About

Tuesday, July 28, 2009

කොම්පියුටරයට වතුර ගැසීම - water cooling system.

කස්ටිය කොහොමද ඉතින්...? මේ මාසෙත් ඉවරවෙන්න ලගයි. දැන් නම් ලියන්න දේවලුත් නෑ. දන්න කියන බයිලා සේරම වගේ ලියල ඉවරයිsengihnampakgigi. ඒත් එහෙම කියල බෑනේ මේක කොහොමහරි ඇදගෙන යන්නත් එපායැ. ඒ නිසා PC water cooling system එකක් වැඩ කරන විදිය ලියන්න හිතුවා. මේ water cooling system ගොඩක් වැදගත් වෙන්නෙ නම් ඕවර්ක්ලොක් වලටයි. Air cooler වලට වඩා හොදට CPU එක කූල් කරන්න water cooling system වලට පුළුවන්. ඒත් සාමාන්‍ය ඕවර්ක්ලොක් කරලා නැති CPU එකක් සහිත කොම්පියුටරයකට නම් water cooling system එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. සල්ලි තියෙනව නම් හයිකළාට වරදකුත් නෑ. මේ ගැන දැනගන්න කැමති අයත් ඇති කියල හිතල මම ලියන්නං. සාමන්‍යයෙන් වාහනයක් කූල් කරන්නෙත් වතුර වලින්. වාහනයක් කොච්චර රත්වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. වාහනයේ water cooling system එකට එච්චර රස්නයක් පාලනය කරන්න පුළුවන් නම් CPU එකක රස්නය පාලනය කිරම සුළු දෙයක්.

PC water cooling system එකක් ප්‍රධාන ‍කෑලි සෙට් එක මේකයි. රේඩියේටරය, වතුර පොම්පය, ටැංකිය, CPU water block එක, රස්නයට ඔරොත්තු දෙන වතුර බට.

(රේඩියේටරය)


(වතුර පොම්පය + ටැංකිය 2 in 1sengihnampakgigi)

(CPU water block )


මේ කෑලි ටික තමයි තියෙන්නේ. CPU water block එක හයිකරන්නේ CPU එක උඩටයි මේක හරහා වතුර පොම්පයෙන් තල්ලුකරන වතුර ගමන් යනවා. එතකොට CPU එකෙන් එන රස්නය මේ CPU water block එක හරහා වතුර වලට ලැ‍බෙනවා. එතකොට තමයි වතුර ටික රත් වෙන්නේ. දැන් මේ රත් වුනු වතුර ටික රේඩියේටරය හරහා යනකොට ආයෙත් කූල් වෙනවා. කූල් වෙච්ච වතුර ටික ටැංකියකට පිරෙනවා. දැන් ආයෙත් මේ කූල් වෙච්ච වතුර ටික වතුර පොම්පයෙන් ඇදලා CPU water block එකට ලබාදෙනවා.

(CPU water block එක CPU එකට සවිකළ පසු)

ඉතින් දියටම සිද්ධ වෙන්නේ මේ වැඩ ටික තමාsenyum. CPU එක විතරක් නෙවෙ VGA card එක හා Chipset ද මේකෙන්ම කූල් කරන්න පුළුවන් . අවශ්‍ය වෙන්නේ වැඩිපුර water block දෙකතුනක් විතරයි. ඇත්තටම මේයට පාවිච්චි කරන්නේ වතුරම නෙවේ. වෙන liquid එකක් . cooling system එක හදන සමාගම මේ liquid එකෙන් බොතලයක් දෙකක් ලබා දෙනවා. මේ liquid කොම්පියුටර් බඩු කඩවල ගන්න තියෙනවා. මෙකට වෙනම liquid එකක් පාවිච්චි කරන්නේ පොම්පය ආදි කොටස් මලකඩකෑමෙන් ‍වලක්වාගන්න සහ වතුර ලික් වුනොත් කොම්පියටර් කෑලි වලට හානි විම වලක්වාගන්න වගේ හේතු නිසයි. ලංකාවෙදි නම් යුනිටි ප්ලාසා එකේදි මම මේ PC water cooling system විකුණන්න තියෙනවා දැකල තියෙනවා. ගාන නම් 12000 - 14000 විතර වෙනව. ඒත් කාලයකට කලින් water cooling system එකක් ගෙදරදිම හදාගන්න හැටි තියෙන පොස්ට් එකක් මට හම්බවුනා. ඒකේ වතුර පොම්පයක් ඇරෙන්න අනෙක් සේරම කෑලි ටික හොයාගන්න පුළුවන්. වතුර පොම්පයක් නම් මට කොහෙන්වත් ලැබුනෙ නෑsedih.

පින්තූර

10 comments:

මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා said...

