About

Friday, November 13, 2009

Call of Duty Modern Warfare 2 වෙළදාම


කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ call fo duty ගේම් එක. මම නං තාම ප්ලේ කරන්නේ call of duty 4 jelir. call of duty වල අළුත්ම වර්ෂන් එක තමයි Call of Duty Modern Warfare 2. මේක ගේම් එකට නං දැනටමත් ගේම් පිස්සන් වහ වැටිලා. ඉතින් මේ ගේම් එක වාර්තා පිට වාර්තා තියලා තමයි අලෙවි වෙලා තියෙන්නෙ. මේක නිකුත් කරපු දවසේ විතරක් පිටපත් මිලියන 4.7 ක් ඩොලර් මිලියන 310 කට අලෙවි වෙලා තියෙනවා. පසුගිය අඟහරුවාදා නිකුත් කරපු මේ ගේම් එක ලබා ගන්න call of duty රසිකයෝ පැය ගණන් වෙළදසැල් වලින් පිට ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. මීට පෙර නිකුත් කරපු දිනයේම වැඩිම අලෙවි වාර්තාව තියලා තිබුනේ පසුගිය අවුරුද්දෙ නිකුත් වුනු Grand Theft Auto IV ගේම් එක. ඒක නිකුත් කරපු දවසේම පිටපත් මිලියන 3.6 ක් ඩොලර් මිලියන 310 කට අලෙවි වෙලා තියෙනවා. call of duty Call of Duty Modern Warfare 2 පිටපතක මිල $ 60 ක් විතර වෙනවා. අපි නං ඉතින් සුපුරුදු පරිදි හොරකොපි sengihnampakgigi. හැබැයි multiplayer ලෙස ප්ලේ කරන්න නං නියම පිටපතක් සල්ලි දීලාම ගන්න වෙනවා.

13 comments:

Anonymous said...

අරුණ......

අපිට සුපුරුදු ටොරන්ට් පිහිට තමා.. මම නං ගේම්ස් කලාව ටිකක් දුර තියල තියෙන්නේ..

Unknown said...

තව දවස් දෙකක් දෙන්න මම ඔරිජිනල් එකක් දෙන්නම් මගේ ගේම්ස් සයිට් එකෙන්

Thilina said...

@අරුණ

අපි නං ටොරන්ට් බෑවේ imageshack පිහිටෙන්. දැන් ඒකත් නැවැත්තුවානේ. දැන්නං අපිට ටොරන්ට් හීනයක්ම විතරයි.


@Wolveriŋe ™

එළ එළ.., හොඳ විස්තරයක් එක්ක දාන්න. :)

බුද්ධික said...

මාත් මේ ගහන්න කියල උදේ පාන්දර කොම්පියුටරේ දා ගත්තේ ;)

Unknown said...

නියම ගේම් එක. අපිත් හොර කොපි තමා පාවිච්චිය. අපට කොහෙන්ද බූල් බල්ලෝ....
තාම ටොරන්ට් නම් නැතුව ඇති නේද ආපු ගමන් බා ගන්න ඕනෙ.

Thilina said...

@බුද්ධික

එළ එළ..., ප්ලේ කරලා අපිටත් හොඳ නරක කියන්න :)


@sanath

ටොරන්ට් නං දැනටමත් ඇති. බාගන්න වත්කමක් නැති නිසා මම නං ඕවා හොයන්නෙ නෑ. :P

Kanishka said...

අනේ මම නම් තාම ගහන්නෙ CAll of Duty 1 :P

Thilina said...

@Kanishka | කණියා

හික් හික්..., එළ :D

Januka said...

හ්ම්ම්.. ගහලා ඉවර කලා.. දැන් ඔන්න multiplayer crack එකකුත් ඇවිත් තියෙනව.. මමත් ගැහුවා ඔරිජිනල් ඒව ගත්ත කස්ටිය එක්ක.. හික් හික්..
ඒත් COD4 තරම් මටනම් හිතට ඇල්ලුවෙ නෑ..

Thilina said...

@ජනුක

හෆෝයි... play කරලත් ඉවරද? :) මට නං තාම DVD එකක් ලැබුණේ නෑ

dmat1992 said...

මම කොහොමද අනේ දුප්පත් 224mb onboard එකෙන් ඕව ගහන්නෙ. සිහිනයකි මට ජීවිතේ......ඒත් අපේ කොල්ලෙක් ඕක පැය 12 න් ඉවරකල්ල.මිනිහ ගාව තියෙන්නෙ 512MB Foxconn 9800GT එකක්.

Januka said...

@thilina.. හ්ම්ම්.. මම ඊගල් එකෙන් ගත්තෙ බම්බලපිටියෙ.. 450ක් උනා :(
ගේමනම් හොඳයි.. ගහල බලන්න..

Thilina said...

@dmat1992

ගණන් ගන්න එපා බං.. මමත් අවු 2ක් තිස්සේ onboard VGA පාවිච්ච් කලා. ගිය මාසේ තමයි VGA කාඩ් එකක් ගත්තේ


ජනුක

ස්තූති ඔත්තුවට. දැන් 450 ක් හොයාගන්න ඕනේ.. :)

Post a Comment