About

Thursday, February 11, 2010

Bajaj Pulsar 135

කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ ඉතින් මම බයික් වලට මාර ආසයි නෙවැ garupale. ඉතින් ලංකා‍වට එන අළුත් බයික් ගැන ටිකක් විතර සෙවිල්ලෙන් ඉන්නව. දැන් ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඉන්දියන් බයික්නේ. ඒකෙනුත් Bajaj ඉදිරියෙන් ඉන්නව කියලා හිතෙනවා. මෙන්න දැන් Bajaj එකෙන් අළුත් බයික් එකක් ඇවිත් ඒ තමයි Pulsar 135 LS DTS-i. අළුත්ම කිව්වට මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒත් තාම ලංකාවේ නං නෑ. බයික් එකේ පෙනුම ගැන බැලුවොත් මේක ටිකක් විතර Bajaj XCD එකට සමානයි වගේ. engine එක ගැන බැලුවොත් 135cc 4 stroke, singal cylinder, 4 valve, 5 speed gearbox එකක් සහිත එන්ජින් එකක් තමයි තියෙන්නේ.


Pulsar 150, 180, 200 වල තියෙන ඉදිරිපස ‍disc brakes (240mm), LED tail lamp, සහ Digital speedometer, Nitrox shocks වගේ පහසුකම් තියෙනවා. දැනට තියෙන සාමාන්‍ය handlebar වලින් වෙනස්ව Pulsar 220 දී යොදාගෙන තිබුණු handlebar එකට සමාන handlebar එකක්ද නව Pulsar 135LS වලට අඩංගු කර තියෙනවා. කළු හා රතු වර්ණයෙන් ලබා ගැනීමටත් පුළුවන්. ලංකාවේ පෙට්රල් වල ගණනුත් වැඩි නිසා engine ධාරිතාව අඩු මේ Pulsar 135LS බයික් එක ලංකාවේ වඩාත් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා.

වැඩි විස්තර ඕනේ නං මෙතන කොටන්න.

23 comments:

බිඟූ said...

මම හිතන්නේ නෑ මේක එච්චර නැගලා යයි කියලා.
මේකේ පික් අප් එක මදි.
පල්සර් ගන්නේ ඇරලා යන්න මිසක් බඩගාන්න නෙමෙයිනේ...


/බිඟුවා...!

said...

මටනම් බයිසිකල් වල මොකක් තිබ්බත් වැඩක් නැහැ සීට් එක යට බෝතලයක් දාන්න ඉඩ නැත්නම්. ඒක නිසා මන් නම් කැමත් ඒ ජාතියේ ඒවාට තමා.

sltorents said...

ලංකාවෙ කටිටියට ඉතින් මොනව අාවත් ගන්නවනෙ.

Thilina said...

@බිඟුවා...!

ඔව්, 135cc නං මදි තමා... :P ඒත් පල්සර් එකකුත් ඕනෑ, පොකැටි එක ගැනත් හිතන අයට හොඳ තේරීමක් වෙයි


@ම

හික් හික්.., මේ බයික් වල නං බෝතල් දාන්න ඉඩ නෑ :D හොඳ බෑග් එකක් අරන් යන්න වෙනවා බෝතලේ ගෙන්න.


@sltorents

ඒකනං ඇත්ත.

Buddhi said...

ඉන්දියන් බයික් කෝකත් එකයි. අවු 2 පනින කොට තමා ඉන්දියන් කාරයගේ දෙමවිපියො සිහිවෙන්නෙ.

said...

ගේන්න යනකොටනම් බෑග් එකක් ගෙනියන්න පුළුවන් බන් ඒත් ස්ටොක් එකේ තියා ගන්න බැහැනේ බෑග් එකක දාගෙන හැමදාම. ඒවගේද ස්කූටියේ සීට් එක ඇරිය දැම්ම. යන එන හැමතැන බඩුෂුවර්

ඒ කතාවනම් සහතික ඇත්ත. මුලදි හොඳයි පස්සේ චාටර් අනික කෑලි එහෙමත් අනික් වට වඩා ගනන්

Anu said...

මං නං බයික් ගැන මෙලෝ දානයක් දන්නෙ නෑ. හැබැයි ජපං බයික් මාර පෙනුමයි.

Thilina said...

@බුද්ධි

ඔව්, අවු 2 ක් යනකොට බයික් එක ඉවරයි. බයික් එකට අවු 1 1/2 ක් වගේ වෙනකොට කාගේ හරි ඇඟේ ගහන්න ඕනේ :P


@ම

හික් හික්..,


@Anu

ජපන් බයික් නං හොඳයි තමා. ඒත් ඒ ගානට ඉන්දියන් බයික් 2-3 ක් ගන්න පුළුවන්.

GNS said...

දැං තියෙන Pulsar එක cc කීයද? ;)

Unknown said...

@ම
tvs flame එකක් ගත්තොත් බොතලයක් බැරිවුනත් භාගයක් කැබිඑකේ දාගෙන යන්න පුළුවන්.

Thilina said...

@ගයන්ත

150 :P

Anonymous said...

dan thiyena ekata wada 15ne adu.. :D

Thilina said...

@ගයන්ත

ඔව් ඒක නං ඇත්ත. ඒත් මේක 4 valve බයික් එකක්.

Anonymous said...

KO??? meka thama awe nane...........

Thilina said...

@Anonymous

ඉක්මනටම එයි.. :)

Anonymous said...

meka nam ena bike akak nemei.... aparade balan hitiye....

Thilina said...

@Anonymous

පොතේ හැටිය‍ට මේක ලඟදිම එන්න ඕනේ.

Anonymous said...

pothata waradilada dan na.man dan 2months waiting. bajaj eke connections athine.hoyala balamuda?

Thilina said...

@Anonymous

මම Bajaj එකෙන් අහලා බැලුවා. ඒත් එයාලට හරියටම මේක ලංකාව‍ට එන දවසක් ගැන කියන්න බෑලු. :(

Anonymous said...

ny way thanx.......

Unknown said...

දැන් නම් බයික් එක ලංකාවෙ තියනව නේද? පෙනුම නම් වරදක් නැහැ. එත් 135 තමා අවුල

Thilina said...

@sanath

135 නං මදි තමා.

Danushka Sampath 0772862064 said...

මටනම් හොදයි 200 හෝ 220. මොකද ඇරල යන්න පුළුවන්නේ....
Danushka

Post a Comment