About

Tuesday, June 16, 2009

මදුරුවෝ මදුරුවෝ හැම තැනම

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල එකසිය ගානට ඩෙංගු බෝවෙනවනේ. හපෝයි.... මෙන්න අපේ පැත්තටත් ‍චෙක් කරන උන් ඇවිල්ලා. වතුර පිරුණු පොල්කටිටක් වත් අහු වුනොත් සොරිම තමා. එක්කෝ 25000 යි නැත්නම් හිරේ. මොනව කරන්නද? මුන් කොහොම හරි බලන්නේ සල්ලි කඩාගන්න විදියක්. අපේ ගෙදර වත්තත් කැළේ වැවිලා, ගන්න දෙයක් නෑ. ඹන්න ඊයේ උදේම මම වත්ත සුද්ද කිරීමේ මෙහෙයුමට බැස්සා. හොද වෙලාවට අපේ ගෙදර තණකොළ කපන මැසිමක් තියෙනවා. කැපුවා කැපුවා ඉවරයක් නෑ. අපෝයි උදේ 8 ඉදලා හ‍වස 3 වෙනකම් කැපුවත් තවත් ඉතුරුයි. තණාකොළ කපන කොට විසිවෙන ගල් කෑලි වැදිලා කකුල් වලයි අතෙයි තැන් 4 - 5 ක් හොදටම තුවාල වුනාsedih. හැබැයි ටින් කෑලි යෝගට් කෝප්ප ‍වගේ දේවල් ගොඩක් හම්බ වුනා ඇත්තටම ඒ ටින් කෑලි වල වතුර පිරිලා. කොහොම කෙහොම හරි හමිබ වුනු ටින් බෙලෙක්ක, ප්ලාස්ටික්/යෝගට් කෝප්ප ටික බ්ලාස් කරා. බලන්ඩකෝ ඉතින් මෙව්වර දවසක් අපිත් ඩෙංගුවාට සහාය දිලානේ. ඉක්මනටම ඉතුරු ටික කපන්න වෙලාවක් හොයාගන්න ඕනෙ. රු 25000 ක් කියන්නේ සෙල්ලංද? hah

කස්ටිය ඉතින් තම තමන්ගේ ගෙවලුත් සුද්ද කරානම් හොදයි නේද? නොදැනම පොඩ්ඩ පොඩ්ඩ හරි අපිත් ඩෙංගුවාට සහාය දෙනවා.

අවවාදයයි - පර්චස් 30-40 කට වඩා වැඩි ඉඩම් ගැනීමෙන් වලකින්නsengihnampakgigi

4 comments:

කාලිංග said...

හොදවෙලාවට මම මගේ කමරේ අස් කරේ, නැත්නම් PHI ඕකට සීල් තියනවා :D

අනූ said...

රපියල් විසිපන්දාහක්? බුදු අම්මෝ..

said...

බලපන් බන් උදේ ඉඳන් කාලා කාලාත් අපේ ගෙදර තවත් තණකොළ ඉතුරුයිනේ. මාන් මේ දවස් වල දවසට 6 වේලක් කාලත් ඒක නැති කරගන්න බැරි උනා තාම.

අනේ මාත් තට්ටු නිවාසේක හිටියනම්

Thilina said...

@කාලිංග

මගේ කාමරේ නම් තනිකරම වනාන්තරයක්. මම හිතන්නේ මාසෙකින් විතර අතුගාල නෑ. අහුවුනොත් 25000 ක් ෂුවර්.

@අනු

ඔව් 25000 ක්. නැත්නම් මාස 6 ක් හිරේලු.

@ම

තට්ටු නිවසක සිටීම කොතරම් සුන්දරද...?

Post a Comment