About

Wednesday, July 8, 2009

CPU එකෙන් වතුර රත් කිරීම

මේ ලගදි (ලගදි කියන්නේ ඊයේ නැත්නම් පෙරේදා) මැසිමකුත් අරන් මගේ යාළුවෙක් ආවා මාව හම්බවෙන්න. මිනිහගේ මැසිම වැඩ කරන්නේ නැතිලු. පස්සේ මමත් දාල බැලුවා. ඔන් වෙනවා CPU ෆෑන් එහෙම වැඩ කරනවා ඒත් display නෑ, බිප් කෝඩ් නෑ. මම ඉතින් කෑල්ලෙන් කෑල්ල ගලවලා මගේ මැසිමට ගහලා බැලුවා. CPU වැ‍ඩ, Ram වැඩ, (VGA ඹන්බොඩ්) බෝඩ් එක පිච්චිලා වගේ. වොරන්ටිත් තියෙනවා. ඒත් ඊ‍ට පස්සේ මම මගේ CPU එක යාළුවාගේ motherboard එකට හයි කළා. ඒත් වැඩ නෑ. පස්සේ ඉතින් ඌ ඒ බෝඩ් එක මාරු කරන්න අරගෙන ගියා. කතාව පටන් ගන්නේ දැන්. ඉතින් ඒ යකා ගියාට පස්සේ මම‍ මගේ මැසිමේ ගලවපු කෑලි ටික හයිකරගෙන සාමාන්‍ය විදියට වැඩ කලා. ඊයේ හවස මම මැසිම ඔන් කරලා විනාඩි 5 ක් විතර යනකොට එකපාරට මැසිම off වුනා. ඒ මොකද වුනේ කියලා හිතලා පස්සේ ආයෙත් මැසිම ඔන් කළෘ. මෙන්න විනඩෝස් බූට් වෙනකොටම මැසිම ආයෙත් off වුනා. පස්සේ Bios වලට ගිහිල්ලා overclock එහෙම disable කළා. ඒත් මේක දැන් දාලා විනාඩියකින් විතර off වෙනවා. පස්සෙ නිකමට bios වල hardware මොනිටරේ බැලුවා. හෆෝයි CPU Temp එක 102C යිhah. මේක පට් පට් ගාලා වැඩි වෙනවා 105C වුනු ගමන් මැසිම off වෙනවා. CPU ෆෑන් එකත් වැඩ පස්සේ තමයි සිද්ධිය තේරුණේ. (වතුර නටන්නෙත් 100 C දි. බලපුවාම තේ හදන්න වතුර රත් කරන්න පුළුවන්sengihnampakgigi)


මේකයි වෙලා තියෙන්නේ මම කිපසැරයක්ම මගේ මැසිමේ CPU එක ගලවලා යාළුවගේ මැසිමට සෙටි කළා. ඒනිසා CPU එක හා Heatsinkඑක අතර තාප හුවමාරු කරන ද්‍රව්‍ය (heatsink compound, thermal compound) ටික ගිහිල්ලා. ඒ නිසා CPU එකයි Heatsink එකයි තාප හුවමාරුව අඩු වෙලා. ඒ නිසා තමයි CPU එක මේ විදිහට රත් වුනේ. ඉතින් මම අළුත් compound බෝතලයක් (රු 80) ගෙනල්ලා CPU එකට ටිකක් දාලා ආයෙත් හීට්සින්ක්/ෆෑන් එක හයි කලා. මෙන්න බබා වගේ වැඩ. සුපුරුදු පරිදි 100% overclock කලෘsenyum. CPU එකේ ඔරිජිනල් ස්පීඩ් එක 1.60GHz ඒත් ඒක රන් වෙන්නේ 3.20GHz වලින් කෝමද overclock කිරිම ?sengihnampakgigi


ඕවක්ලොක් කරලා 100% CPU එක ලෝඩ් කළාම දැන් temp එක 81 C විතරයි. ඉතින් CPU එකක් ගලවලා නැවත හයි කරන කොට heatsink compound ටිකක් දාලා හයිකරන්න.

