About

Saturday, January 23, 2010

2009 දී අන්තර්ජාලය

කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි සෑහෙන දවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ.. මේ දවස් වල වැඩ වැඩ වැඩ.. bising අනෙක ලියන්න දේකුත් නෑ. මේ දවස් වල ඡන්දෙනේ.. ඉතින් ඡන්ද ඇඩ් දාන්නෙත් නෙට් එකේ youtube ගියත් වෙන සයිට් එකකට ගියත් ඡන්ද ඇඩ්. ඉතින් නෙට් එක අපිට කොච්චර සමීපද කියලා හිතෙනවා ඉතින් පහුගිය 2009 අවුරුද්දෙ අන්තර්ජාලය කොහොමද තිබුනේ කියලා බැලුවොත් ඇත්තටම පුදුම හිතෙනවා.

පහුගිය අවුරුද්දේ බිලියන 1.4 ක කස්ටියක් විසින් emails ට්‍රිලියන 90 (90 trillion) ක් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ දවසකට emails බිලියන 247 ක් විතර හුවමාරු වෙනවා. මේ emails වලින් 81% ක්ම ස්පෑම්.. garupale කොච්චර bandwidth එකක් නාස්ති කරලා තියෙනවාද කියලා හිතලා බලන්න bising. ඒවගේම 2009 දී අළුත් email user ලා මිලියන 100 ක් අන්තර්ජාලට එකතු වෙලා තියෙනවා.

web sites ගැන කතා කළොත් මිලියන 243 ක වෙබ් සයිට් ප්‍රමාණයක් 2009 දෙසැම්බර් වෙනකොට තිබිලා තියෙනවා. 2009 දී අළුත් වෙබි සයිට් මිලියන 47 ක් පමණ අන්තර්ජාලයට එකතු වෙලා. මිලියන 126 ක blog සයිට් ප්‍රමාණයකුත් අන්තර්ජාලයේ තියෙනවා. Domain Names ගැන බැලුවොත් මිලියන 81.8 ක .com Domains සහ මිලියන 76.3 ක country code top-level domains (අර .lk වගේ ඩොමේන්ස් garupale) 2009 අන්තිම වෙනකොට අන්තර්ජාලයේ තිබිලා තියෙනවා.

අන්තර්ජාලය භාවිතා කරන පිරිස බැලුවොත් බිලියන 1.7 ක පිරිසක් 2009 සැප්තැම්බර් වෙනකොට අන්තර්ජාලට භාවිතා කරනවා. 42% ක වැඩිම පිරිසක් සිටින්නේ ආසියාවේ.

ලංකාවේ සිටින හොර ISP ලා 2010 අවුරුද්දේ දී වත් වඩා හොඳ සේවයක් සැපයුවොත් අපිට තවත් අන්තර්ජාලයෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි

වැඩි විස්තර බලන්න මෙතන කොටන්න

Thursday, January 14, 2010

තාමත් ටයිප් කරන්නේ අඟලි දෙකෙන්ද?

කස්ටිය කොහොමද ඉතින්..? සතියකට විතර පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නෙ. හේතුව තමයි ලියන්න දෙයක් නෑ..bising හරි කතාවට එමුකෝ.. ‍දැකලා තියෙනවද ගොඩක් කස්ටිය ටයිප් කරන්නේ තනි ඇඟිල්ලෙන් නැත්නං ඇඟිලි දෙකෙන් garupale. ඉතින් A4 කොලයක් එහෙම ටයිප් කරන්න දවසක්ම යනවා. හැමදාම ඇඟලි දෙකෙන් ටයිප් කරලා දියුණුවෙන්න බෑනේ. ඒ නිසා මේ ටයිපින් පුරුදු වුනොත් හොඳයි. ඇඟිලි 10 ම ‍භාවිතා කරලා ටයිප් කරනකොට ඇත්තටම පහසුයි. ගොඩක් ඉක්මනින් ටයිප් කරන්නත් පුළුවන්. A4 කොලයක් ටයිප් කරන්න ගතවෙන්න ඉතාම අඩු කාලයක්. ගොඩක් අයට මේ ගැන එච්චර උනන්දුවක් ඕනෑකමක් නෑ. ඕක පස්සේ බැරියැ කියලා ඉන්නවා. එතකොට කවදාවත් පුරුදු වෙන්නෙ නෑ.

