About

Monday, November 16, 2009

YouTube 1080p වීම


කස්ටිය‍ කොහොමද ඉතින්..? දන්නවනේ YouTube. අරකද මේකද රටේ නැති videos තොගපිටන්ම මේ youtube එකේ තියෙනවා. දැන් තියෙන ගොඩක් වීඩියෝස් HD විදියට තමා තියෙන්නේ. ගොඩක් අය බලන්නෙත් HD වීඩියෝස් විතරයි. ඒත් youtube මෙච්චර කල් සහාය දැක්වුවේ 720p HD videos (max) වලට විතරයි. ඒත් ඊලඟ සතියේ ඉඳන් youtube 1080p තේරෙන විදියට කිව්වොත් Full HD Videos වල‍ට සහාය දක්වනවා. (Full HD වල resolution එක 1920x1080 වෙනවා) තවමත් මෙම 1080p වීඩියෝ එකකට ලබා දෙන උපරිම කාලය විනාඩි 10 ක් පමණයි. විනාඩි 10 ක 1080p video එකක් කියන්නේ විශාල ෆයිල් එකක්. අපි වගේ දුප්පත් මොබිටෙල් කාරයින්ට නං මේ 1080p වීඩියෝ එකක් කියන්නේ සිහිනයක්ම පමණයි rindu. තමන්ගේ මැසිමේ තියෙන්නේ ඔන්බෝඩ් Graphics නං මේ 1080p වීඩියෝස් ප්ලේ කිරිමේදී stuck වීම් ඇති වෙන්න පුළුවන් sedih. ATI හෝ Nvidia Graphics කාඩ් එකක් තියෙනවා නං 1080p වීඩියෝස් වඩාත් හොඳින් රස විදින්න පුළුවන්. තමන්ගේ මොනිටයේ resolution එකත් 1920x1080 හෝ ඊට වඩා වැඩි විය යුතුයි. නැත්නං නියම 1080p විඩියෝස් රස විදින්න අමාරුයි.

720p වීඩියෝ එකක් (25MB)

1080p වීඩියෝ එකක්
(70MB)

6 comments:

සහන් සටහන් said...

1366 x 768 මොනිට‍රේ බලන්න පුලුවන්වෙයිද? ඒත් 512ක් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව නං..??

Thameera said...

ආරංචිය නම් හොඳයි, ඒත් ඉතින් අපිට ඕව ප්ලේ කරන්න තව කාලයක් යාවි!

Thilina said...

@සහන්

ඕනෙම මොනිටරේක ප්ලේ කරන්න පුළුවන් ඒත් නියම 1080p අත්දැකීම නං ගන්න බැරි වෙයි. 1366x768 ට වඩාත් සුදුසු වෙන්නෙ 720p. 1080p විනාඩි 10 ක් කියන්නේ ෆයිල් එක සෑහෙන ලොකුයි ඉතින් 512kbps එකකින් ලොඩ් වෙනකං ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙයි. :D

@තමීර

මොබිටෙල් එකෙන් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් රු 1000 කට වගේ දුන්න කාලෙක තමයි අපිට 1080p බලන්න වෙන්නේ :P

dmat1992 said...

මම යූස් කරන්නෙ adsl 500 පැක් එක.මාර චාටර්.ගිය මාසෙ බිල ආව රු.4000 ක්ද කොහෙද.අපි ඉතින් කොහොමද ඔය විදිහට ඕව බලන්නෙ.720p කියන්නෙ 1280*720 රෙෂලූෂන් එකටනෙ? ඔය 1080p වර්ෂන් එකටත් වඩා ලොකු එකක් තියනව නේ 2k කියල.

Thilina said...

@dmat1992

720p කියන්නේ 1280x720 resolution එකට තමා. 720p එකක් වුනත් 512kbps ලයින් එකකින් එනකොට මාර වෙලා යනවා. 1080p ට වඩා වැඩි එකක් ගැන නං මම එච්චර දන්නෙ නෑ

Sujeewa de Silva said...

මමත් පාවිච්චි කරන්නේ රු. 500 SLT පැකේජ් එක. ඔය විදිහේ වීඩියෝස් බලන්න ගියොත් විකිණෙයි. Unlimited පැකේජ් එකක් සාධාරණ ගාණකට හම්බවෙනකම් බලන් ඉන්න තමයි වෙන්නෙ. ඒ ලැබුණත් දැන් තියෙන speed එකත් මදිවෙයි මම හිතන්නෙ. මොකද මේක 512kbps කිව්වට ඒ speed එක සාමාන්‍යයෙන් ඒකෙ නැහැ.

Post a Comment