කස්ටිය කොහොමද ඉතින්..? 2010 ත් ඇවිල්ලා. ඉතින් අළුත් අවුරුද්දකුත් ආපු එකේ මගේ බ්ලොගයේ තීම් එකත් මාරු කරලාම ආයෙත් බ්ලොග් එක ලියන්න හිතාගෙන හිටියත් තාම හරියන එකක් හම්බවුනේ නෑ
. ඔන්න ඉතින් සරළ හොඳ තීම් එකක් හම්බවෙන කොට ඒකේ කමෙන්ට්ස් පේන විදිය අල. එක්කෝ සයිඩ් බාර් එක අල. තීම් edit කරලා කරලා එපාම වුනා
. අනික ඉතින් මොබිටෙල් අල සම්බන්ධතාවයෙන් පුදුම සහයෝගයක් දෙන්නෙ. ඒ ගැන නං කියලා වැඩක් නෑ. තීම් එක බාගෙට අප් වෙනකොටම ඩිස්කනෙක්ට් වෙනවා
. ඔය හේතු කාරණා නිසා මේ තියෙන තීම් එකම තියාගන්න කල්පනා කොරා.
ඉතින් 2010ට කරන්න වැඩ ගොඩයි පළවෙනි එකතමයි පොබ් කට්ටක් හොයා ගන්න ඕනේ. හෆෝයි දැන්නං ගෙදරට වෙලා ඉන්නත් නිකං මොකක්ද වගේ
ඉතින් තුන්වෙනි වැඩේ තමයි අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එකක් ගන්න එක. තාමත් ටෙලිකොමාට මට නෙට් දෙන්න බැරිවුනා. තූ... මේක පස්සේ දුවන එක තේරුමක් නැති නිසා WiMax හෙවත් චා Max කනෙක්ෂන් එකක් ගන්න හිතුවා

ඊලඟ වැඩේ තමයි කඩුහරඹ පුරුදු පුහුණු වීම. ගිය දෙසැම්බර් අන්තිම මට එක දිගටම ක්ලාස් එකක් තිබ්බා. ළමයි 6 ක් හිටියා. මෙන්න 7 වෙනි ළමයා විදියට දෙමළ කොල්ලෙක් ආවා. දැන් මේ දෙමළ කොල්ලට සිංහල පොඩ්ඩක්වත් බෑ. ඉතින් සර් කාරයා මහා පොදු සාධකය වගේ කඩු ශිල්පය දාලා උගන්නන්න පටාන් ගත්තා
මේ දවස් වල මට උණ හැදිලා නිසා දොස්තර කියලා තියෙන්නෙ කොම්පියුටරේ දිහා බලන්නවත් එපාය කියලා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව දැන් මේක ඉවර කරන්න වෙනවා
Picture
14 comments:
හෙ හේ... කොල්ලට උනු දේ... සනීප වෙයන්කෝ, ඉක්මනට.
මල්ලී BBC Learning English (bbclearningenglish.com)
පොඩ්ඩක් ට්‍රයි කරන්නකෝ.. ඒක හොදයි.. ඒකේ 6 minutes english කියන එකට මම නම් කැමතියි..
උඹත් බලහංකෝ....
@.::පිස්සා::.
ස්තූති වේවා..! බලමු මේකෙන්වත් ඉංගිරිසි ඉගෙන ගන්න
පාවිච්චි කරන්නේ HSDPA Modem එකක් නම් පොඩි වැඩක් තියනවා try කරල බලන්න.
http://lifehacker.com/5437749/improve-3g-modem-reception-with-a-kitchen-pot
මම නම් try කරේ නෑ. video එකේ පෙන්නන විදියට නම් වැඩ වගේ. කෝකටත් try එකක් දීලම බලන්න.
(මම දන්න තරමින් ඔය site එකේ බොරු දාන්නේ නෑ)
ලංකාබෙල් WiMax පාවිච්චි කරන සහනුත් තව ටික දවසකින් ලංකාබෙල් WiMax අයින් කරන්නලු ඉන්නේ ;)
අවුල තමයි මාසෙට රු 2309 බිල :D
ලංකාවේ අන්තර්ජාල ගැන නම් කියලා වැඩක් නෑ, ඔකොම අල තමයි :D
@හරිඳු ඉෂාන්
මට සාමාන්‍යයෙන් Mobitel සිග්නල් 79% ක් විතර තියෙනවා. ඒ විඩියෝ එකේ විදියට කරලා මම 99% ක සිග්නල් ගත්තා ඒත් සිග්නල් වැඩිවුනා කියලා මොබිටෙල් අල තත්වයේ වෙනසක් නෑ.
@සහන්
ඒකතමයි බන් 512kbps එකක් රු 2309 කට සෑහෙන පාඩුයි :(
@කාලිංග
මොනව කරන්නද? වෙන එකක් නැති කමටම dialog ගැනවත් බලන්න වෙනවා.
ඉන්ග්‍රීසි සහ අනික් භාෂා ඉගෙන ගන්න මේක හොදයි !.... බලන්න...
http://www.rosettastone.com/learn-english/level-1-2-3
මෙතනින් සොෆ්ට්වෙයාර් එක බාගන්න
http://thepiratebay.org/torrent/5052058/Rosetta_Stone_v3.3.5_for_Windows
මෙතනින් ලැන්වේජ් පැක්ස් එක බාගන්න
http://thepiratebay.org/torrent/4326145/Rosetta_Stone_V3_-_English_%28American%29_%28L1__L2__L3%29_%28ISO%29
අනික් ලැන්වේජස්...
http://thepiratebay.org/torrent/5102611/Rosetta.Stone.V.3.3.5.Plus.Language.Packs
වැඩි විස්තර: http://www.rosettastone.com/
@Kolama
තැන්කූ මචෝ, මම කොහොමහරි බාගන්නං. :)
Kolama ට ස්තූතියි.. මට හිතෙන්නේ මේක හොදයි තිලිණ.. මාත් බාන්න ගත්තා.. peers ලා දෙන්නෙක් ඉන්නේ අපි දෙන්නා වෙන්නැති.. කොහොම උනත් ස්ලෝ වගේ බෑවිල්ල.. තාම 15%යි...
ඉංගිරිසි ඉගෙනගන්න හොඳ පොත් ඕනේ නෑ... අර කිව්ව දෙමළ යාළුවා හොඳට ෆිට් කරගන්න. කඩ්ඩෙන් කතා කරන්න. කතා බහ කරගන්න තම තමන්ගෙ මව් භාෂා පාවිච්චි කරන්න බැරි නිසා ඔය ක්‍රමේ හොඳට වැඩ කරයි. අන්තිමේ දෙන්නම ඉගෙනගනී.
ඔය ක්‍රමේට පුහුණුවීම් කළ නිසා දැන් මට ඕනෙ තැනක බය නැතුව වේගවත් කඩු පහර එල්ල කරන්න පුළුවන්.
@ kolama- I ve already downloaded this. But I can't install .. something wrong..
mentioned an error note..
Fatal application error :#2120
@.::පිස්සා::.
නෑ නෑ.., මම බාන්න පටන් ගත්තෙ නෑ. ගෙදරින් මේක බාන්න බෑ. :( class එකෙන් තමයි බාන්න වෙන්නෙ
@ශාකුන්තල
එහෙමවත් කරලා බලන්නතමා වෙන්නෙ. අපි කඩිඩෙන් කතා නොකරන නිසා තමයි පුරුදු නොවෙන්නෙ
අපිත් ඉතින් තාම මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් :(
@Kanishka | කණියා
:P
Post a Comment