේ පවුලට ඉතාම ලැදියි. මිල නං ඉතාම ඉහළයි. ලංකාවේදී නං එක පැටවෙක් රු 30,000 කට වඩා මිලයි. (picture)
Pomeranian ගොඩක් ගෙවල් වල මේ සුනඛයින් ඉන්නවා. දිග ලෝම නිසා නඩත්තුව නං තරමක් අපහසුයි. තරමක් කුඩා සුනඛ විගේෂයක්. සාමාන්‍යයෙන් රු 5000 කට පමණ ලබා ගත හැකියි.
තව නං ගොඩක් බල්ලන් වර්ග ලංකාවේ ඉන්නවා. දැනට ඔය ඇති. අපේ Google බස් එකේ යන කස්ටිය විසින් සංවිධානය කරපු බ්ලොග් සතිය වෙනුවනේ තමා හදිස්සියේම ලිව්වේ. ඕං ඉතින් මේකේ වැරදි එහෙම තියෙනවා නං හදන්න. බල්ලන්ගේ ගණන් නං පුද්ගලිකව විමසපු ඒවා. අනෙක් විස්තර නං එහෙන් මෙහෙන් හොයාත්තු ඒවා. ගොඩක්ම Wikipedia වලින්. අවසාන වශයෙන් කියන්න ඕනේ ඔෆීසයේ සිට බ්ලොග් ලියන එක නං මහ කැත වැඩක් .