කස්ටිය කොහොමද ඉතින්..? දැන්නං බ්ලොග් ලියවෙන්නෙත් නෑ වගේ. මේක පටන්ගත්තු දවස් වල මසෙට post 10 - 12 ක් දැම්මත් දැන්න ඒක 2 - 3 ක් දක්වා අඩු වෙලා
. බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම නං නෙවේ ලියන්න දෙයක් නෑ.. බිලොග් එකක් පටන් ගන්න ලේසි වුනත් ඒක දිගටම පවත්වාගෙන යන්න කොච්චර අමාරුද කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා
.
ලියන්නේ මොනවද කියලා පහුගිය දවස් ටිකේම කල්පනා කරනකොට අද උදේ මම අඳුරන අක්කා කෙනෙක් මට කෝල් එකක් දුන්නා. ඒ අක්කා අළුතෙන් ලැපක් සහ සුපිරි අධීවේගි මොබිටෙල් උපහාර අන්තර්ජාල සම්බන්ධතාවකුත්
අරගෙන ඒත් පොඩි අලයක් තියෙනවලු. අලේ තමා මොඩම් එක (Huawei E156G) Detect නොකිරීම. අනුන්ගේ කොම්පියුටර් හදන්න ගිහිල්ලා මම ඕනේ තරං පරිප්පු කාලා තිබුණත් අළුත්ම ලැප නිසා වැඩේ භාරගත්තා
. ඔන්න ඒ අක්කා අළුත්ම ලැපත් උස්සාගෙන අපේ ගෙදර ආවා. ආසාවේ බෑ... කිරි කිරි ලැප..
හැබැයි ඒක celeron CPU එකක්, OS එක Genuine Windows 7 Home Basic 64bit තියෙන ලැපක්.
පස්සේ මමත් ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. මොඩම් එක plug කළාම මොඩම් එකේ Software එක CD Rom එක විදියට detect කරනවා ඇරෙන්න, මොඩම් එකක් විදියට detect කරන්නේ නෑ. ඒ අක්කා Mobile Partner එක Install කරන්න ගිහිල්ලා වැඩේ අල කරගෙන වගේ
. ඉතින් මම Mobitel Partner එක අයින් කරලා ආයෙත් Install කරලා බැලුවා. එත් සිද්ධිය එකයි. Dvice Manager එකට ගිහිල්ලා බැලුවත් එතනත් මොඩමය නෑ. scan for hardware changes click කරලත් බැලුවා. කිසිම සද්දයක් නෑ
. පස්සේ system restore කරන්න බැලුවම last restore point එක තියෙන්නෙත් සෑහෙන දවසකට කලින් එකක්. ඒ අදහසත් අත්ඇරලා මගේ මැසිමෙන් Google දෙයියන්ගේ උදව් පැතුවා. මෙන්න තියෙනවා උත්තරේ.., ඉතින් මේකෙ තියන විදිය කළාම ගානට මොඩම් එක Mobile Partner එකෙන් detect කරලා Signal එහෙම ආවා
. අන්තර්ජාලය කොච්චර හොඳද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා.
පස්සේ ලැපෙන් නෙට් ගිහිල්ලා, Windows Update කරලා, Avast Anti virus එකයි, VLC, Fire Fox, Skype, Office 2007 හොර කොපියකුත් දාලා
(Open Office එපා කිව්වනේ
), Unicode ගැන විස්තරේකුත් කියලා ඒ අක්කව පිටත් කළා. සුපුරුදු පරිදි ස්තූතියක් හම්බවුනා
. මේ කෙනුත් අළුත් දෙයක් ඉගෙන ගත්තා + අළුත්ම ලැපක් පැය 2 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් වුනා. මොබිටෙල් එකේ සුපිරි බව නිසා Windows Update (~160MB) වෙන්නයි, අනෙක් Software බාන්නයි හිතුවට වඩා වෙලාවක් ගියා.
ලියන්නේ මොනවද කියලා පහුගිය දවස් ටිකේම කල්පනා කරනකොට අද උදේ මම අඳුරන අක්කා කෙනෙක් මට කෝල් එකක් දුන්නා. ඒ අක්කා අළුතෙන් ලැපක් සහ සුපිරි අධීවේගි මොබිටෙල් උපහාර අන්තර්ජාල සම්බන්ධතාවකුත්
පස්සේ මමත් ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවා. මොඩම් එක plug කළාම මොඩම් එකේ Software එක CD Rom එක විදියට detect කරනවා ඇරෙන්න, මොඩම් එකක් විදියට detect කරන්නේ නෑ. ඒ අක්කා Mobile Partner එක Install කරන්න ගිහිල්ලා වැඩේ අල කරගෙන වගේ
පස්සේ ලැපෙන් නෙට් ගිහිල්ලා, Windows Update කරලා, Avast Anti virus එකයි, VLC, Fire Fox, Skype, Office 2007 හොර කොපියකුත් දාලා
5 comments:
මම නම් මේ දවස් වල අනික් අයගේ කම්පියුටර් වලට අත ගහන්නේ නැහැ. මොකො අන්තිමට වින්ඩෝස් දාන්න වෙලා නවතින්නේ
ela ela aparade lap eka celereon ekak aran thiyenne, mallita kiyalama lap ekath gattanam hari ;)
@ම
මමත් බැරිම තැනකදී මිසක් අනුන්ගේ කොමිපියුටර් වලට අතදාන්නෙ නෑ...
@Dish[Savi]
celeron කියලා එච්චරම අවුලක් නෑ වගේ. බබාවගේ වැඩ කළා. මාවත් ලැප අරගන්නකොට එක්කං ගියානං ලැපට දෙගුණයක් විතර වියදම් වෙනවා :P
adi wega jan jaale nam kiyalaa wadak naa..
460kbps wala idan 115.3kbps wenakam wishaala madili gananak tiyenawa :P
@Anonymous
හ්ම්.. දැන් මොබිටෙලයෙන් බොහෝ විට 20KBps - 45KBps අතර වේගයක් තමා ලැබෙන්නේ..
Post a Comment