About

Sunday, July 19, 2009

ජෙල් සහ මං

කස්ටිය කොහොමද ඉතින්..? ජෙල් කිව්වම එක එක ජාතියෙ පෙල් තියෙනව. මම මේ කියන්නේ හෙයා ජෙල් ගැන. ජෙල් කියන්නේ කොව්වර ප්‍රයෝජනවත් දෙයක්ද? මමත් ඉතින් මේ හෙයා ජෙල් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්senyum. දවස පුරාහ ජෙල් ගාගෙන තමයි ඉන්නේ... ගානව කිව්වට නානවsengihnampakgigi. දැන් ඉතින් ඒකේ ප්‍රතිඵල හම්බවෙලා. මගේ කොණ්ඩෙ දැන් තඹ පාට වෙලා. ඒක කමක් නෑ කියමුකෝ. ඒත් දැන් මාස 3 -4 ක ඉදලා මගේ කොණ්ඩෙ යනවා. හෆෝයි.... hah මට ලොකු ජෙල් ටින් එකක් පාවිච්චි කරන්න පුළුවන් මාස 1 1/2 විතර තමා. ඒකක් 150 විතර වෙනවා. ගෝල්ඩ් තමයි පාවිච්චි කරන්නේ. මටම දැන් තේරෙනවා ජෙල් පාවිච්චිය හොද නෑ කියලා. ඒත් ඉතින් කොණ්ඩෙට ගාන්න වෙන මොනවද තියෙන්නේ? හෙයා ක්‍රීම් ගාන්නත් බෑ. ජෙල් හොද නැත්නම් හෙයා ක්‍රීම් හොදත් නැ. අනිත් ඔප්ෂන් එක තමයි පොල්තෙල්. හෆෝ... ඒත් පොල්තෙල් ගාල පාරෙ බැහැල යන්නේ කොහොමද? sengihnampakgigiඅව්වට පොල්තෙල් ටික මූණ දිගේ බේරෙනවා. අනික තමයි ජෙල් ගෑවම වගේ කොණඩෙ ගල් වෙලා තියෙන්නෑ. ම‍ට කොණ්ඩෙ බේරගන්නත් ඕනේ ඒත් හෙයා ජෙල් අත්හරින්නත් බෑ... මේකට වෙන විසදුමක් අනතර්ජාලෙන්වත් හොයා ගන්න ඕනේ.


24 comments:

Anu said...

හෆෝයි ඇයි ගෝල්ඩ් පාවිච්චි කරන්නේ? ඒක මහ ජරා ජාතියක්නෙ. good look, gastby හරි kune හරි පාවිච්චි කරන්න. ඒව හොඳයි. මං නං ලොකු ටබ් එකක් පාවිච්චි කරන්නෙ මාසයයි. ජෙල් පාවිච්චි කරනවනම් අනිවාර්යෙන් නාන්න ඕනි. නැත්තං කොන්ඩෙට කෙල වෙනවා. ජෙල් අගුණයි වගේ නම් wax වලට මාරු වෙන්න. ඒක සිරා. හැබැයි ගාණ වැඩියි. නාන්න ඕනිත් නෑ.

Chamara said...

ලොක්කා‍ හිමාලයා එකෙන් ගහන හර්බල් ‍‍‍ජෙල් එකක් තියෙනවා.. අවුලක් නම් නැ. ගාලා බලන්න...

නිලන්‍ත said...

උඹේ කොන්ඩ කපපං. යකෝ රටේ තියෙන දහජරාව ඔලුවෙ ගාලා ඒකෙ ප්‍රතිපල දැකදැකත් තවත් ඒකම කරන්න හදනවනං උඹ ??? නෙමෙයි ?? බඳින කනුවක්. කැපුව හෝ නැතා අනික් ජෙල් වර්ගත් ටෙස්කරන්න යනවනං කොහොමත් කොන්ඩෙ ඉතුරුටිකත් යයි.

Anonymous said...

මුකුත් එපා.... කොණ්ඩෙ කපල හිටපන් නිකන් Will smith වගේ! :P

Kanishka said...

Black Knight හෙයා ක්‍රීම් ගාල මගෙත් කොණ්ඩෙ යන්න ගත්ත.
මම ඉතින් බොහොම සිම්පල් ප්ලෑන් එකකට මාරු උනා...
දැන් මම මොකුත් ගාන්නෙ නෑ.. :D :D
‍ගොඩක් වෙලාවට කැප් එක දානව.. ඉදල හිටල වතුර ගාගෙන යනව :D :D

Thilina said...

@Anu

මං මේ බැලුවෙ ජෙල් නැතුව වෙන ඔප්ෂන් එකකට යන්න. ඒත් ජෙල් නැතුවත් බෑ ගාලත් බෑ.


@chamara jayakody

හර්බල් කිව්වට ස්වභාවික කිසිම දෙයක් අඩංගු වෙලා තියෙනවද කියන එක සැක සහිතයි.


