About

Saturday, June 27, 2009

CFL බල්බ් අළුත්වැඩියාව

කස්ටිය කොහොමද ඉතින්? පිච්චුනු CFL බල්බ් ආයෙත් හදා ගන්න හැටි දැනගන්න කස්ටිය කැමතියි වගේ. මේක ඇවිල්ලා සරල දෙයක් අටුව කඩා පුටුව හැදීමක් වෙන්නත් පුළුවන්. හැබැයි පිච්චුනු බල්බ් 3 ක් වත් හොයා ගන්න ඕනේ. එතකොට අඩුම වශයෙන් 1 බල්බ් එකක් වත් අනිවා හදාගන්න පුළුවන්. CFL බල්බ් එකක් පිච්චුනොත් කස්ටිය මොකද කරන්නේ...? කෙලින්ම කුණු ගොඩට. ඒත් දැන් බල්බ් පිච්චුනාම විසි කරන්න එපා. බල්බ් දෙක තුනක් තියෙනව නම් සේරම බල්බ් ටික එකට මික්ස් කරලා එකක් වත් හදා ගන්න පුළුවන්. ම‍ට නම් කවුරුත් හම්බවෙලා නෑ මේ විදියට බල්බ් හදන sengihnampakgigi. මේ බල්බ් හදන එක මම මුලින්ම කළේ 10 වසරේ ඉන්න කොට. කවුරුත් මට කියල දුන්නේ නම් නෑ. මම ම අත්හදා බැලුවා. ආ.. බඩු වැඩ. මේ විදියට මම දැන් බල්බ් 50 කට වඩා හදලා ඇති. එක එකාගේ බල්බ් හිටන් හදන්න වෙනවනේ...senyum

මේකට අවශ‍්‍ය වෙන්නේ පොඩි බඩු ටිකක් CFL බල්බ් දෙක තුනක්, මල්ටි මීටරයක්, බවුත් එකක්, ඊයම් ටිකක්, පොඩි ඉස්කුරුප්පු නියනක්, සේෆ්ටි ග්ලාස් එකක් (Safety 1st )


මල්ටිමීටරයක් නැත්නම් පොඩි වයර් කෑලි දෙකකුයි LED බල්බ් එකකුයි බැටරි දෙකකුයි හොයා ගන්න.මම මේක බොහොම සරලව ලියන්නයි උත්සාහ කරන්නේ. CFL බල්බ් එකේ විදුරු බට සෙටි එකට කියන නමක් නම් මම දන්නෑ.



පිය‍වර 1 : හොයා ගත්තු පිච්චුනු බල්බ් 3 ගලව ගන්න. බලන්න බල්බ් එකේ කෑලි තුනක් තියෙනවා. විදුරු කොටස, Electronic චොක් එක, හෝල්ඩරයට සවිවන කොටස (1 රූපය) හෝල්ඩරයට සවිවන කප් එකේ ඇතුල් පැත්ත බලන්න. එක කළු පැහැගැන්වී ඇත්නම් බොහො විට Electronic චෝක් එක දැවී ගොස් ඇති බවට අනුමාන කළ හැක.



පියවර 2 : බලන්න දැල්වෙන වීදුරැ කොටසට Electronic චෝක් එක සවිවී ඇත්තේ වයර් 4 කින් ප්‍රවේසමෙන් එම වයර් 4 කපා විදුරු කොටස වෙන් කරගන්න. (2 රූපය ) (බවුත් එක බාවිතා කිරීමෙන් ගලවා ගත හැකි නම් වඩා හොදය.)