ප.ලි. මම ගත්තු heatsink compound බෝතලේ.



27 comments:

Anu said...

මරු සීන් එක. පුදුමයි CPU එකට මුකුත් උනේ නැති එක..
මේ ඔය ඕවර්ක්ලොක් කිරිල්ල CPU වලට එච්චර හොඳනෑ නේද?

änthräX said...

එල එල. කොහොමහරි කරලා වතුර රත් කරගන්න හදාගන "Thilina බුවාගෙ cyber තේ කඩේ" කියලා බිස්නස් එක පටන්ගන්න තිබ්බෙ. ;)

ම.ම.ගි said...

මොකක්ද ඒ ඕවර් ක්ලොක් සීන් එක. මටත් පොඩ්ඩක් පැහැදිළි කලොත් බොහොම පින්. මගෙ කම්පියුටර් එකේ 800Mhz ප්‍රොසෙසර් එකක් ඒක ඔය කියන විධිහට ඕවර් ක්ලොක් කලොත් කාර්යක්ෂම තාව වැඩිවෙයිද?

ශාකුන්තල | Shaakunthala said...

Thermal compund ගන්න පුළුවන් කොහෙන්ද?

Unknown said...

unity plaza එකේ shops හැම එකකම වගේ thermal compound තියෙනවා

මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා said...

අනේ මං කල්පනා කර කර හිටියේ මගේ processor fan එකේ අවුලක් නිසා මැෂිම රත් වෙනවා කියලා, මොකද මං film 4ක් 5ක් rip කරානේ, දැන්නේ දන්නේ thermal compound ගැන, බොහොම ස්තුතියි ඕක ගැන කිව්වට, ඔය thermal compound එකේ ගන්න ඕනෙ හොඳ වර්ගයක් එහෙම තියෙනවද? ඕක processor යෙන් processor යටත් වෙනස්ද?

Uraj Deemantha said...

මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකාට ~ මචන් එහෙම හොද ජාතියක් කියලා නෑ..... ඉස්සර නම් ඉන්ජෙක්ෂන් සිරින්ජර් එකක වගේ ආවා..... ඒක නම් පට්ට දැන් නම් එන්නේ ඔය කුප්පි වල එක තමා.....!!

Thilina said...

@Anu

CPU එකට එච්චර හොද නෑ තමයි. ඒත් මම අවු 2 ක් තිස්සේ මේ විදියට රන් කළා. ඒත් power consumption එක වැඩියි.


@änthräX

Water Cooling System එකක් දැම්මා නම් උණු වතුර තමා. :)


@මම මචන් ගින්දර

ඔවර් ක්ලොක් කියන්නේ CPU එකේ CPU Bus speed එක වැඩි කරලා CPU clock ස්පීඩ් එක වැඩි කරන ක්‍රමයක්. CPU එකට එච්චර හොද නෑ. ඒත් performance වැඩි වෙනවා.
800MHz කියන්නේ P3 වෙන්න ඕනේ. සමහර වි‍ට මේ option එක උඹගේ මැසිමේ Bios වල තියෙන්න පුළුවන්. P4 සිට ඉහල කොම්පියුටර් වල නම් තියෙනවා. AMD මැෂින් වලත් තියෙනවා.


@ශාකුන්තල

පොඩි කොම්පියුටර් කඩ වල නම් නෑ. මාත් දෙක තුනකම බලලා හොයා ගත්තේ. යුනිටියෙ නම් ෂුවර්.


@Tharaka Weerasekara

:)


@මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා

heatsink compound ටිකක් දාලා බලන්න. රස්නෙ අඩු වෙයි. Cooler Master, Rosewill වගේ හොද බ්‍රෑන්ඩ් නම් තියෙනවා ඒත් ලංකාවේ තියෙයිද කියලා ෂුවර් නෑ.