මමත් මෑතක් වෙනකම්ම ටයිප් කලේ ඇඟලි දෙකෙන් තමා garupale. සමහර වෙලාවට අකුරක් හොයා ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. . පස්සේ යාළුවෙක් Typing Master ගෙනත් දුන්නා. එච්චරලොකු ආසාවක් නැති වුනත් ටික ටික ඒක පුරුදු වුනා. ඒත් ඒක trial එකක් නිසා "C" පුරුදු වෙන තැන ඉඳලාද කොහොද වැඩ කලේ නෑ. ඉතින් ඒක එහෙම්මම අමතක වෙලා ගියා. Network ඉගෙන ගන්න ගියාම ඉක්මනට කමාන්ඩ් කොටන්න ටයිපින් ඕනෙ වුනා. පස්සේ අයෙත් එක එක ටයිපින් software පාවිච්චි කරලා අන්තිමට Typing Master crack එකක නතර වුනා garupale. අර මුලදී පාවිච්චි කරපු නිසාද මන්දා මට Typing Master එක විතරයි අල්ලලා ගියේ. කොහෙම හරි දැන් නං මට අඟලි 10 ම දාලා ටයිප් කරන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට වරදිනවා එච්චරම ලොකු වේගයකුත් නෑ.

ඉතින් කස්ටියත් ටයිපින් පුරුදු වෙන්න ඕනේ නං ඇඟලි ටික හරි තැන්වල තියාගෙන Keyboard එක දිගා නොබලා ටයිප් කරන්න. මුලදී නං එපාම වෙයි. එත් දන්නෙම නැතුව පුරුදු වෙනවා. Typing Software වලිනුත් සෑහෙන උදව්වක් ගන්න පුළුවන්. Windows, Mac, Linux තුනටම හොඳ Free Software තියෙනවා. ඉතින් පරක්කු නොකර අද ඉඳලාම වැඩේ පටන් ගන්න.

මෙන්න Typing Software ලිස්ට් එකක්ම තියෙනවා. Free ඒවා වගේම සල්ලි දීලා ගන්න ඕනේ ඒවාත් තියෙනවා ඕනේ එකක් තෝරා ගන්න.

Wednesday, January 6, 2010

Blogger වලටත් Skype Emoticons

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ Emoticons තේරෙන විදියට කිව්වොත් අර හිනාවෙන මූහුණු. garupale garupale garupale garupale බ්ලොග් ලියන ගොඩක් අය මේ emoticons පාවිච්චි කරනවා. ඒත් සමහර අය නං පාවිච්චි කරන්නෙ නෑ. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් කමෙන්ට්ස් වලදී මේ emoticons වැඩ කරන්නෙ නෑ garupale. ඒ වෙනුවට පේන්නේ : ), : D ආදි සංකේතය විතරයි. ඉතින් මේ සේරම අවුල් නිරවුල් කරගෙන yahoo emoticons වෙනුවට ලස්සන Skype emoticons තමන්ගේ බ්ලොගයට දාගන්නෙ කොහොමද කියලා බලමු.

මමත් මේක කළේ නෙට් එකේ තිබුණු දේවල් වලින් හොයාගත්ත ක්‍රම වලටයි. සමහර විට මීට වඩා ලේසි ක්‍රම සහ ‍විධි තියෙන්න පුළුවන්. මමත් මේක කරලා තියෙන්නෙ කළුවා මාරපන ගියා වගේද දන්නෑ garupale. එහෙම ලේසි විදියක් තියෙනව නං මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න. මට ඉස්සෙල්ලාම ඕනේ වුනේ Skype emoticons ටික කමෙන්ට්ස් වලට විතරක් ගන්න. කමෙන්ට් වලට emoticons ගන්න පොඩි script කෑල්ලක් හොයාගත්තා. මේ තියෙන්නේ ඒක.


<script src='http://sites.google.com/site/angga123site/smiley.txt' type='text/javascript'/>

මේක බ්ලොග් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් දැම්මම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලට yahoo emo වැඩකරනවා. වැඩේ ෆිනිෂ් garupale.

