About

Tuesday, August 31, 2010

Bajaj Discover 150

කස්ටිය කොහොමද ඉතින්..? ඕං සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. ඕං අදත් බයික් එකක් ගැන ලියන්න තමා හදන්නේ. මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒ තමා Bajaj Discover 150. කලින් තිබුණු Discover 135 බයික් එක දැන් නවත්තලා ඒ වෙනුවට තමා මේ Discover 150 එක ඇවිල්ලා තියෙන්නෙ. පෙනුම ගැන කියනවා නං මෑතකදී ආපු Discover 100cc එකේ පෙනුමට සමානයි bising. වෙනස තියෙන්නේ එන්ජින් එකේ විතරයි bising


මේකේ තියෙන දේවල් බැලුවොත් එන්ජින් එක 150cc (144.8cc), 4-stroke single cylinder, 5 speed gearbox එකක් සහිත Air cooled engine එකක් තමයි. තව ඉඳිරි පස Disc Brake, Nitrox shocks, LED tail lamp, electric start, Auto Choke, වගේ විශේෂාංග තියෙනවා. speedometer එක නං Analog එකක්. දැනගත්ත විදියට නං ගාන රු 160,000/- කට පොඩ්ඩක් වැඩියි bising. ගාණ නං වැඩියි වගේ. Pulsar 135 එකත් දැන් ලංකාවේ තියෙනවා. ආරංචි වුනු විදියට ඒක රු 177,000 කට වගේ මිල නියම වෙලා තියෙනවා.

පින්තූර Bajajauto.com වලිනි