මං අර thermal compound එකක් ඊයෙ අරන් ගාල බැලුවා 90/= ඒත් රත් වෙන එක අඩුවෙන්නෙ නෑ නොවැ, සමහර විට මම ගාල වැඩි වුණාද දන්නෙ නෑ, මම ඒක ගාල processor එක උඩින් තියල පැයකට විතර පස්සෙ තමයි හරියට හයි කරේ, එහෙම කරාම ආයෙත් ඒක ගාලා එවලෙම හයි කරන්න වෙනවද, නැත්නම් එක නැතුව මාස 8 ක් විතර වැඩකරපු නිසා fan එක upset වෙනවද, ඔය water cooling system හැම motherboard එකකටම processor යකටම හරියනවද, තිළිණ බුවෝ ඔව්වා හරි ගණංද????

Uraj Deemantha said...

මම දැක්කා ගිගාබයිට් වොටර් කූලින් සිස්ටම් එකක් තිබුනා 10,000 කට යුනිටියේ..........!! :)

muthunayake@gmail.com said...

there is small water pump in car windscreen water jet system you can buy it very small handy pump

Thilina said...

@මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා

thermal compound වැඩි වුනාට නම් කමක් නෑ. ඒත් ගාපුගමන්ම හීට්සින්ක් එක හයි කරන්න. මගේ මැසිමෙනං රස්නෙ අඩු වුනා. ෆෑන් එක නං මාස 8 කින් සවුත්තු වෙන්නෑ. මගේ ෆෑන් එක අවු 2ක් තිස්සෙ වැඩ දවසකට අනිවා පැය 6 ක් ඔන් එකේ. :D


@Uraj Deemantha

මමත් දැක්කා ගිගාබයිට් කූලිං සිස්ටම් එකක්. මට 12,000 ක් කිව්වා.


@Muthunayake

වාහන වල තියෙන වතුර පොම්පයක් මට හම්බවුනා. ඒත් එ‍කේ සද්දෙ වැඩියි. අනික බට වල සයිස් එකත් හරිම පොඩියි.

Thilina said...

@මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා

ගොඩක් වෝටර් කූලිං සිස්ටම් හැම බෝඩ් එකටම/හැම ‍processor එකටම හයිකරන්න පුළුවන්. එත් සමහර ඒවා පුළුවන් Intel විතරයි සමහර ඒවා AMD විතරයි. ගාන නම් රු 10,000 සිට ඉහලට :P

මැෂිම රත්වෙන නිසා එපා වෙච්චි එකා said...

@Uraj Deemantha

:)

@Muthunayake

:)

@Thlina

:)

මං machine එක මාස 8 ක් පාවිච්චි කරේ thermal compound එක නැතුව, මැෂිම සාමාන්‍යයෙන් දවසට පැය 8 කට වඩා දාල තිබ්බා, ඇයි film 5 ක් විතර rip කරා, ඒ විතරක්ද processor fan එක මර හඬ දෙද්දී උෂ්ණත්වය 74 දී nfs undercover ගැහුවා පැය 40 ක් විතර, ඒකයි මං හිතන්නෙ processor fan එක upset ඇති කියල, හදිස්සියට thermal compound එක ගෑවට මොකෝ heatsink එක හයි කරන කලාව මං හරියටම නොදන්න නිසා හයි කරන්න පැයක් විතර ගියා, unityයට බඩගාන්නත් පැය 3 ක් විතර යනවනේ, ඉතින් මං ඕවෑ ගණං දන්නෑ, දැන් දැනගත්තත් මක් කොරන්නද, හැබැයි ඔයා මෙහෙම ලිපි ලියන එකනම් නියමයි, උපදෙස් වලට බොහොම ස්තුතියි

said...

ඇයි බන් ජිනසේන එකට කිව්වනම් උඹට ඕනේ විදිහේ වතුර පොමපයක් ගන්න තිබ්බනේ වසරක වගකීමකුත් එක්ක

ඔය බටයක ලීක් එකක් එහෙම තිබ්බොත් ඉවරයිනේ
මට නම් මේ තියෙන එක හොඳයි බන්

Thilina said...

@ම

හික් හික්... ජිනසේන පොම්පයක් හොද කාර් එකක් කූල් කරන්න...:) liquid එක නිසා අහම්බෙන් ලික් වුනත් එච්චර අවුලක් නෑ.

ශාකුන්තල | Shaakunthala said...

ලැප්ටොප් වලට නැද්ද වෝටර් කූලිං? මගේ ලැප්ටොප් එක ඇඳ උඩ තිබ්බාම ඕවර්හීට් වෙලා එකපාරටම off වෙනවා. :(

Thilina said...

@ශාකුන්තල

ලැප්ටොප් ඇතුලට හයිකරන එව්වා නං නෑ. පිටින් හයිකරන එව්වා නං තිබේ. ඒත් ලගදිම ඇතුලටම හයිකරලා එයි..:)

http://hackaday.com/2006/10/13/removable-laptop-water-cooling/

http://forums.guru3d.com/showthread.php?t=301168

Post a Comment