දැන් ඊලඟ වැඩේ. ඇත්තටම yahoo emo වලට වඩා skype emo ලස්සනයි bising. ඉතින් දැන් මේ yahoo වෙනුවට skype emo දාන්නේ කොහොමද බලමු. කලින් script එකේ smiley.txt ෆයිල් එක අරගෙන බැලුවොත් ඒකේ තියෙන්නේ yahoo emoticons වලට address. ඉතින් yahoo emoticons address වෙනුවට skype emo address දැම්මොත් කමෙන්ට්ස් වල පේන්න ඕනේ skype emo. පස්සේ මම Skype emoticons ටිකක් බාලා direct link ගන්න පුළුවන් තැනකට අප්ලොඩ් කරපු කළා. උදා :- Fileden ඉතින් yahoo emoticons address වෙනුවට මම අප් කරපු skype emoticons address ටික දාලා ඒ .txt ෆයිල් එකත් මම fileden වලටම අප්කරලා ලින්ක් එක අර script එකට දැම්මා. පස්සේ බ්ලොග් එකේ තීම් එකේ edit html ගිහිල්ලා </body> එකට කලින් script එක දාලා save කලා. දැන් කමෙන්ට්ස් වලට skype emoticons වැඩ. හරිම සරළයි.

bising bising bising bising bising

ඉතින් මම සේරම skype emoticons upload කලේ නෑ. ඉතින් සමහර yahoo emoticons ත් එහෙම්මම තියෙනවා. තමන්ට skype emoticons විතරක්ම ඕනේ නං ඉස්සෙල්ලාම මේ skype emoticons ටික බාලා direct link ගන්න පුළුවන් තැනකට සේරම අප්ලෝඩ් කරන්න. පස්සේ ඒ skype emoticons address වලින් yahoo emoticons address replace කරලා ඒක අර script එකට දාලා බ්ලොග් එකට ඇතුළු කරන්න. ඒත් කරන්න කම්මැලි නං මේ පහළ script එක බ්ලොග් එකට දාන්න. එතකොට skype emoticons ‍එයි.

<script src='http://www.fileden.com/files/2009/8/19/2548276/smiley2.txt' type='text/javascript'/>

දැන් කමෙන්ට්ස් වලට විතරක් skype emoticons තිබ්ලා මදි. පෝස්ට් වලටත් ඕනෑ නං Firefox පාවිච්චි කරන්න වෙනවා. ඉස්සෙල්ලාම මේ Add-ons එක දාගන්න. පස්සේ මේ ලින්ක් එක උඩ කොටලා script එක install කර ගන්න. දැන් බ්ලොගයේ edit html ගිහිල්ලා ]]></b:skin> හොයා ගන්න. පස්සේ

img.emoticon {
padding: 0;
margin: 0;
border: 0;
}

මේ කෑල්ල කොපිකරලා ]]></b:skin> එකට උඩින් පේස්ට් කරන්න. දැන් New Post එකක් කරන්න ගියාම skype emoticons ටිකයි yahoo emoticons ටිකයි දෙකම එනවා.


ඕන එකක් තෝරලා පෝස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. හෆෝයි හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි වුනා. බයිලයක් වගේද මන්දා..garupale

ප.ලි.

පෝස්ට් වලට emo එ‍න්නෙ නැත්නං මේ විදියට කරලා බලන්න. ඉස්සෙල්ලාම මේ script එක බාලා unzip කරලා C: එකට වගේ දා‍ගන්න. පස්සේ Firefox වල file://c:\yahooiconforblogger.user.js එන්ටර් කරන්න. පස්සේ script එක හරියට install වෙයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ.

Monday, January 4, 2010

2010 ට වැඩ

කස්ටිය කොහොමද ඉතින්..? 2010 ත් ඇවිල්ලා. ඉතින් අළුත් අවුරුද්දකුත් ආපු එකේ මගේ බ්ලොගයේ තීම් එකත් මාරු කරලාම ආයෙත් බ්ලොග් එක ලියන්න හිතාගෙන හිටියත් තාම හරියන එකක් හම්බවුනේ නෑ sedih. ඔන්න ඉතින් සරළ හොඳ තීම් එකක් හම්බවෙන කොට ඒකේ කමෙන්ට්ස් පේන විදිය අල. එක්කෝ සයිඩ් බාර් එක අල. තීම් edit කරලා කරලා එපාම වුනා ketukmeje. අනික ‍ඉතින් මොබිටෙල් අල සම්බන්ධතාවයෙන් පුදුම සහයෝගයක් දෙන්නෙ. ඒ ගැන නං කියලා වැඩක් නෑ. තීම් එක බාගෙට අප් වෙනකොටම ඩිස්කනෙක්ට් වෙනවා marah. ඔය හේතු කාරණා නිසා මේ තියෙන තීම් එකම තියාගන්න කල්පනා කොරා.

