About

Tuesday, October 6, 2009

මේ දවස් වල මම

කස්ටිය කොහොමද ඉතින්...? මේදවස් වල මම නං ටිකක් සෝක මූඩ් එකෙන් තමයි ඉන්නේ. class එකට යන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගෙයි. උදේට හිතුනොත් යනවා. නැත්නං නෑ. ට්‍රේනින් කියලා එකක් තියෙනවා මෙලෝ රහක් නෑ. දැන් නං මේ ක්ලාස් වලට ගිහිල්ලා හරියන්නෑ. පොඩ් ජොබ් කට්ටක් වත් හොයා ගන්න ඕනෑ. අපිත් දැන් එන්න එන්න වයසට යනවා නොවැ.

ඉතින් දෙයියනේ කියලා ගෙදර ඉන්න දවසකට මොකක් හරි වැඩක් කරන්න පටන් ගන්නකොටම මොකෙක්ගෙන් හරි කෝල් එකක් එනවා එක්කෝ කියයි මැසිම වැඩ නෑ, ජනේලයක් දාලා දීපන්, marahඔය වගේ එකක්. මේ ළඟදි ඔන්න එකෙක්ට වින්ඩෝස් 7 ඕනෙලු. මිනිහගේ මැසිම Celeron 2.80GHz. 512 රැම් 80HDD එකක්. හැබැයි ඒකේ පොඩි අවුලක් තියෙනවා. 1st Boot එක CD කරලා CD එකෙන් Boot වෙනකොටම මැසිම off වෙනවා. මෙහෙම ලෙඩක් නං මම ජීවිතේට දැකලා නෑ penat. ‍Ubuntu දැම්මත් ජනේලයක් දම්මත් එකයි. DVD drive එකත් අළුත්ම එකක්. පස්සේ ඒකට දාලා තිබ්බ XP එකේ ඉදන්ම වෙන පාටිෂන් එකක් Format කරලා Win 7 දම්මා. අපෝ.... මල චාටර්. start එක ක්ලික් කරලා තත් 5 කට විතර පස්සේ ස්ටාට් මෙනු එක එනවා. මටම එපා වුනා. ඒත් මිනිහට හොඳයිලු. 7 වල තියෙනවනේ අර Harware වලට ලකුණු දෙන පොඩි ගැජට් එකක් windows index experience කියලා. ඉතින් ඕක බැලුවම Celeron 2.80GHz Processor එකට ලකුණු 1.4 ක් ලැබිලා. Intel Atom 1.60GHz Processor එකටත් 2.3 ක් විතර ලකුණු ලැ‍බෙනවා.

හැමදාමත් වගේ ටෙලිකොමා සමඟ නං පුෂ්පය පැනලා ඉන්නේ. ෂික් මුං මට ADSL activate කරලා දෙන්නෑනේ. සර් සිග්නල් පාස්වෙන්නෑ, කියලා තමයි කියන්නේ. ඔන්න දැන් ටෙලිකොමාත් Wimax දෙන්න යනවලු. ඒකවත් ගන්න ලැබුණොත්. ඒත් ලංකාවේ WiMax = චාMax jelir. මේකත් චා වෙයිද දන්නෑ. ඒ අතරේ මොබිටෙල් 2GB පැකේජ් එක 4GB කළා senyum . ඒකනං ලොකුම සහනයක්. ADSL වැඩේට තව ටික දවසක් ට්‍රයි කරලා බැරිම වුනොත් මොබිටෙල් 8GB එකටවත් මාරුවක් දාගන්නවා.

අර හිරු FM කියලා එකක් තියෙනව නේද? ඔන්න ඊයේ හිරු FM එකේ කියනවා Vista සිංහල UI එකේ screen shot එකක් එවන්නලු. තරඟයක් තියෙනවා රු 10,000 ක් දෙනවාලු. මේල් address එක නං මතක නෑ. කස්ටිය VB එකේ හරි vista සිංහල UI එක දාලා screen shot එකක් යවන්න. පෙර කරුමයකට වත් පාත් වුනොත් රු 10,000ක් නේ sengihnampakgigi. හිරු FM අහලා මේල් address එක හොයාන්න.

7 comments:

Chrishi said...

anna keels super eke dialog unlimited package ekak denawa ! poddak hoyala balanna ikmanata !!

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මචං උබට හිරු එකේ ජොබක් ලැබුනද? :D

Thilina said...

@Chrishi

තෑන්කු වේවා... බට් ඩයලොග් නං එපා. ඕක අන්ලිමිටඩ් කිව්වට 5GB තමයි දෙන්නේ :)


@ushan

හික් හික්..., එහෙමවත් ජොබ් එකක් තියෙනව නං කොච්චර හොඳද? :P

දුකා said...

me male win 7 free denawada? credit card eken gewanna onada download kara ganna? magea gedhara pc eke mona magulak karala wat sinhala font hariyata view wenna daganna bane . . . ! ekek kiwwa win 7 dammoth hari yai kiyala . . moko kiyanne?

Thilina said...

@දුකා

මම යාළුවට දාලා දුන්නේ Win 7 RC එක. ඒක මාර්තු මාසේ වෙනකං free දෙනවා. අප්ඩේට් හිටන් එනවා. ඒකේ පෙරනිමියෙන්ම සිංහල හොඳට පේනවා. කිසිම software එකක් දාන්න ඕනෙ නෑ. හැබැයි සිංහල ටයිප් කරනවා නං පොඩි software එකක් දාන්න ඕනෑ.

http://locallanguages.lk/files/VistaQuickFix.exe

ශාකුන්තල | Shaakunthala said...

බූටිං ලෙඩේ අමුතු එකක් තමා.. මං මේ කල්පනා කළේ මොකක් වෙන්න පුළුවන්ද මේ අවුල කියල... නෝ අයිඩියා... :(

Thilina said...

@ශාකුන්තල

මටත් නෝ අයිඩියා. CD එකෙන් බූට් වීගෙන එනකොටම මැසිමෙ power off වෙනවා. power supply අවුලක්ද, බෝඩ් එකේ අවුලක්ද දන්නෑ.

Post a Comment