About

Monday, June 22, 2009

මමත් windows 7 බෑවනේ

ඔන්න මමත් වින්ඩෝස් 7 බෑවනේ. පහුගිය මාසේ මාරම ට්‍රයි එකක් දුන්නේ මේක බාගන්න. ඩයලොග් HSDPA වලට පිංසිද්ධ වෙන්න 3 පාරක්ම වැඩේ අතරමග නතර වුනාmarah. පස්සේ වැඩේ අල්ලලා දාල නිකං හිටියා. අපේ ගයන්ත මට Windows 7 DVD එකක් දෙන්න හැදුවත් කම්මැලි කමත් වැඩ වගයක් තිබුණු නිසාත් ඒක ගන්න යන්න බැරි වුනා. කොහොම වුනත් මම ගයන්තට ස්තූති කරනවා DVD එකක් දෙන්න ඉදිරිපත් වුනාට. ඊයේ උදේම ඉතින් ඩයලොග් වලින්ම මේක බාගත්තා. හෆෝයි පැය 3ක් විතර ගියා. බාපුගමන්ම දැම්මා මැසිමට. අපරාදේ කියන්න බෑ ලස්සනට ඉන්ස්ටෝල් වුනා. build 7000 එකට වඩා පෙනුමින් නම් වැඩි වෙනසක් නෑ.



අළුත් වෝල් පේපර් වගයක් තිබ්බා. පස්සේ සුපුරුදු පරිදි මගේ යාළු මාළුවෙක් ගෙන් 9500GT VGA කාඩ් එකක් ඉල්ලගෙන ඇවිල්ලා ඒකත් හයිකළෘsengihnampakgigi. දැම්මා Crysis Warhead මේකේ මම බාගයයි play කරලා තිබ්බේ. පැය 5 ක් විතර ගියා මුල ඉදලම play කරන්න. බැරිම තැන පොඩි file එකක් edit කරලා හොර වැඩකුත් කළා. God මෝඩ්ම දාගත්තේ නෑ. ගේම් play කරන කොට වත් වෙන වැඩක් කරනකොට වත් එක පාරාක්වත් 7 ජනේලේ crash වුනේ නම් නෑ. ජනෙල් කතා ඉවරයි...

* * *

ගිය සතියේ මම ගියානේ SLT එකට ADSL ගන්න. SLT එකේ ඉදලා අපේ ගෙදරට 8km තියෙනවා කියලා මුං දෙන්න බෑම කියනවනේ. (එක පාරක් දුර වැඩි වුනත් ‍‍‍ දෙන්නම් කිව්වා) අපෝයි. පස්සේ කියලා කියලා යාන්තං Password/username ඉල්ලා ගත්තාsenyum. චෙක් කරලා වැඩ කරනවා නම් දෙන්නම් කියලා කිව්වා, ඒත් දැන් සතියක් ගියා තාම චෙක් කරන්න ආවේ නෑනේ. සල්ලි ගත්තෙත් නෑ. රවුටරයක් ගන්නත් එපා කිව්වා නේ. බලමුකෝ ADSL වැඩ කරයිද කියලා.

අද පොස්ට් එකනම් ටිකක් අපිලිවෙළයි. සොරි වෙන්න ඕනේ. කස්ටියට පිච්චිනු CFL බල්බ් හදන හැටි කියලා දෙන්න ද? හරිම ලේසියි. ඕනේ නම් කියන්න මම ලියන්නම්. හෆෝයි ටයිප් කරලා අත රිදෙනවා.

11 comments:

Indranama said...

7000 එකට වඩා පෙනුම වෙනසක් නැති උනාට ගොඩක් bugs හදලා තියෙනවා. 7000 තරම් අවුල් නෑ ඕක.

Deeps said...

CFL වැඩෙත් කියල දෙන්නකෝ.CFL එකක් දැන් කාලේ හෙන ගාණක් වෙනවනේ

GNS said...

හික් හික්... :)
‍එළ එළ :D

හ‍ෆොයි SLT නම්,..

මගෙ යාළුවෙක් ADSL Apply කලා කිවුවා (ගෙදරට 6km) Speed Drop උනාට SLT එකට කේස් දාන්නෙ නෑ කියලා ලියුමක් දීලා...

Thilina said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම

තාම win 7 RC එච්චර ප‍විච්චි කරන්න වුනේ නෑ. බලමු ඉස්සරහට එළ ද නැත්නම් අල ද කියලා

@deeps

හරි හරි ලියන්නං. පිච්චුනු බල්බ් දෙක තුනක් හොයා ගන්න.

@ගයන්ත

මට මැක් DVD එක නම් ඕනේ... මේ දවස් වල empty පොකට් empty DVD එකක් ගන්නවත් සල්ලි නැත.

මටත් බයයි SLT ADSL චොර වෙයිද කියලා. ඒත් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නම් නෑ :(

අනූ said...

CFL? කොහොමද හදන්නෙ?

Narada said...

CFL ක්ලාස් එක දාන් එහෙනම්! වටින එකක් වෙයි, ඒත් වැඩ කෙලවාගෙන වෙන එව්වා ගැනත් හිතන්න වෙයි!

Thilina said...

@අනූ

පිච්චුනු බල්බ් එකට පොඩි මොඩ් පාරක් දාල හදාගන්න පුළුවන්.


@-බිன்ku-

සමහර වෙලාවට වැඩ කෙලවෙනවා. සමහර වෙලාවට හදනකොට බල්බ් එක බිම වැටිලා බිදෙනවා, ආදි අකරතැබ්බ තියෙනවා.

Priyankara Perera said...

මචං උබේ 19" LCD එක 15 කට අරගත්තු තෑන කොහෙද ?,

Thilina said...

@Priyankara Perera

මචෝ මගේ මොනිටරේ නම් ඇමෙරිකාවේ ඉන්න අදුරන කෙනෙකුට කියලා newegg.com එකෙන් තමයි ගෙන්න ගත්තේ. ගාන $ 119.99 මෙහෙට ගෙන්න ගන්න කොට 15000 විතර ගියා. ඒත් යුනිටි ප්ලාසා එකේ samsung, viewsonic නම් තියෙනවා රු16500 විතර හැබැයි resolution එක නම් 1440 x 900 ය

සරදියල් said...

ADSL වැඩ කලත් මචෝ DSLAM 1 ඉදන් 5 KM පැන්න ගමන් උපරිම ස්පීඩ් 1 එන්නෙ නෑ.

Thilina said...

@සරදියල්

නිකං බිල් ගෙව ගෙව ඉන්න වෙයි කියල SLT එකෙනුත් කිව්වා. ඒත් මොනව කොරන්නද? එකම විසදුම මේකයි.

Post a Comment