About

Monday, January 4, 2010

2010 ට වැඩ

කස්ටිය කොහොමද ඉතින්..? 2010 ත් ඇවිල්ලා. ඉතින් අළුත් අවුරුද්දකුත් ආපු එකේ මගේ බ්ලොගයේ තීම් එකත් මාරු කරලාම ආයෙත් බ්ලොග් එක ලියන්න හිතාගෙන හිටියත් තාම හරියන එකක් හම්බවුනේ නෑ sedih. ඔන්න ඉතින් සරළ හොඳ තීම් එකක් හම්බවෙන කොට ඒකේ කමෙන්ට්ස් පේන විදිය අල. එක්කෝ සයිඩ් බාර් එක අල. තීම් edit කරලා කරලා එපාම වුනා ketukmeje. අනික ‍ඉතින් මොබිටෙල් අල සම්බන්ධතාවයෙන් පුදුම සහයෝගයක් දෙන්නෙ. ඒ ගැන නං කියලා වැඩක් නෑ. තීම් එක බාගෙට අප් වෙනකොටම ඩිස්කනෙක්ට් වෙනවා marah. ඔය හේතු කාරණා නිසා මේ තියෙන තීම් එකම තියාගන්න කල්පනා කොරා.

ඉතින් 2010ට කරන්න වැඩ ගොඩයි පළවෙනි එකතමයි පොබ් කට්ටක් හොයා ගන්න ඕනේ. හෆෝයි දැන්නං ගෙදරට වෙලා ඉන්නත් නිකං මොකක්ද වගේ hah. දැන් මටත් සෑහෙන වයසයි නෙවැ. දෙවැනියට සම්පූරණ කරගන්න ඕනේ වැඩ් තමයි CCNA කිරීම. මට මේ දවස් වල Cisco පිස්සුවක් ගහලනේ. ඒනිසා මාර ආසාවක් තියෙනවා CCNA කරන්න. කෝස් එක නං රු 20,000 ක් විතර වෙනවා. ඒත් exam රු 30,000 ක්. එකපාරින් පාස් නොවුනොත් බඩු හරි jelir.

ඉතින් තුන්වෙනි වැඩේ තමයි අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එකක් ගන්න එක. තාමත් ටෙලිකොමාට මට නෙට් දෙන්න බැරිවුනා. තූ... මේක පස්සේ දුවන එක තේරුමක් නැති නිසා WiMax හෙවත් චා Max කනෙක්ෂන් එකක් ගන්න හිතුවා hah. ඉස්සෙල්ලාම හිතාගෙන හිටියේ ලංකා‍බෙල් WiMax එකක් ගන්න. ඉතින් ලංකාබෙල් WiMax පාවිච්චි කරන සහන්ගෙන් එහෙම විස්තර අහලා බැලුවා. එයාට නං හොඳට වැඩ කරනවාලු. මට ලංකාබෙල් ගැන තියෙන අවුල තමයි මාසෙට රු 2309 බිල, අවුරුදු 2 ක Contract එක, ලංකාබෙල් CDMA අල වුනු විදියට මේකත් අල වෙයිද කියන බය. ඉතින් අවසානයට ඉන්නේ Dialog. Dialog WiMax ගැන කිව්වොත් මේක ඇවිල්ලා අල තමයි. ඒත් ගාන අඩුයි, Contract නෑ, හා වෙන ගන්න එකක් නැති කමට ගන්න හිතාගෙන ඉන්නවා.


ඊලඟ වැඩේ තමයි කඩුහරඹ පුරුදු පුහුණු වීම. ගිය දෙසැම්බර් අන්තිම මට එක දිගටම ක්ලාස් එකක් තිබ්බා. ළමයි 6 ක් හිටියා. මෙන්න 7 වෙනි ළමයා විදියට දෙමළ කොල්ලෙක් ආවා. දැන් මේ දෙමළ කොල්ලට සිංහල පොඩ්ඩක්වත් බෑ. ඉතින් සර් කාරයා මහා පොදු සාධකය වගේ කඩු ශිල්පය දාලා උගන්නන්න පටාන් ගත්තා gigitjari. කියන දෙයක් මට නං හරිහැටි නොතේරුණාට ඔහේ අහගෙන හිටියා. ඉතින් තව ඉස්සරහට මේ ඉංග්‍රීසි නැතුව බැරි වෙනවා. ඒ නිසා ඒක මේ අවුරුද්දෙදි වත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉංගිරිසි ඉගෙන ගන්න මොනව හරි හොඳ පොතක් එහෙම කස්ටිය දන්නව නං මාව පොඩිඩක් දැනුවත් කරන්න.

මේ දවස් වල මට උණ හැදිලා නිසා දොස්තර කියලා තියෙන්නෙ කොම්පියුටරේ දිහා බලන්නවත් එපාය කියලා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව දැන් මේක ඉවර කරන්න වෙනවා jelir. ටිකක් විතර අල පොස්ට් එකක් වගේ.

Picture

14 comments:

Anonymous said...

