කස්ටිය කෙහොමද ඉතින්....? දවස් 6 කට විතර පස්සෙ තමයි ආයෙත් පෝස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මේ දවස් ටිකේම ලියන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ. මොකද කිව්වොත් මේ දවස් වල නෙට් අල. මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවක්නේ. මීට මාස 3 -4 කට කලින් මමත් කිය කිය හිටියේ Mobitel rocks කියලා. ඒත් දැන්නං තූ.. ගන්න දෙයක් නෑ
. සමහර වෙලාවට Gmail වත් ලෝඩ් වෙන්නෙ නෑ. අනික දැන් අපි නෙට් එකත් එක්ක බැඳිලා වගේ. පාරක් හෙව්වත්, මොකක් හරි දෙයක් ගැන විස්තරයක් හෙව්වත්, මැප් එකක් බැලුවත්, සිංදුවක්, ෆිල්ම් එකක් ගත්තත් නෙට් එකෙන්ම තමා හොයන්නේ. ඉතින් දවසින් දවස users ලා වැඩි වෙනකොට ISP ත් ඒ විදියටම තමන්ගේ capacity එක වැඩි නොකළාම මෙහෙම වෙන එක අමුතු දෙයක් නෙවේ.
ඊලඟට තියෙන අවසාන විසඳුම SLT adsl. නොදෝමකින් මුන් කස්ටමර්ලාට සලකන විදිය නං ඉතින් හොඳ වචන සෙට් එකක් දාලා කියන්න පුළුවන්
. උන්ගේ ඇඟෙන් කෑල්ලක් ඉල්ලන්න ආවා වගේ කතා කරනනේ. මමත් ඉතින් දැන් කාලාන්තරයක් තිස්සේ Adsl ඉල්ල ඉල්ල පස්සෙන් යනවා. දුර වැඩි නිසා ගන්න බැරි වුනා. මෙන්න ගිය සතියේද කොහෙද අපේ ගෙදරට මීටර් 50 ක් විතර දුර තියෙන එකෙක් adsl අරන්
. 8km දුර වුනත් ඌට අවුලක් නැතුව Adsl වැඩ. බට් ටිකක් slow වගේ. මේක දැකපුවාම මටත් ඉන්න බැරිවුනා. කොහොමද ගත්තේ කියලා ඌගේන් අහපුවාම කියනවා, ටෙලිකොම් එකේ වැඩකරන අඳුරන කෙනෙක් මාර්ගයෙන්ලු ගත්තේ. ඔන්න වැඩේ
. මමත් ඉතින් ඌගෙන් නොම්බරේත් ඉල්ලාගෙන ආයෙත් ටෙලිකොම් එකට ගියා. ගිහිල්ලා අර යකාගේ නොම්මරෙත් දීලා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා ඇයි මට adsl දෙන්නෙ නැත්තේ කියලා ඇහැව්වා. සර් අපි ඉක්මනටම Adsl දෙන්නං කිව්වා. මමත් ආවා. පස්සේ ටෙක්කතා Google Group එකේ තිබුනු Usage Meter ගැන ප්‍රශ්නයක් දැකලා මමත් නිකමට මගේ Adsl පාස් එක
Usage Meter එකට ගැහැවුවා. මෙන්න බඩු වැඩ
. Usage Meter එකේ සාමාන්‍ය Home පැකේජ් හිමියන්ට අදාල විස්තර වැටෙනවා. මට මගේ Adsl පාස් එක change කරන්නත් පුළුවන්. මම යාළුවෙකුගෙන් රවුටරයක් ඉල්ලාගෙන ගහලත් බැලුවා. No Adsl signal ලු. ඔන්න ආයෙත් ටෙලිකොම් එකට බඩගාලා මගේ adsl පාස් වැඩ කියලා කිව්වා. password වැඩ වුනාට adsl active නෑලු
. ෂුවර් එකටම හෙට adsl දෙනවා කියලා එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා. මමත් රවුටරයකුත් අරන් ගෙදර ආවා. දැන් දවස් කීපයක්ම ගතවුනා තාමත් මම රවුටරේ ADSL හා internet කියන බල්බ් දෙක පත්තුවෙනකං ඇස්දෙක කඩාගෙන බලාගෙන ඉන්නවා
.
Adsl username & pass වැඩ නිසා මට බිල් වෙනවාද දන්නෙත් නෑ. හිටපන්කෝ බිල එනකන් හොඳවයින් එකක් කතා කරන්න.