About

Tuesday, November 10, 2009

Mobitel අල වීම හා ADSL පස්සේ යාම

කස්ටිය කෙහොමද ඉතින්....? දවස් 6 කට විතර පස්සෙ තමයි ආයෙත් පෝස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මේ දවස් ටිකේම ලියන්න තරම් මූඩ් එකක් ති‍බ්බෙ නෑ. මොකද කිව්වොත් මේ දවස් වල නෙට් අල. මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවක්නේ. මීට මාස 3 -4 කට කලින් මමත් කිය කිය හි‍ටියේ Mobitel rocks කියලා. ඒත් දැන්නං තූ.. ගන්න දෙයක් නෑ marah. සමහර වෙලාවට Gmail වත් ලෝඩ් වෙන්නෙ නෑ. අනික දැන් අපි නෙට් එකත් එක්ක බැඳිලා වගේ. පාරක් හෙව්වත්, මොකක් හරි දෙයක් ගැන විස්තරයක් හෙව්වත්, මැප් එකක් බැලුවත්, සිංදුවක්, ‍ෆිල්ම් එකක් ගත්තත් නෙට් එකෙන්ම තමා හොයන්නේ. ඉතින් දවසින් දවස users ලා වැඩි වෙනකොට ISP ත් ඒ විදියටම තමන්ගේ capacity එක වැඩි නොකළාම මෙහෙම වෙන එක අමුතු දෙයක් නෙවේ.

ඊලඟට තියෙන අවසාන විසඳුම SLT adsl. නොදෝමකින් මුන් කස්ටමර්ලාට සලකන විදිය නං ඉතින් හොඳ වචන සෙට් එකක් දාලා කියන්න පුළුවන් marah. උන්ගේ ඇඟෙන් කෑල්ලක් ඉල්ලන්න ආවා වගේ කතා කරනනේ. මමත් ඉතින් දැන් කාලාන්තරයක් තිස්සේ Adsl ඉල්ල ඉල්ල පස්සෙන් යනවා. දුර වැඩි නිසා ගන්න බැරි වුනා. මෙන්න ගිය සතියේද කොහෙද අපේ ගෙදරට මීටර් 50 ක් විතර දුර තියෙන එකෙක් adsl අරන් soal. 8km දුර වුනත් ඌට අවුලක් නැතුව Adsl වැඩ. බට් ටිකක් slow වගේ. මේක දැකපුවාම මටත් ඉන්න බැරිවුනා. කොහොමද ගත්තේ කියලා ඌගේන් අහපුවාම කියනවා, ටෙලිකොම් එකේ වැඩකරන අඳුරන කෙනෙක් මාර්ගයෙන්ලු ගත්තේ. ඔන්න වැඩේ kenyit. මමත් ඉතින් ඌගෙන් නොම්බරේත් ඉල්ලාගෙන ආයෙත් ටෙලිකොම් එකට ගියා. ගිහිල්ලා අර යකාගේ නොම්මරෙත් ‍දීලා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා ඇයි ම‍ට adsl දෙන්නෙ නැත්තේ කියලා ඇහැව්වා. සර් අපි ඉක්මනටම Adsl දෙන්නං කිව්වා. මමත් ආවා. පස්සේ ටෙක්කතා Google Group එකේ තිබුනු Usage Meter ගැන ප්‍රශ්නයක් දැකලා මමත් නිකමට මගේ Adsl පාස් එක Usage Meter එකට ගැහැවුවා. මෙන්න බඩු වැඩ senyum. Usage Meter එකේ සාමාන්‍ය Home පැකේජ් හිමියන්ට අදාල විස්තර වැටෙනවා. මට මගේ Adsl පාස් එක change කරන්නත් පුළුවන්. මම යාළුවෙකුගෙන් රවුටරයක් ඉල්ලාගෙන ගහලත් බැලුවා. No Adsl signal ලු. ඔන්න ආයෙත් ටෙලිකොම් එකට බඩගාලා මගේ adsl පාස් වැඩ කියලා කිව්වා. password වැඩ වුනාට adsl active නෑලු soal. ෂුවර් එකටම හෙට adsl දෙනවා කියලා එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා. මමත් රවුටරයකුත් අරන් ගෙදර ආවා. දැන් දවස් කීපයක්ම ගතවුනා තාමත් මම රවුටරේ ADSL හා internet කියන බල්බ් දෙක පත්තුවෙනකං ඇස්දෙක කඩාගෙන බලාගෙන ඉන්නවා nangih.

Adsl username & pass වැඩ නිසා මට බිල් වෙනවාද දන්නෙත් නෑ. හිටපන්කෝ බිල එන‍කන් හොඳවයින් එකක් කතා කරන්න.