පියවර 3 : මල්ටි මීටරය ගෙන එය Ω (ප්‍රතිරෝධය) දක්වන ලෙස සකසා ගන්න(3 රූප‍ය). විදුරු කොටසේ ඇති වයර් 4 සම්බන්ධ වන්නේ වයර් 2 බැගින්වීදුරු බට දෙකකටයි (4රූපය) එක විදුරු බටයකට සම්බන්ධ වී ඇති වයර් 2 ක් ගෙන එය මල්ටි මීටරයෙන් පරික්ෂෘ කරන්න. එම විදුරු බටය තුල ඇති දගරය පිලිස්සී නැත්නම් මල්ටිමීටරයේ එය දක්වයි (කටු මල්ටිමීටරයක් නම් කට්ට ගමන් කරයි. ඩිජිටල් මල්ටිමීටරයක් නම් 0.00 දක්වයි). ඉහත ආකාරයටම අනෙක් විදුරු බටයේ ඇති වයර් දෙකත් පරීක්ෂා කරගන්න. විදුරු බට දෙක තුලම ඇති දගර වැඩ කරයි නම් එම සම්පුර්ණ වීදුරු කොටසම වැඩ කරයි. එය නැවත බාවිතා කළ හැක. එක දගරයක් හෝ වැඩ නොකරයි නම් සම්පූර්ණ විදුරු කොටසම බාවිතා කර නොහැක. (වැඩ නොකරනවා නම් තවත් බල්බයක් පරීක්ෂා කරන්න) මල්ටිමීටරයක් නැත්නම් වයර් L.E.D බල්බය හා බැටරි බාවිතා කර විදුරු බටය තුල ඇති දගරය පරීක්ෂා කරගන්න.


පියවර 4 : ඉහත පරික්ෂා කරගත් වැඩකරන විදුරු කොටස වෙනම තබා ගන්න. වෙනත් බල්බයක් ගෙන ඉහත ආකාරයට එහිද වීදුරු කොටස වෙන්කර Electronic චොක් එක සහිත‍ කොටස ලබාගන්න. දැන් පරික්ෂා කරගත් වැඩකරන විදුරු කොටස ඉහත ගලවාගත් දෙවන බල්බයේ Electronic චෝක් එකට පාස්සා ගන්න (5 රූපය). දෙවන බල්බයේ චෝක් එක වැඩකරනවා නම් බල්බය දැල්විය යුතුය. නොදැල්වේ නම් තුන්වන බල්බයේ Electronic චෝක් එක සවිකර බලන්න. අනිවා බල්බය වැඩ කළ යුතුයි(6 රූපය).



ඉතින් ඔහොම තමයි මම බල්බි හදන්නේ... sengihnampakgigi සමහර කස්ටිය නම් කියයි මූට පිස්සු කියලා. හික්... සමහර තැන්වල පොඩ්ඩක් අපැහැදිලියි වගේ. බොහොම අමාරුවෙන් මෙහෙම වත් ලියා ගත්තේ. වැඩක් වෙයි කියල හිතෙනව නම් නිකං ඉන්න වෙ‍ලාවකට කරල බලන්න. ෂුවර් එකටම වැඩ කරනවා. ප්‍රශ්න තියෙනව නම් අහන්න. චෝක් එක පරීක්ෂා කිරීමට විදියක් නම් මම දන්නේ නැත. (පාස්සන වැඩ කරන කොට Safety ග්ලාස් පාව්ච්චි කරන්න)

29 comments:

Anonymous said...

ela ela..... want to try 1st.
Thanks for the post....

Narada said...

අපේ සීයා මෙව්වා කරනවානේ, එයාගෙන් අහලා බලන්නම්කෝ!

මෙහේ නම් කරලාත් බලන්න ඕනේ! ඒත් බයයි වගේ නිකං! අනික බල්බේ හැඩය වෙනස් වීම අවුලක් නැද්ද? ඒකම W ධාරිත්‍රාවේ බල්බ් වෙන්න ඕනේද?

Thilina said...

@Anonymous

නිකං ඉන්න වෙලාවක ජොලියට වගේ කරල බලන්න.


@-බිன்ku-

බල්බ් එකේ ධාරිතාව නම් එච්චර ප්‍රශ්නයක් නෙවේ. මම 20W බල්බ් එකේ වීදුරු සෙට් එකට 40W චෝක් හයිකරලා තියෙනවා. එතකොට එළිය වැඩියි. හැබැයි 40W බල්බ් එකක විදුරු කෑල්ලකට 20/30 W චෝක් එකක් හයිකළොත් එළිය අඩුයි.

said...