ඉතින් 2010ට කරන්න වැඩ ගොඩයි පළවෙනි එකතමයි පොබ් කට්ටක් හොයා ගන්න ඕනේ. හෆෝයි දැන්නං ගෙදරට වෙලා ඉන්නත් නිකං මොකක්ද වගේ hah. දැන් මටත් සෑහෙන වයසයි නෙවැ. දෙවැනියට සම්පූරණ කරගන්න ඕනේ වැඩ් තමයි CCNA කිරීම. මට මේ දවස් වල Cisco පිස්සුවක් ගහලනේ. ඒනිසා මාර ආසාවක් තියෙනවා CCNA කරන්න. කෝස් එක නං රු 20,000 ක් විතර වෙනවා. ඒත් exam රු 30,000 ක්. එකපාරින් පාස් නොවුනොත් බඩු හරි jelir.

ඉතින් තුන්වෙනි වැඩේ තමයි අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එකක් ගන්න එක. තාමත් ටෙලිකොමාට මට නෙට් දෙන්න බැරිවුනා. තූ... මේක පස්සේ දුවන එක තේරුමක් නැති නිසා WiMax හෙවත් චා Max කනෙක්ෂන් එකක් ගන්න හිතුවා hah. ඉස්සෙල්ලාම හිතාගෙන හිටියේ ලංකා‍බෙල් WiMax එකක් ගන්න. ඉතින් ලංකාබෙල් WiMax පාවිච්චි කරන සහන්ගෙන් එහෙම විස්තර අහලා බැලුවා. එයාට නං හොඳට වැඩ කරනවාලු. මට ලංකාබෙල් ගැන තියෙන අවුල තමයි මාසෙට රු 2309 බිල, අවුරුදු 2 ක Contract එක, ලංකාබෙල් CDMA අල වුනු විදියට මේකත් අල වෙයිද කියන බය. ඉතින් අවසානයට ඉන්නේ Dialog. Dialog WiMax ගැන කිව්වොත් මේක ඇවිල්ලා අල තමයි. ඒත් ගාන අඩුයි, Contract නෑ, හා වෙන ගන්න එකක් නැති කමට ගන්න හිතාගෙන ඉන්නවා.


ඊලඟ වැඩේ තමයි කඩුහරඹ පුරුදු පුහුණු වීම. ගිය දෙසැම්බර් අන්තිම මට එක දිගටම ක්ලාස් එකක් තිබ්බා. ළමයි 6 ක් හිටියා. මෙන්න 7 වෙනි ළමයා විදියට දෙමළ කොල්ලෙක් ආවා. දැන් මේ දෙමළ කොල්ලට සිංහල පොඩ්ඩක්වත් බෑ. ඉතින් සර් කාරයා මහා පොදු සාධකය වගේ කඩු ශිල්පය දාලා උගන්නන්න පටාන් ගත්තා gigitjari. කියන දෙයක් මට නං හරිහැටි නොතේරුණාට ඔහේ අහගෙන හිටියා. ඉතින් තව ඉස්සරහට මේ ඉංග්‍රීසි නැතුව බැරි වෙනවා. ඒ නිසා ඒක මේ අවුරුද්දෙදි වත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉංගිරිසි ඉගෙන ගන්න මොනව හරි හොඳ පොතක් එහෙම කස්ටිය දන්නව නං මාව පොඩිඩක් දැනුවත් කරන්න.

මේ දවස් වල මට උණ හැදිලා නිසා දොස්තර කියලා තියෙන්නෙ කොම්පියුටරේ දිහා බලන්නවත් එපාය කියලා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව දැන් මේක ඉවර කරන්න වෙනවා jelir. ටිකක් විතර අල පොස්ට් එකක් වගේ.

Picture