@නිලන්‍ත

ජෙල් හොද නැති නිසා වෙන ඔප්ෂන් එකක් තියෙනවද කියල තමයි මමත් හොයන්නේ (හැබැයි කොණ්ඩෙ නොකපා :D)


@නුවන් චින්තක

කොණ්ඩෙ කපන්න බෑ බං....:D


@Kanishka

මට පේන විදියට මමත් කැප් දාන්න පුරුදු වුනොත් හොදා වගේ. වෙන ගාන්න දේකුත් නෑ මට කොණ්ඩෙ කපන්නත් බෑ :D

said...

අනේ බන් ඔළුවේ ගෑවටනම් කමක් නැහැ මාරි බිස්කට් වල ගාගෙන කනව එහෙම නෙමෙයි හරිද

Prabath Chaminda said...

Brylcreem Wet look eka maru, Matanam masayak wath ganna madi eka.
Mama awurudu 2k tisse gawa. No Probs..

Thilina said...

@ම

හික් හික්... මම දැක්කා උඹත් ජෙල් කන එක ගැන පෝස්ට් එකක් ලියල තිබුණා. කොණ්ඩෙට ගාලා මෙහෙම නං කෑවොත් කොහොම හිටියි ද? :)


@Prabath

මම ජෙල් ගාන්න පටන් අරන් අවු 5 ක් විතර වෙනව. ඒක නිසයි මට මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. උඹත් බලාගෙන, කොණ්ඩෙ යයි :)

Prashan Fernando said...

Matath Oya prashnema thiyenawa. Gel gaannath behe. polthel gawata wadak nehe. Kawuruhari dannawada wena monawahari behethak. mokada kongeta mokuth nogawama konde ahanne na. maha wadayak

Anonymous said...

ඉතිං තඹ පාට වෙන එක හොදයිනේ.. අනිත් අය කීයක් දීලද කොන්ඩේ තඹ පාට කර ගන්නේ....

හික් හික්...

Thilina said...

@Prashan

ඒක තමයි බං.... අපිට වෙන ඔප්ෂන් එකක් නැද්ද?


@'පිස්සා'-

හික් හික්.. අවු 5 ක් විතර ජෙල් ගෑම නිසා නොමිලෙම කොණ්ඩෙ තඹ පාට කරගන්න පුළුවන් වුනා :D

Anonymous said...

පෙනෙළ ගෙඩි ගාන්න. සිංහල බෙහෙත් කඩ වල තියෙන්වා.. වතුර ටිකක් දාල අතේ පොඩි කරල පෙන ආවම ගාන්න.. Just try..no brob...and have some sent..

Unknown said...

එහෙනම් මචං පොල්ජෙල් ගාපං

Thilina said...

@Anonymous

හික් හික්... කෝමාරිකා ටිකක් ගාන්න බැරි වෙයිද?


@චම්පික රත්නායක

පොල්තෙල් හා ජෙල් මිශ්‍ර කර කොණ්ඩෙට ගෑම අහිතකරයි බං...

Prashan Fernando said...

@anonymous:
machan oya penela gedi kathawa sirada??? thawa visthara tikak kiyapanko.

ηiRσ said...

Lol try silicon oil. I never realized guys thought so much about hair.! And wax isn't a healthy option either. Too much chemicals eveidently - not for everyday use - at least thats what my hair dresser said.

Thilina said...

@niroshinie

හෆෝයි කඩු ප්‍රහාරයක්.. :D තේරෙන විදියට වැක්ස් සිද්ධියක් තමයි කියල තියෙන්නෙ.

බුද්ධික said...

මම වගේ මොකුත් නොගා හිටපන් මචං,කරල බැලුවම තේරෙයි ඒක එළම ඔප්ෂන් එකක් කියල, හි හී ;) :P

Thilina said...

@බුද්ධික

මම ඊයේ මගේ කොණ්ඩෙ කොටටම කපලා දැම්මා...

Anonymous said...

AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@


aPITA kOINDA kONDA ................>>>>>>>>>>>...>

දුකා said...

මේ බ්ලොග් එක දැක්කේ මම පහුවෙලා . . . පොල්තෙල් වලට කැමති නැතිනම් . . එඬරු තෙල් ගාලා බලන්න . . කොන්ඩෙටත් හොඳයි . . . ඔරිජිනල් එක නම් මාර ගඳයි . . .දැන් බෙහෙත් කඩවල තියෙනවා සුවඳ මුසු කරපු එක . . ගාලා බලන්න . . .

Thilina said...

@Anonymous

ඇයි උඹ තට්ටෙ ගාලද ඉන්නේ ? :)


@දුකා

මේකනේ ප්‍රශ්නේ. තෙල් ගාලා අව්වෙ ගි‍යොත් තෙල් ටික මූණ දිගේ බේරෙනවා. ඒත් බලමු මේකවත් ගාලා, වෙන ගාන්න දේකුත් නෑනේ.

Wiz Kun said...

Try Castor oil, Vaseline or Olive oil..

Post a Comment