කස්ටිය කොහොමද ඉතින්...? ඩෙස්ක්ටොප් කොම්පියුටරක් තියෙන එකෙක් ගෙන් මැසිමෙ තියෙන processor එක මොකක්ද කියල ඇහුවොත් බොහොවිට ලැබෙන උත්තරය තමයි Intel. ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ Intel Processor තමයි. AMD, VIA ත් තියෙනවා. දැන් ඉන්ටෙල් ලගේ සාමාන්‍ය ඩෙක්ස්ටොප් socket එක LGA775 තමා. Intel CPU පාවිච්චි කරන ගොඩක් අයගේ තියෙන්නේ මේ socket එක තමා.
ඒත් දැන් මේ LGA775 socket එකට කනකොකා හඩන්නයි එන්නේ...
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදි Core i5 CPU නිකුත් විමට නියමිතයි. ඒත් මෙ නව LGA1156 socket එක සහිත මව් පුවරු දැනටමත් නිපදවා අවසානයි. ඒ සදාහා ඉන්ටෙල් සමාගම හදුන්වා දි ඇති නවතම chipset වනුයේ P55 හා P57. කෙසේ වෙතත් නව LGA 1156 හා LGA1366 socket සහිත මව්පුවරු හා CPU මිලදි ගැනිමට තිබුණත් දැන් අපේ මිතුරා වන LGA775 එක සහිත CPU හා මව්පුවරු 2011 - 2012 දක්වා වෙළදපොළ තුල රැදි තිබෙනු ඇත.
පින්තූර ගත්තෙ මෙතනින්
4 comments:
අපිටමයි වෙන්නේ 2012 ට පස්සේ board ගියොත් ඉවරයි නේද?
@රන්දීර වීරකෝන්
බෝඩ් එක කෙසේ වෙතත් CPU එක ගියොත් නම් ප්‍රශ්නයක් වෙනවා.. ඒත් වොරන්ටි දෙන්න ක්‍රමයක් ඇති.
අඩෝ තෑනික්ස් නිවුස් එකට.. මම නම් ඉතින් socket478 :P
@Kanishka
එළ එළ... දැන් කෙලින්ම LGA1156 ටම බහින්න තියෙන්නේ... :)
Post a Comment