About

Tuesday, September 29, 2009

Free cc.co domain + Free Hosting + Wordpress = Blog

බ්ලොග් ලියන ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ එක්කෝ Blogger නැත්නං Wordpress. එතකොට URL එක වෙන්නේ mymane.blogspot හෝ myname.wordpress. ඉතින් මේ පිටිපස්සේ තියෙන blogspot, wordpress අයින් කරගන්න පුළුවන් නං ??? ඉතින් අපිට මේකට අපේම ‍ඩොමේන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් මේක අත්හදා බැලුවේ මේ ළඟදී. මේ තියෙන්නේ මං කරපු විදිය. ඉතින් මේ ලිපියේ වැරදි අඩුපාඩු එහෙම තියෙනව නං දන්න අයියලා නිවැරදි කරන්න ඕනෑ.

මම මේකට යොදා ගන්නේ co.cc ඩොමේන් එකක්. මේක ඇවිල්ලා නොමිලේ ලබාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම www.co.cc සයිට් එකට ගිහිල්ලා තමන් කැමති ඩොමන් එකක් ගන්න පුළුවන්. සමහර විට Top Domain වලට $3 සිට ගෙවන්න වෙනවා. උදා: thilina.co.cc වලට $3 ක් ගෙවන්න වෙනවා sengihnampakgigi . ඉතින් අකුරක් දෙකක් වෙනස් කරලා free එකක් තෝරාගන්න.



පස්සේ mail address එක දීලා රෙජිස්ටර් වෙන්න. දැන් ඕක ඔහොම්මම තියලා වෙන ටැබ් එකක දෙවනි පියවර කරන්න. තවත් දෙයක් free කියලා වවාගෙන කන්න නං එපා. එතකොට තවත් කෙනෙකුට තියෙන අවස්ථාවක් නැතිවෙයි.

දෙවනියට අපිට web Hosting අවශ්‍ය වෙනවා. Free Hosting දෙන තැන් ගොඩක් තිබුණත් මේ එකක් ගැන වත් විස්වාස කරන්න නං අමාරුයි. ඒත් අපිට කොයින්ද Hosting ගන්න සල්ලි. මම මේකට ගන්නේ Byethost තව 000webhost, 000space.com, ‍තියෙනවා. දැන් user name, passwaord, mail දීලා රෙජිස්ටර් වෙන්න. පස්සේ Byethost එකෙන් මේල් එකක් එයි. ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා Hosting එකවුන් එක ඇක්ට්ව් කරගන්න. පස්සේ Control Pannel එකේ Username, password අනං මනං ටික ලැබෙයි. ඒක කොහේ හරි සේව් කරගන්න. එකේ තියෙන්නේ Control pannel තව FTP Server සහ MySQL Database වල username, passwords. (මේල් එකකුත් එයි) Control panel URL එක ක්ලික් කරලා Control pannel එකට යන්න. මේක ඇවිල්ලා Vista Pannel .

දැන් Domains එක යටතේ තියෙන Addon Domains ක්ලික් කරලා ඒකේ තියෙන Name Servers to use කියන එක බලන්න.



දැන් අර ඉස්සෙල්ලා ගත්තු co.cc ඩොමේන් එකට ගිහිල්ලා Domain Setup ගිහිල්ලා ඒකෙන් Name Server එකට ගිහිල්ලා ලැබිලා තියෙන Name Server ටික දාලා setup ක්ලික් කරන්න.


පස්සේ control pannel එකට ගිහිල්ලා Domain Name කියන තැනට අරගත්තු co.cc ‍‍ඩොමේන් එකත් දාන්න අමතක කරන්න එපා.


දැන් සේරම හරි හැබැයි දැන් අපිට දවස් තුනක් වත් බලාගෙන ඉන්න වෙනවා.


දැන් අන්තිම පියවර. wordpress ස්ථාපනය. මේක ඇවිල්ලා මැනුවල් කරන්න පුළුවන්. ඒක කරන හැටි මෙන්න මෙතන තියෙනවා. පළවෙනි පාරට මේක කරන එක්කෙනෙකුට මේක ටිකක් අමාරුයි. ඒ නිසා iVista - Easy Script Installation පාවිච්චි කරමු. vista panel වලට ගිහිල්ලා Software & Services යටතේ iVista - Easy Script Installation ක්ලික් කරන්න.


ඩොමේනය හරියට සෙට් වෙලා නං Destination for installed script: කියන තැන අපි ගත්ත ඩොමේන් එක තියෙන්න ඕනේ.
ඩොමේන් එක select කරලා ඉස්සරහට යන්න.



