කස්ටිය කොහොමද ඉතින්..? මේ කාලේ හැමෝටම ෆෝන් එකක් තියෙනවනේ. දැන් මෙන්න ඔරලෝසු වලත් ෆෝන් තියෙනවලු. ෆෝන් එක ගඩොල් භාගයක් වෙච්ච කස්ටියට හොද ආරංචියක්. LG සමාගම තමයි මේ ඔරලෝසු ෆෝන් එක නිපදවල තියෙන්නේ. මේ අගෝස්තු 27 වෙනිදා LG සමාගම orange සමාගම සමග එකතු වෙලා මෙම ඔරලෝසු ෆෝනය නිකුත් කිරීමට නියමිතයි. මේක ඇවිල්ලා කොච්චර පොඩ් වුනත් දැනට තියෙන සුපිරි ජංගම දුරකථනයක පහසුකම් තියෙනවා. touchscreen, 3.5G HSDPA, VGA Camera, Bluetooth, Video calls ආදි අවශ්‍ය කරන සියළුම පහසුකම් තියෙනවා. (මට දැනට තියෙන සුපිරි ජංගමයේත් මෙච්චර පහසුකම් නෑ) මේකෙ මොඩ්ල් එක LG GD910.
මේකේ ගාණ නම් තිරණය වෙලා තියෙන්නේ $ 800 - 1200 වැනි මුදලකට උපකරණයේ හැටියට ගාණ අවුලක් නැති බවයි පේන්නේ.
පින්තූර හා විස්තර මෙතනින්
13 comments:
මේ ඔරලෝසුව බැඳගෙන ඉන්න ගෑණු ලමයා නම් හරි sweet පාටයි :P
LG life's goooood http://www.lgmobile.com/web/web.common.Gateway.laf මේව දැක්කම පිස්සු හැදෙනව :D
මේ ඔරලෝසුවේ වේලාව පෙන්නනවද? :)
@ප්‍රවීන් ඉන්ද්‍රනාම
හික් හික්.... හරීම ස්වීට්. :P
@ushan
ලෝකය කොච්චර දියුණු වෙලාද කියල හිතෙනවා :)
@ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi
සිරාවටම ඒක නං කියන්න දන්නෑ. හික් හික් :D
පිස්සු නැත්නම් ෂෝක්...!!
ඔය එකක් අරගෙන හොඳනම් කියන්න මමත් එකක් ගන්නවා
LG ට කලිනුත් ඔය වගේ පෝන් ආව.. මම ලංකාවෙ මාකට් එකේ දැකල තියෙනව.. මතක විදිහට 20,000ක් විතර.. 3G එහෙමත් තිබුනද කොහෙද..
@ගයන්ත
හික් හික්...
@sahanw
ඒත් ඔරලෝසුව දිහා බලාගෙන කතාකරන කොට වටේ ඉන්න මිනිස්සු මොනව හිතයිද මන්ද? :D
@Kanishka
මේවා ලංකාවෙත් තියෙනවද? මම නං දැකලා නෑ. හොයල බලන්න ඕනේ
ගාන තමා අවුල
@ම
සල්ලි සල්ලි කියල බලන්නැතුව ගමු මෙයින් එකක් :P
hondai bande..!
@ඉන්දික
ඇත්තටම වටින භාණ්ඩයක්
Post a Comment