About

Sunday, October 11, 2009

Alcohol 120% & 52%


කස්ටිය කොහොමද ඉතන්...? අද ඉරිදා. සුපුරුදු පරිදි class කට් කලාsengihnampakgigi. අපි හැමෝම වගේ මොකක් හරි ‍computer game එකක් ප්ලේ කරලා තියෙනවානේ. ඉතින් මේ කාලේ එන ගේම්ස් වලට නං DVD 2-3 ක්ම යනවා. දැන් ගේම් එක ඉන්ස්ටෝල් කලා කියමුකෝ. දැන් ගේම් එක පටන්ගන්නකොට පළවෙනි DVD එක DVD Drive එක ඇතුලේ තියෙන්නත් ඕනේලු. අපි ගේම්ස් සල්ලි දීලා ගන්නෙ නෑ කියන එක ප්‍රසිද්ධ රහසක්නේ kenyit . බො‍හෝ විට යාළුවන් අතරේ මේ ගේම්ස් DVD හුවමාරු වෙනවා. ඉතින් මේ ණයට ඉල්ලා ගත්ත DVD එක ළග තියා ගන්න බෑනේ. ඒත් ගේම් එක ප්ලේ කරන්නත් ඕනෙ නිසා අපිට DVD එකේ Image එකක් හදාගන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන්න පුළුවන් වටිනා software එකක් තියෙනවා. ඒ තමා Alcohol 120% හා Alcohol 52%. ඒත් අවාසනාවකට වගේ මේ Alcohol 120% කියන සංස්කරණය මුදල් ගෙවලා ගන්න ඕනේ. ඒත් Alcohol 52% නොමිලේ ලබා දෙනවා. ඉතින් මේ Alcohol 52% ඉන්ස්ටෝල් කලාම අළුත් DVD එකක් My computer වලට එකතු වෙනවා. ගේම්ස් DVD විතරක් නෙවේ. ඕනෙම සිංදු, ‍‍ෆිල්ම්ස්, software DVD, CD, එකක් image එකක් විදියට HDD එකට කොපි කරගන්න පුළුවන්. ඒත් Alcohol 52% වල එක අවුලක් තියෙනවා. මේ HDD එකට කොපි කරගත්ත image එක Alcohol 52% වලින්ම Burn කරන්න බෑ. ඒත් Alcohol 120% වල මේ image එක Alcohol වලින්ම burn කරන්න පුළුවන් වගේම තව පහසුකම් ගොඩක් තියෙනවා. මේ virtual drive කොච්චර තිබුණත් මට නං Alcohol තරං වෙන එකක්වත් අල්ලලා ගියේ නෑ. මේක win 7 RC (build 7100) එක්ක හොඳන් වැඩකරනවා ඒත් Win 7 RTM (build 7600) එක්ක නං වැඩ කරන්නේ නැත.

මෙතනින් බාන්න

Alcohol 52% & Alcohol 120% (15 day trial)

6 comments:

රොකියා | Udara said...

මම මේක පවිච්චි කරනෙනේ ගොඩක් ඉස්සර ඉන්දලා. ගොඩක් වටින එකක්. හැබැයි දැන් නම් පාවිච්චි කරන්නෙ DAEMON Tools එක. ඒකට ගොඩක් ඉඩ ඕනෙත් නෑ.වැඩෙත් ලේසී

Thilina said...

@රොකියා

මමත් සෑහෙන කාලෙක ඉදලා alcohol පාවිච්චි කරනවා.

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අඩේ Alcohol 52% ගැන කලින් දැනන් හිටියෙ නැහැනෙ.. Alcohol 120% තමයි භාවතා කරන්නෙ.. ගොඩක් ස්තූතී ලිපියට.

Thilina said...

@KaniRockz

හෙ හෙ...:)

Januka said...

7 වලට මම google කලාම MagicISO කියල එකක් ආවා.. ඒක තමයි මම දැන් බාවිතාකරන්නෙ.. ඒකත් නොමිලයේ ලබාදෙන්නක්..

Thilina said...

@ජනුක

MagicISO :o මම ඒක දැනගෙන හිටියේ නෑ. බලන්න ඕනේ.

Post a Comment