ඊලගට WordPress ඉස්සරහ තියෙන install එක ක්ලික් කරන්න. දැන් complete install . වැඩේ ෆින්ෂ්. අපිට දැන් අපේ co.cc සයිට් එකේ usermane, password ලැබිලා තියෙනවා Script Admin CP ඉස්සරහ තියෙන ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට යන්න. දැන් ඉතින් ලස්සන තීම් එකක් එහෙම දාලා බ්ලොගයට නමක් දීලා දෙයියනේ කියලා බ්ලොග් ලියන්න පටන්ගන්න තමයි තියෙන්නේ.


මතක තියාගන්න මේ Free Hosting වල කල්පැවැත්ම ගැන නං සහතික වෙන්න බෑ. හෙට මේ Free Hosting සයිට් එක වාෂ්ප වෙන්න පුළුවන් sengihnampakgigi . ඒ නිසා පරිස්සමෙන්.

14 comments:

අනූ said...

කාට හරි ඕනි නං අවුරුද්දට රුපියල් 1700 ඉඳල ඩොමේන් එකක් එක්කම හොස්ට් කරන්න තැන් තියනව. මම ස්පෑම් කරනව නෙමේ. ;)

දුකා said...

ම් ම් ම් හොඳ වැඩක් වගේ . . ! !

Gayan Tharaka said...

@අනු
.info එව්වද

Thilina said...

@අනු

ඈ...? ඒ කොහේද? මටත් .com එකක් ගන්න ඕනෑ.


@දුකා

හෙ හේ.. ස්තූතියි.

Anu said...

www.myhostlanka.com මේක තාම සිරාවටම පටන් අරං නෑ. හො‍ඳේ. හැබැයි ඉතිං මම වැඩේ සෙට් කරල දෙන්නං.

අමිල said...

මාත් පාවිච්චි කරන්නේ co.cc තමා.හොස්ටින් එකත් Byethost ම තමා.
ෆී ස්ක්‍රිප්ට් වල වර්ඩ් ප්‍රෙස් වගේම තව සිරා ස්ක්‍රිප්ට් තොගයක්ම තියනවා.(ෆෝරම් හදන්න ඕන නං phpBB එහෙමත් තියනවා).
000webhosting වල ස්කි්‍රප්ට් ඉන්ස්ටෝල් කරද්දී සමහර වෙලාවට අවුල් යනවා.මම ඕකට ගුග්ල් ඇප්ස් එහෙමත් දැම්මා. නියමෙට වැඩ

Thilina said...

@Anu

තැන්කූ තැන්කූ, බට් 500MB & Bandwidth 2GB නිසා 1700ට පාඩු නැද්ද?


@අමිල

ඔව් 000webhosting මටත් හරි ගියේ නෑ. Byethost ස්ක්‍රිප්ට් ගොඩක් තියෙනවා. ඒත් දවසකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් 3ක් නිසා පරිස්සමෙන් කරන්න ඕන.

මනුශාන් said...

වෙබ් හොස්ටින් වලටනම් ඔයිට වැඩිය ලාභ හොද සේවාවක් දෙන තැන් තියෙනවා
ම් Easy Script Installation එකෙන් ස්ක්‍රිප්ට් එක Install කරාම සිංහල වැඩ කරන්නේ නෑ සිංහල පෙන්නනේ " ????????????? " විදියට
ඒක හදා ගන්න MySQL DB type එක හා table/data feeds UTF-8 කරන්න ඔනේ.

Thilina said...

@මනුශාන්

අප්පටසිරි, ඇත්තටම මම සිංහල දාලා බැලුවේ නෑ. බලමු සිංහල දාලා. ස්තූතියි මේ දේ කිව්වාට

Anu said...

@Thilina
ඕක ඔය හවුල් ව්‍යාපාරයක්. බ්ලොග් එකක් කරන්න මං හිතන්නෙ ඒ ගාන ඇති වගේ නේද? ගාන දාල තියෙන්නෙ ඩොමෙන් එකටත් එක්ක.

Shirosh said...

Wordpress නැතුව දැනට මා ගාව තියෙන blogger එක සෙට් කරන්න බැරිද?

Thilina said...

@Shiroshan Randika

ඒක නං මම හරියටම දන්නෑ. බොහෝවිට පුළුවන් ඇති. පොඩ්ඩක් ටෙක්කතා වලින් අහල බලන්න.

සෙනරත් said...

ෂා.....නියම වැඩක් නේ....
ස්තූතියි....කියලා දුන්නට.

senarath said...

byethost වල සිංහල පේන්න, MySQL DB type / Table data feeds UTF-8 එක හදාගන්න හැටිත්, මුල ටික වගේ පියවරෙන් පියවර කියලා දෙන්න බැරිද? (ඉක්මනටම)

Post a Comment