About

Saturday, November 21, 2009

Win 7 වල සැඟවුනු Themes හොයමු

කස්ටිය කොහොමද ඉතින්...? Win 7 වල පොඩි වැඩ කෑල්ලක් ගැන තමා අද නං ලියන්නේ. සමහර කස්ටිය නං මේක දන්නවත් ඇති. වෙලාවක් තියෙනව නං කරනල බලන්න. Windows OS පාවිච්චි කරන කස්ටිය ගොඩක් අය දැන් 7 වලට මාරු වෙලානේ senyum. දැන් 7 වල default themes කීපයක්ම එනවා. wallpapers තොගයකුත් තියෙනවා. ඒත් තාම හිතට හරියන theme එකක් ලැබුනේ නැද්ද? gigil එහෙම නං Windows 7 වල සැඟවිලා තියෙන themes ටිකක් තියෙනවා. ඒක ගන්න හැටි බලමු. ඉස්සෙල්ලාම My computer නෑ නෑ computer, kenyit එකට ගිහිල්ලා C:\windows\winsxs කියලා ටයිප් කරලා Enter කරන්න.


පසසේ එහා පැත්තේ තියෙන search box එකේ *.theme කියලා ටයිප් කරන්න. දැන් හැංගිලා තියෙන themes ටින search වෙනවා. පස්සේ themes ලිස්ට් එකක් එයි. එක එක රටවල් වල ප්‍රසිද්ධ ස්ථාන දාලා හදපු තීම්ස් තියෙනවා. දැන් theme එක උඩ double click කරන්න. එතකොට ඒ theme එක My themes එකේ save වෙයි.


ඉතින් තියෙන themes සේරම ටික අරගෙන හොඳ එකක් Apply කරගන්න.

බිල් මාමාගේ Personalization Gallery එකෙනුත් තව themes බාන්න පුළුවන්.

5 comments:

Narada said...

ඉතිං මචං ඒවා සීමාසහිතයි නෙව, වින්ඩොස්වල Skin සැකසුම් කරණ සීමා සහිතයිනේ, සීමාවෙන් ඔබ්බට යන්න මෘදුකාශ තුනයිනේ, ඒවාත් මුදල් ගෙවිය යුතු වානිජ ඒවා නිසාත් ඒවා දාලා මැෂිම අම්බානකට රෑම් කන නිසා තමා මට බොරිං වුණේ.

Thilina said...

@~බිன்ku~

themes කියලා කිව්වට ඇත්තටම transparency වෙනස් කරලා color එක වෙනස් කරලා එහෙම තියෙන්නේ. එකම තැටිය තමා කැරකෙන්නේ. :P ඒත් ලස්සන wallpapers ටිකක් ගන්න පුළුවන්. පුද්ගලික හේතුවක් නිසා මමත් Win 7 පාවිච්චි කරන්නේ නෑ.

Kanishka said...

මම නම් ඉතින් 7 තමයි.. අපිට ඔය අනික්ව අල්ලන්නෙ නෑ නෙව :D

Januka said...

හ්ම්ම්.. 7 නම් ඇත්තටම ගොඩක් හොඳයි.. ස්තුතිය් මේකට.. කරල බලන්න ඕන

Thilina said...

@Kanishka | කණියා

එළ එළ...


@ජනුක

free වෙලාවක කරලා බලන්න.

Post a Comment