About

Wednesday, February 3, 2010

කොම්පියුටරය හා සෞඛ්‍ය

කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි ජනවාරි මාසෙත් ගෙවිලා ඉවරයි, ඡන්ද උණුසුම හින්දා ඇඟටත් නොදැනිම ගෙවිලා ගියා කියලයි හිතෙන්නේ garupale, දන්නවනේ මේ කාළේ කොම්පියුරෙයෙන් නොකරන්නේ මොනවද? නිවුස් බැලීමේ ඉඳලා රොකට් යවන එක දක්වා සේරම කරන්නේ කොම්පියුරයේ පිහිටෙන්. ගොඩක් අය දවස පුරාම කොමිපියුටරය ඉස්සරහා. මේ විදියට දවස තිස්සෙම කොමිපියුටරයත් එක්ක ඉන්නකොට අපිත් නොදැනිම අපිව ලෙඩ වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ලෙඩ වෙන්නෙ ඇස්දෙක. ඊලඟට කොන්ද, බෙල්ල, වැලමිට, මැණික්කටුව, වගේ තැන් ටික ටික ලෙඩ දෙන්න පටන් ගන්නවා garupale. ගොඩක් ‍ වෙලාවට වැරිදි විදියට කොම්පියුටරය ඉස්සරහ ඉන්නකොට තමයි මේ ආබාධ ‍වැඩි වෙන්නෙ. ඉතින් නිවැරදි විදියට කොමිපියුටරය ඉස්සරහ වාඩි වෙනව නං මේ ලෙඩ ටිකක් අඩු කරගන්න පුළුවන්. කොම්පියුටරය හා ඇස්දෙක ගැන ගොඩක් අය ලියලා තියෙන නිසා මම ඒගැන නොලියා ඉන්නම්. ඊලඟට වැඩියෙන්ම ලෙඩ වෙන්නෙ ‍බෙල්ල සහ කොන්ද. කොම්පියටරයේ තියෙන සමහර පොඩි අකුරු කියවනකොට මොනිටරය පැත්තට නැමෙන්නෙ නැතුව, කොමිපියුටරය ලඟ වාඩි වෙනකොට කොන්ද හොඳින් පුටු ඇන්දට ‍හේත්තු කරගෙ ඉන්නව නං කොන්දෙ අමාරු අඩුකරගන්න පුළුවන්. මොනිටරය ඇස් මට්ටමේ තියාගත්තොත් බෙල්ලෙ ඇතිවෙන අමාරු ගොඩක් වෙලාවට අඩුකරගන්න පුළුවන්. ලොකු පොත් කීපයක් තියලා මොනිටරේ ලේසියෙන්ම තමන්ගෙ ඇස් මට්ටමට උස්සලා ගන්න පුළුවන් garupale.

ඊලඟට මැණීක් කටුව. අපි දවසකට mouse clicks කීයක් කරනව කියලා හිතනවද? clicks 1000 කට වැඩිය කරනවා garupale. (කස්ටියටත් තමන් දවසකට clicks කොච්චර කරනවද කියලා බලන්න කැමති නං මෙන්න පොඩි ටූල් එකක් තියෙවා බාගන්න Workrave වින්ඩොස්, ලිනක්ස් දෙකටම) ඉතින් මේ clicks තොගය කරන්න මවුස් එක එහාට මෙහාට කරන කොට වගේම ටයිප් කරනකොටත් මැණික් කටුව වැරදි ඉරියව්වකින් තියාගෙන හිටියොත් වැඩි කාලයක් යන්න කලින් මැණික් කටුව ලෙඩ දෙන්න පටන් ගන්නවා. හැකි තරම් මැණික් කටුව නමන්නේ නැතුව, කෙලින් තබා ගත්තොත් ගොඩක් ආබාධ අඩු කරගන්න පුළුවන්. ඉතින් දවස තිස්සෙම කොම්පියුටරයට එබී‍ගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් ජිම් එකකට එහෙම ගිහිල්ලා ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නං තමන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ වෙයි bising.

3 comments:

said...

මගෙනම් දැනටම මැණික් කටුව රිප්ලේස් කරන්න වෙලා. සිරාවට දන්න හොඳ වෙද මහත්තයෙක් එහෙම නැද්ද ඒ වැඩේට? මොකෝ ඉංග්‍රීසිවෙදකමේ ඒකට තියෙන්නේ ඔපරේෂන් එකක්ලු ඒත් සිංහල වෙදකමෙන් තෙල් ගාලා හොඳ කරන්න පුළුවන් කියලා මන් අහලා තියෙනවා

ත‍රිඳු said...

මගේ කොන්ද ගියා. ඕකට කියන්නේ muscle spasm කියල. මට මාස 6ක් යනවා හොඳ වෙන්න. treatments මාස 6ක්. ආතල් නේ. කට්ටිය පරිස්සම් වෙන්න.

Thilina said...

@ම

දොස්තරලා නං මම දන්නෙ නෑ. හොඳ දොස්තර කෙනෙක් හම්බවුනොත් මටත් කියන්න. මගෙත් දැන් ටික ටික මැණික් කටුව රිදෙනවා. මේක ලිව්වෙත් ඒ නිසයි


@ත‍රිඳු

ඔව් ඔව්, පරිස්සම් වෙන්න ඕනේ.. මේ ලෙඩ හිතනවාට වඩා බරපතලයි.

Post a Comment