කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ windows 7 නුත් ආවා. කස්ටිය දැන් වින්ඩෝස් 7 දාලත් ඉවර ඇති. ඒත් netbook එකක් තියෙන එක්කෙනෙක්ට හරි DVD drive එකක් නැති එක්කෙනෙක්ට හරි windows 7 install කරන්න වුනොත්..? USB Flash drive තමයි පිහිට. Bootable USB flash drive එකක් Command Prompt එකේ කෝඩ් දෙකතුනක් කොටපුවාම හදාගන්න පුළුවන් . ඒත් දැන් Microsoft සමාගම Windows 7 USB/DVD Download Tool කියලා පොඩි ගැජට් software එකක් නිකුත් කරලා. (Free & open source ) මේකෙන් bootable Win 7 Flash drive එකක් හදා ගන්න පුළුවන්. පස්සේ Flash drive එකේ ඉඳලා win 7 install කරන්න පුළුවන්. මේකට අවශ්‍ය windows 7 ISO එකක් Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නං win 7 DVD එකක් තියෙනව නං DVD drive එකක් තියෙන කොම්පියුටරයකින් ISO image එකක් හදාගන්න පුළුවන්. දැන් Windows 7 USB/DVD download tool එකෙන් bootable USB flash drive එකක් හදලා දෙයි
දැන් කොම්පියුටරය Flash drive එකෙන් Boot කරලා සාමාන්‍ය විදියට windows 7 install කරන්න. හරිම සරලයි. තව දෙයක් ඉස්සෙල්ලාම Flash drive එක backup කරගන්න. 4GB ප්‍රමාණයේ Flash drive එකක් මේකට වුවමනා වෙනවා.
Windows 7 USB/DVD Download Tool බාන්න. Free & open source (2.59 MB)
11 comments:
ela neda?
/Nishantha
(Free & open source) මට නිකං කැස්සක් වගේ ආවා... හි හි
එල එල , තෑන්ක් යු...
එල එල
@නිශාන්ත අනුරුද්ධ
එළ එළ... :)
@සහන්
ඒකතමා Free & open source, කවදා කාපු ටකරංද :P
@Priyankara Perera
:)
@Naliya
:)
ම්.. ඕක හොදා නෙට් බුක් වගේ ඒවට.. මාත් නෙට් බුක් එකක් ගත්තු දවසක ට්‍රයි කොරන්න ඕන :P
@Kanishka | කණියා
එළ එළ.., නෙට් බුක් සඳහා විශේෂයි.. :D
ආ.. දැන්නෙ දැක්කෙ මූ ඒක කියල තියේ කියල :D දැන් ඉතින් මකන්නැයි :D ඔහෙ තිබිච්චාවෙ.. මම වගේ එවුන් තව ඇතිනේ :P
වටිනවා. ස්තූතියි තොරතුර ට..!
ශාහ් මචාන්.. එළ..ස්තුතියි.. බාල බලන්න ඕන..
ubuntu වගේ එකක් usb දාන්න මෙන්න මේකෙන් පුලුව්නි.. :)
http://unetbootin.sourceforge.net/
@L15H4N
එළ එළ...
@ජනුක
එළ එළ දාලා බලන්න. ubuntu ලින්ක් එකට ස්තූතියි
Post a Comment