හෙ හේ... කොල්ලට උනු දේ... සනීප වෙයන්කෝ, ඉක්මනට.
මල්ලී BBC Learning English (bbclearningenglish.com)
පොඩ්ඩක් ට්‍රයි කරන්නකෝ.. ඒක හොදයි.. ඒකේ 6 minutes english කියන එකට මම නම් කැමතියි..
උඹත් බලහංකෝ....

Thilina said...

@.::පිස්සා::.

ස්තූති වේවා..! බලමු මේකෙන්වත් ඉංගිරිසි ඉගෙන ගන්න

Harindu Mohottala said...

පාවිච්චි කරන්නේ HSDPA Modem එකක් නම් පොඩි වැඩක් තියනවා try කරල බලන්න.

http://lifehacker.com/5437749/improve-3g-modem-reception-with-a-kitchen-pot

මම නම් try කරේ නෑ. video එකේ පෙන්නන විදියට නම් වැඩ වගේ. කෝකටත් try එකක් දීලම බලන්න.

(මම දන්න තරමින් ඔය site එකේ බොරු දාන්නේ නෑ)

සහන් සටහන් said...

ලංකාබෙල් WiMax පාවිච්චි කරන සහනුත් තව ටික දවසකින් ලංකාබෙල් WiMax අයින් ක‍රන්නලු ඉන්නේ ;)
අවුල තමයි මාසෙට රු 2309 බිල :D

කාලිංග said...

ලංකාවේ අන්තර්ජාල ගැන නම් කියලා වැඩක් නෑ, ඔකොම අල තමයි :D

Thilina said...

@හරිඳු ඉෂාන්

මට සාමාන්‍යයෙන් Mobitel සිග්නල් 79% ක් විතර තියෙනවා. ඒ විඩියෝ එකේ විදියට කරලා මම 99% ක සිග්නල් ගත්තා ඒත් සිග්නල් වැඩිවුනා කියලා මොබිටෙල් අල තත්වයේ වෙනසක් නෑ.


@සහන්

ඒකතමයි බන් 512kbps එකක් රු 2309 කට සෑහෙන පාඩුයි :(


@කාලිංග

මොනව කරන්නද? වෙන එකක් නැති කමටම dialog ගැනවත් බලන්න වෙනවා.

Kolama said...

ඉන්ග්‍රීසි සහ අනික් භාෂා ඉගෙන ගන්න මේක හොදයි !.... බලන්න...

http://www.rosettastone.com/learn-english/level-1-2-3


මෙතනින් සොෆ්ට්වෙයාර් එක බාගන්න

http://thepiratebay.org/torrent/5052058/Rosetta_Stone_v3.3.5_for_Windows


මෙතනින් ලැන්වේජ් පැක්ස් එක බාගන්න

http://thepiratebay.org/torrent/4326145/Rosetta_Stone_V3_-_English_%28American%29_%28L1__L2__L3%29_%28ISO%29

අනික් ලැන්වේජස්...

http://thepiratebay.org/torrent/5102611/Rosetta.Stone.V.3.3.5.Plus.Language.Packs

වැඩි විස්තර: http://www.rosettastone.com/

Thilina said...

@Kolama

තැන්කූ මචෝ, මම කොහොමහරි බාගන්නං. :)

Anonymous said...

Kolama ට ස්තූතියි.. මට හිතෙන්නේ මේක හොදයි තිලිණ.. මාත් බාන්න ගත්තා.. peers ලා දෙන්නෙක් ඉන්නේ අපි දෙන්නා වෙන්නැති.. කොහොම උනත් ස්ලෝ වගේ බෑවිල්ල.. තාම 15%යි...

ශාකුන්තල | Shaakunthala said...

ඉංගිරිසි ඉගෙනගන්න හොඳ පොත් ඕනේ නෑ... අර කිව්ව දෙමළ යාළුවා හොඳට ෆිට් කරගන්න. කඩ්ඩෙන් කතා කරන්න. කතා බහ කරගන්න තම තමන්ගෙ මව් භාෂා පාවිච්චි කරන්න බැරි නිසා ඔය ක්‍රමේ හොඳට වැඩ කරයි. අන්තිමේ දෙන්නම ඉගෙනගනී.

ඔය ක්‍රමේට පුහුණුවීම් කළ නිසා දැන් මට ඕනෙ තැනක බය නැතුව වේගවත් කඩු පහර එල්ල කරන්න පුළුවන්.

Anonymous said...

@ kolama- I ve already downloaded this. But I can't install .. something wrong..
mentioned an error note..
Fatal application error :#2120

Thilina said...

@.::පිස්සා::.

නෑ නෑ.., මම බාන්න පටන් ගත්තෙ නෑ. ගෙදරින් මේක බාන්න බෑ. :( class එකෙන් තමයි බාන්න වෙන්නෙ


@ශාකුන්තල

එහෙමවත් කරලා බලන්නතමා වෙන්නෙ. අපි කඩිඩෙන් කතා නොකරන නිසා තමයි පුරුදු නොවෙන්නෙ

Kanishka said...

අපිත් ඉතින් තාම මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් :(

Thilina said...

@Kanishka | කණියා

:P

Post a Comment