@Uraj Deemantha

ලංකාවේ නම් තියෙන්නේ non බ්‍රෑන්ඩ් එව්වා තමයි :)

මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා said...

මං මේ දහ අතේ කල්පනා කරපු ප්‍රශ්නයක් ඔන්න විසඳෙන්නයි යන්නෙ, මං හිතුවෙම processor fan කැඩිල නිසා මැෂිම හදන්න දාල කාලයක් තියන්න වෙයි කියලා, warranty තිබුණට මොකෝ finance කරලා ගත්තු නිසා ඒක පාවිච්චි කරන්න බෑ, හෙණ අමාරුවෙන් ගත්ත nvidia card එකෙන් කිසිම game එකක් ගහන්න බැරි වුණා පටන් ගත්තු ගමන් මැෂිම off වෙන නිසා(thermal trip), විස්තර කියපු හැමෝටම බොහොම පිං.........

සහන් සටහන් said...

මේක කියවනකොට මමනම් හිතුවෙ CPU එකට උණ කියලා මොකද 102 කියන්නෙ උණ කියන එකනෙ හික් හික් ...
මගෙ ප්‍රොසා core 2 duo 2.4Ghz එකක් Over clock ක් කරන්න බැරිවෙය්ද කලොත් නම් බඩුම තමයි (මම මේ ගැන ටෙක් කතා වලිනුත් ඇහුවා මේ සතියෙ යනකොට අහල බලන්න ඕනෙ )

Thilina said...

@සහන්

අපෝයි පුළුවන්. ඒත් සමහර Motherbord වල ලිමිට් තියෙනවා. දැනට තියෙන අඩු මිල Motherboard වලින් පවා නියමෙට ඔවර්ක්ලොක් කරන්න පුළුවන්. Core 2 Duo කියන්නේ හොදටම ඔවර්ක්ලොක් කරන්න පුළුවන් CPU ජාතියක්. මට ඔය වගේ එකක් තිබ්බා නම් මම 4.00GHz වලට ඔවර්ක්ලොක් කරනවා :D

sana said...

machan,
is there any way or software to detect over-clocked computer (sp when buying old computer)?

Anonymous said...

CPU eken wathura rath karanawa kiyanne ela kramayak thama :D

Chamara said...

ඕවර් ‍ක්ලොක් කරන්නේ කොහොමද මචංල දන්න අය ලිපියක් දානවනම් හොදයි

Thilina said...

@sana

අප්පේ කඩ්ඩෙන් කොටල තියෙන්නේ. අහල තියෙන්නේ Over Clock කරපු මැෂින් හොයාගන්න SoftWare එකක් ගැන නේද? CPU Z තමයි හොදම. Free ටූල් එකක්. ෆ්ලෑෂ් ඩ්‍රයව් එකක පවා අරගෙන යන්න පුළුවන්.


@panhida

වතුර රත් කරන්න විතරක් නෙවේ බිත්තර බදින්නත් පුළුවන් :D


@chamara jayakody

මම ඔවරික්ලොක් ගැන ලිපියක් බාගෙට ලියලා නැවැත්තුවා. Over Clock කරන්න දන්නව වුනාට ලියා ගන්න බෑ. කොහොම හරි ලියල දාන්න බලන්නම්. කඩ්ඩ තිබේ නම් ඕන තරම් ඉංගිරිසි ලිපි තියෙනවා

Chamara said...

මේක මොකෙන්ද කරන්නේ? සෙට් අප් එකෙන්ද නැත්තම් වෙනම සෙෆ්ට් වෙයාර් එකකින්ද ලොක්කා? වැඩේ කරන්න ගිහින් ‍තියන එකත් නැති වෙයිද බොස්? කරන හැටි පිලිවෙලට ලියලා දානවානම් හොදයි

පැතා said...