12 comments:

Xpress (SiS™ ) said...

අනේ බං මේ දවස් වල ADSL අල.ටික වෙලාවක් ඉන්නකොට නිකන්ම ඉන්ටර්නෙට් ඇක්සස් නැති වෙනවා.මට මේ මගුල එපා වෙලා ඉන්නේ.කිව්වහම කියන්නේ එකවුන්ට් එක රී සෙට් කලා දැන් හරිද බලන්න කියලා.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අනේ මන්ද මමත් මගේ චාමැක්ස් අයින් කරන්න හිටියේ adsl ගන්න
ලගක ඉදල adsl අපේ පැත්තේ අල බලං යනකොට සේරම එකයි :(

පැතා said...

පොඩ්ඩක් ඉවසපන්! මොකක්ද router brand එක, මටඨ් එකක් ගන්න වෙලා තියෙන්නෙ

Unknown said...

ටෙලිකොම් විතරයි දැනට හොද එකකට තියෙන්නේ එයාලගෙන් ගන්න ගියාම තමා ගෑස් බලන්න ඕන හරියට ණයක් ගන්න ආව වගේ

Anonymous said...

prolink router එකක් නේ 7 වැඩද ඕක
මගේ වැඩ නෑ නොවැ

Thilina said...

@EXPRESS[දිලංක මාධව]

ඔව් ඉතින් සේරම isp ලාගේ සිද්ධිය එකයි. adsl ගන්න හැදුවේ නමට හරි අන්ලිමිටඩ්නේ, :)


@උෂාන් කෝදාගොඩ විතාරණ

දුක තමයි...,


@පැතා

රවුටරේ නං TP-Link TD-8817. 4500 ක් වුනා. D-Link එක 4600 බට් සයිට් එකේ කිසිම සපෝට් එකක් තිබ්බේ නෑ. (GLB 802C)


@මල්ලි

ඔව් බන්, උන්ගේ තියෙන ගෑස්...:/ උන්ව කන්ඩ ආවා වගේ අපි දිහා බලන්නෙ ,


@magetalks

නෑ, TP-Link මේකේ USB එක Ubuntu 9.04 එක්කත් වැඩ, කිසම දෙයක් දෙන්න ඕනේ නෑ. නිකම්ම ගන්නවා. XP, Vista, 7 එක්කත් වැඩ.

අනූ said...

මේ දවස් වලට slt එකට #!#@ වෙලා. ගන්න දෙයක් නෑ තමා. නිතරම reset වෙනව.

ඔය රජයේ තැන් වලට ගිහිං කඩ්ඩෙන් දාපං එතකොට උං නැවිල එනව..

Thilina said...

@අනූ

බලනකොට හැමතැනම එකවගේ. මට පේන හැටියම මට Adsl ගන්න මටම කොම්පැණියක් දාන්න වෙනවා :P

කඩු ??? හෆෝයි..., තාම කඩුහරඹ බෑ නොවැ :D

බුද්ධික said...

මට නම් ADSL කිසිම අවුලක් නෑ බබ වගේ වැඩ.දුර වැඩි අය චීන බඩු ගන්න එපා,ඕවගේ SNR අඩුයි,ඒකයි වේගය අඩු හෝ නැත්තෙම,,මගේ යාලුවෙක්ට ඕක උනා.මගේ USR එක ගැහුවම Attainable Speed 700kbps,ඉතින් 512kbps කොහොමත් එනවනේ,ඒත් චීන එකක ආවේත් 192kbps ,ඒ නිසා පරෙස්සමින් 8km නම්,එයාගේ තිබ්බේ 6km ;)

Thilina said...

@බුද්ධික

ඉතින් තියෙන හැම එකම චීන ඒවා තමයිනේ ;) D link නං ගන්න තිබ්බා. ඒත් ඒ මොඩල් එකට කිසිම සපෝට් එකක් තිබ්බෙ නෑ. මේක චාටර් එකක්ද දන්නෑ. කෝ චෙක්කරලා බලන්න වත් මුන් adsl active කරන්නෙ නෑනේ

බුද්ධික said...

ඇයි USR,NetGear,Linksys වගේ ඒවා,කොහොමත් රවිටරයක් කියන්නෙ standalone නේ,ආයේ සපෝට් ඕනි නෑනේ,Dlink නම් Prolink වගේමනේ ;)

Thilina said...

@බුද්ධික

මට Adsl යාන්තමට හරි වැඩ කළොත් හොඳ රවුටරයක් ගන්න ඕනේ, ස්තූතියි විස්තර කිව්වට.

Post a Comment