කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල මොනවද නිවුස්? ආ.. දැන් අපිට පැරණි සිංහල සිංදු ෆෝරම් එකක් තියෙනවනේ.
. සිංහල ගී කෙම්බිම තමයි නම
http://sinhalasindu.forumotion.com/ වලින් කස්ටියටත් සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් ලග පැරණි සිංහල සිංදු තියෙනව නං මේ ෆෝරම් එකට අප්ලෝඩ් කරන්න. ඒත් ඉස්සෙල්ලාම
ඇඩ්මින්ගේ නිවේදනය කියවන්න කියලා ඉල්ලා සිටින්න ඕනේ. ඔය රැප් කෑලි අනං මනං සිංදු නං අප්ලෝඩ් කරන්න එපා කියලා ඉල්ලා සිටින්න ඕනේ
.
ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. දැන් මේකට සිංදු දාන්න. ස්පේස් එකක් ඕනේනෙ. ඒ සදහා Free File Hosting කරන වෙබ් සයිට් පාවිච්චි කරන්න පුළුවන්. සිංදු විතරක් නෙවේ. තමන්ගේ පුද්ගලික ෆයිල්, CV එහෙම මේ Free File Hosting සයිට් වලට දාලා තිබ්බොත් තමන්ට අවශ්‍ය වෙලාවට ලෝකයේ ඕනෙම තැනකින් එළියට ගන්න පුළුවන්. ඒකට ප්‍රයෝජනවත් වෙන Free File Hosting Services ලෝකයේ ඕනෑ තරං තියෙනවා. සමහර සයිට් වල Unlimited space එකක් දෙනවා (Unlimited කිව්වට ඒ ගැන වෙනමම කතා කළ යුතුයි - හරියට Dialog Brodband වගේ
) සමහර සයිට් limited space ද ලබා දෙනවා. මට හිතට අල්ලලා ගිය Free File Hosting සයිට් කීපයක් තමයි මේ.
4sharedකවුරුත් දන්න සයිට් එකක්. ලෝකයේ බොහො දෙනෙක් භාවිතා කරනවා. 5GB Free space ලබා දෙන අතර Direct link ලබා නොදේ. download resume කිරිමටද හැකියාවක් නැත. උපරිම අප්ලෝඩ් කළ හැකි ෆයිල් සයිස් එක 100MB යි. තරමක් කුඩා ෆයිල් වලට හොදින්ම ගැලපෙයි
FileDenමෙහි 1GB ක ඉඩක් ලබා දෙනවා. මාසයකට 5GB ක bandwidth එකක්ද ලබා දෙනවා. directlink ලබා දෙන අතර එක වරකදි උපරිම 50MB ක් අප්ලෝඩ් කළ හැකිය. බ්ලොග් වලට දමන ඉමේජ් සදහා වඩාත් සුදුසුයි.
MediafireFree account වෙනුවෙන් අන්ලිමිටඩ් Space එකක් සපයයන අතර Unlimited bandwidth ද සපයයි. වරකට 100MB ෆයිල් අප්ලෝඩ් කළ හැකිය. තරමක් විශාල ෆයිල් සදහා ගැලපේ. sinhalasindu ෆෝරම් එකට සිංදු අප්ලෝඩ් කරීමට හොදින්ම ගැලපේ.
FileFrontUnlimited ස්පේස් එකක් සපයන අතර. 600 MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැක. වඩා විශාල ෆයිල් සදහා ගැලපේ. Unlimited bandwidth ද සපයයි. directlink නැත.
Turbo upload5GB ස්පේස් එකක් නොම්ලයේ සපයන අතර 500MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැකිය. දින 3 කට 3000MB ක Bandwidth ද ලබා දේ. resume සපෝට් කරන්නේ නැත. Premium accounts සදහා 50GB ක ඉඩක් ලබා දේ.
ImageShack5GB ක ඉඩක් නොමිලේ ලබා දේ. මෙහි වඩාත්ම ප්‍රයෝජනවත් සේවාව වන්නේ, ටොරන්ට් download කිරිමට ඇති හැකියාවයි. ටොරන්ට් address එක ImageShack වෙතට ලබා දුන් විට, ටොරන්ට් සයිට් එකේ සිට ImageShack වෙත download වීම සිදු වේ. පසුව අපිට ඒ download වු ෆයිල් එක ලබා ගැනීමට හැකිය.
SkydriveMicrosoft මගින් ලබා දෙන Free File Hosting සේවාවකි. 25GB ස්පේස් එකක් සපයයි. එකවර 50MB ක ෆයිල් upload කළ හැක. Unlimited bandwidth ලබා හා directlink ලබා ගත හැකිය. අවශ්‍ය වන්නේ hotmail/live ලිපිනයක් පමණි.
මෙතන තියෙන්නේ ජංජාලයේ තිබෙන Free File Hosting වලින් ඉතාම සුළු ගණනකි. මීට වඩා පහසුකම් සහිත සේවා ඕනෑ තරම් තිබේ. ජංජාලයේ සයිට් වල පහසුකම් සසදා බලා තමන්ට ගැලපෙන සේවා සපයන්නා තෝරා ගත යුතුය. මේ
ලිස්ට් එකෙන් තවත් බොහෝ Free File Hosting සයිට් හා විස්තර සොයා ගත හැකියි