මරැ වැඩක්නෙ උබට වෙලා තියෙන්නෙ

Thilina said...

@chamara jayakody

Bios එකේ තමා තියෙන්නේ. ඒ මෙනුවට කියන නම motherboard එකෙන් එකට වෙනස්. මේක disable කරල තියෙන්නේ. ඉස්සෙල්ලාම enable කරලා. CPU bus speed එක පොඩ්ඩක් වැඩි කරන්න. F10 ගහලා සේව් කරලා restart කරන්න. ඉන්ටෙල් ඹරිජිනල් බෝඩ් නම් ඔවර්ක්ලොක් කරන්න බෑ. (බෑ කිව්වට වෙන ක්‍රම වලින් පුළුවන්) බූට් වෙන්නේ නැත්තම් Bios ක්ලියර් කරන්න. මම Overclock ගැන පොස්ට් එකක් දාන්නම්


@amila pathum

හික් හික්... මට ම තමා මෙව්වා වෙන්නේ...

සහන් සටහන් said...
This comment has been removed by the author.
සහන් සටහන් said...

එතකොට වගකීම නැතිවෙනවා නේද?
මොකද මම කොම්පූටරේ අරන් තවම අවුරුද්දක්වත් නෑ
සාමාන්ය CPU cooler එක තියෙද්දිම පුරස්නයක් නැතිවෙයි නේ.
සමහරු කියනවා water cooling system ඕන කියලා
එපානම් අවුලක් නොවී ආපහු තිබුන bus speed එකට reset කරන්නත් පුලුවන්ද

Thilina said...

@සහන්

වොරන්ටි නැති වෙනවාද කියන එක මම හරියටම දන්නෑ. ඔයාගේ තියෙන්නේ 2.40GHz එකක්නේ. ඒක 3.00GHz වලට ඔවර්ක්ලොක් කරන්න නම් අළුත් CPU cooler එකක් ඕනේ නෑ. ඉන්ටෙල් cooler එක හොදටම ඇති. ඹවර්ක්ලොක් කරලා ආයෙත් තිබුණු විදියට reset කරන නම් Bios ක්ලියර් කළාම පුළුවන්

GNS said...

>මේක කියවනකොට මමනම් හිතුවෙ CPU එකට උණ කියලා මොකද
>102 කියන්නෙ උණ කියන එකනෙ හික් හික් ...

:O

ඒ ෆැරන්හයිට්...
සෙල්සියස් 102ට උණ ගැනුනොත් හොඳට තියෙයි.... :P

GNS said...

සහන් said...
>එතකොට වගකීම නැතිවෙනවා නේද?

නෑ.. එහෙම එකක් නෑ..

ඒත් Overclock කරලා පුච්චගෙන මාට්ටු උනොත් නම් Warrenty නෑ..

( ඒත් EVGA නම් දෙනවද කොහෙද )

Thejan said...

office එකේ මගේ Dell මල්ලිව shape එකේ overclock කළොත් වැඩේ අහුවෙයිද ? Branded PC's වල ඒවා restrict කරලා නැද්ද ?

Thilina said...

@ගයන්ත

:)

@Thejan

බ්‍රෑන්ඩඩ් මැෂින් එකක් නේද? ඕවක්ලොක් කරන්න පුළුවන්ද කියල හරියටම ෂුවර් නෑ. Bios එකට ගිහිල්ලා තමයි බලාගන්න ඕනේ. ඒත් වැඩේ අප්සැට් වුනොත් Bios ක්ලියර් කරන්න කේස් එක ගලවන්න පුළුවන්ද කියලා හොයල බලන්න.

අනූ said...

ඔය CPU එකේ ගාන ජාතියට මං කියන්නෙ සිද්දාලේප කියල.. ඒක එන්නෙ ඒවගේ ඩප්පියකනෙ. හිකිස්..

Thilina said...

@අනු

හික් හික්... සිද්දාලේප compound :D

Post a Comment