කස්ටිය කොහොමද ඉතින්..? ඕං ටික දවසකට පස්සේ ආයෙත් බ්ලොග් එක මතක් වුනා . ඕං මමත් Snow leopard දැම්මා. ඉස්සෙල්ලාම මට snow leopard DVD එකක් දීම ගැන ගයන්තට ස්තූතිවන්ත වෙන්න ඕනේ . මීට ඉස්සෙල්ලත් මම Mac OS දාලා තිබුණා. ඒ 10.5.2 වර්ෂන් එක. ඒකේ අවුල් කීපයක්ම තිබුණු නිසා වැඩිය පාවිච්චි වුනේ නෑ . ලොකුම අලය තමා resolution එක මගේ මොනිටරයට අවශ්‍ය විදියට වෙනස් කරන්න නොහැකි වීම. ඉතින් ඕක ඉන්ස්ටෝල් කරන්න නං එච්චඑර කරදර වෙන්න උවමනා වුනේ නෑ. එක පාරින්ම බබා වගේ ඉන්ස්ටෝල් වුනා . ඒත් එච්චර ලේසියට Snow leopard දාගන්න නං පුළුවන් වුනේ නෑ. දවස් 2-3 ක් කටු කාලා තමයි දාගත්තේ. අතුරු කතා හලලා කෙටියෙන් කියන්නංකෝ සිද්ධිය
මම SL ඉන්ස්ටෝල් කරනකොට DVD එකේ read error එකක් ආවා. වෙන DVD එකකින් ට්‍රයි කරත් ඒ error එකම ආවා. පස්සේ SL ඉන්ස්ටෝල් කිරීමත් එපා වෙලා ඉන්නකොට තමයි Hazard Forum එකෙන් උදවු ගන්න මතක් වුනේ. (මම දැම්මේ www.leohazard.com මගින් හැදූ Mac OS SL DVD එකක්) ඉතින් Forum එකේ රවුං ගහන කොට තමා දැනගත්තේ Snow leopard සඳහා IDE HDD, IDE DVD Drive සහාය නොදක්වන බව . ඒත් මගේ DVD Drive එකත් HDD එකත් SATA වුනාට Motherboard එකේ BIOS මගින් SATA Drives IDE විදියට වැඩ කරන්න තමයි settings හදලා තිබුණේ. පස්සේ SATA Drivers IDE mode වෙනුවට AHCI Mode තෝරලා Install කරන්න පටන් ගත්තම අර කලින් read error ආපු DVD හොඳින් වැඩ කරලා Mac OS ඉන්ස්ටෝල් වුනා. ඒත්....
ඊලඟ අලය, ඉන්ස්ටොල් වෙලා ඉවර වෙලා, කරදරයකින් තොරව Boot වුනා කියමුකෝ.., සිරාම Video එකකුත් play වෙලා ඔය නම ගම රට ආදි විස්තර අහන්න ගත්තා .
පස්සේ පරණ Mac එකකින් data transfer කරන්න පහසුකම් සලසන Do You Already Own a Mac වින්ඩෝවෙන් එහාට යන්නේ නෑ.. දෙතුන් පාරක් restart කළත් Already Own a Mac වින්ඩෝවෙන් එහාට යන්නේ නෑ. පස්සේ ආයේ Google කරලා බලනකොට උත්තරේ ලැබුණා. මෙන්න උත්තරේ. ඒත් ඕක කොරන්න ගිහිල්ලා මැක් එක Boot වෙන එකත් නතර වුනා . මොකක් හරි කමාන්ඩ් එකක් වරදින්න ඇති. උත්තරේට අනුව. ඒ ලෙඩේ එන්නේ Network කාඩ් එක නිසා. පස්සේ මම On board Network card එක disable කරලා තවත් Motherboard එකේ තියෙන අනවශ්‍ය කෑලි disable (serial, parallel ports) disable කරලා ආයෙත් Snow leapard දැම්මා. මෙන්න බාබා වගේ වැඩ . කලින් 10.5.2 වල තිබුණු අවුල් හැම එකක්ම වගේ විසඳිලා තිබුණා. මේ තියෙන්නේ මගේ Desktop එක.
resolution, Audio, සියල්ලම වගේ හොඳින් වැඩ කරනවා. Huawei E160 ත් කරදරයකින් තොරව දාගන්න පුළුවන් වුනා. හැබැයි මගේ වෙබ්කෑම් එක නං වැඩ කළේ නෑ. සිංහලත් අකුරක දෙකක පොඩි අලයක් තිබ්බා. සිංහල ටයිප් කිරිමට නං qsfox addon එකේ පිහිට තමා.
ඉතින් Mac OS Snow leopard Install කරන්න යන අයට මගේ අත්දැකීම අනුව පොඩි දේවල් ටිකක් කියන්නං
1. Image එක බාලා, රු 20 DVD වලට Burn කරන්නේ නැතුව හොඳ DVD එකක් පාවිච්චි කරන්න
2. අනිවාර්යයෙන්ම SATA DVD Drive හා SATA HDD භාවිතා කරන්න.
3. Motherboard එකෙ BIOS වලින් SATA mode එක AHCI වලට හරවන්න. මේක නොකොළොත් SL ඉන්ටෝල් වුනත් Boot වෙන්නේ නං නැත . ඒත් අනෙක් අලය තමා මේ AHCI mode එකේදී Windows XP වැඩ කරන්නේ නැත . ඒ ගැනත් පොඩ්ඩක් සැලකියමත් වෙන්න
4. SL ඉන්ස්ටෝල් වෙලා boot වුනත් Already own mac වලින් එහාට යන්න බැරි නං Network කාඩ් එක BIOS වලින් Disable කරන්න.
5. Serial ports, parallel ports වගේ එවා Disable කරන්න.
6. Customize වලදී හරියටම තමන්ගේ මැසිමට ගැලපෙන option එක විතරක් තෝරන්න.
7 Onboard VGA පාවිච්චි කරන්නේ නැතුව ගණන් අඩු nvidia වගේ VGA කාඩ් එකක් පාවිච්චි කරන්න.
මෙන්න ලින්ක් ටික
Hazard
මෙන්න Forum ලින්ක් එක
මෙන්න ටොරන්ට් ලින්ක් එක
මෙන්න Rapid ලින්ක් එක