දැන් විසික්කරලා ඉවරනේ බන්. ආයි පිච්චුනාම අරන් එන්නම් උඹලගේ ගෙදර

දිමුතු said...

නියමයි. ඊළඟ පාර ට්‍රයි කරල බලන්න ඕන.

කාලිංග said...

එල, ඕකේ බන් සර්කිට් එකක්ත් ගොඩක් වෙලාවට හදන්න පුලුවන්, කෑලී ටික මාරු කරලා... එකම ජාතියනම් එහෙට මෙහට මාරු කරලා හදාගන්න පුලුවන්.

Deeps said...

අපේ ගෙදර නම් දැට පිච්චුන ඒවා නෑ. අහල පහල ගෙවල් වලින් හරි පිච්චුන බල්බ් හොයාගෙන කරල බලන්න ඔනේ වැඩක් මේක

GNS said...

අපේ ගෙදරත් බරට CFL තියෙනවා. පිච්චුන එවුවා නම්...කොහෙද මංදා.. (O.o)

දැනට තියෙන බල්බ් 2-3ක් ඉක්මනට පිච්චේවා.... ! ;)

Thilina said...

@ම

ගෙනාවොත් නම් හදල දෙන්නම්. පොඩි ට්‍රයිපාරක් දාල බලන්න.

@Dimu

එළ එළ.. ඊලග පාර බල්බි පිච්චුනාම විසිකරන්නේ නැතුව හදල බලන්න

@කාලිංග

මම සර්කිට් එක නම් සදන්න ට්‍රයිකරලා නෑ. ඒකත් කරල බලන්න ඕනේ.

@deeps

ඔව් කරල බලන්න.

Thilina said...

@ගයන්ත

පේමට් කෑලි නම් ඉක්මනට පිච්චෙනවා. ඒත් අපේ ගෙදරටත් ගේන්නේ පේමට් කෑලි තමා. ඒවා පිච්චුනු ගමන් මේ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ.

Thameera said...

ෂහ් එළකිරි වැඩක්නෙ!!
අනිත් දවසෙ CFL ගන්න කොට එකම ජාතියෙන් ගත්තනම් හරි වගේ

Thilina said...

@තමීර

එකම ජාතියෙන් CFL බල්බ් දෙක තුනක් තියෙනව නම් වැඩේ තවත් සිම්පල් වෙනව.

Kanishka said...

අ‍ඩෝ උඔ එල ඩයල් එකක්නෙ.. මරු මරු, මාත් කරල බලන්නම් :P

ශාකුන්තල | Shaakunthala said...

නියමයි. තවත් ලියන්න මේ වගේ ඒවා. මේ වගේ සිංහල ලිපි අඩුයි. :)

Thilina said...

@Kanishka

එක පාරක් කරල බලන්න. දිගටම කරයි


@ශාකුන්තල

ඉස්සරහටත් ලියන්නම්.

Niranjan | නිරන්ජන් said...

එල වැඩක් නේ! ට්‍රයි කරල බලන්න ඕනේ.

meegodaya/saman said...

කොල්ලා වැඩ්ඩා. හොඳය් හොදයි !

Ruki said...

wow nice idea...tks Dude

අනූ said...

එළ නේ.. හොඳට තියන බල්බ් එකක් පුච්චල වැඩේ කරල බලන්න ඕනි..

Thilina said...

@Niranjan ~ නිරන්ජන්

නිදහස් වෙලාවක කරල බලන්න.

@meegodaya/saman

පොඩ්ඩක් විතර, හික් හික්...

@Ruki

එළ එළ

@අනූ

කොහොම හරි කරල බලන්න. මොකද ආයෙත් සයිට් එක වැඩ කරන්නේ නැත්තේ?

Wiz Kun said...

Tube එක පිච්චිලා නම් චෝක් එක වැඩ කරනවා වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා.

Thilina said...

@Wiz Kun

ඔව්, ගොඩක් වෙලාවට පිච්චෙන්නේ ටියුබ් එක. චෝක් එක පිච්චෙන සම්භාවිතාව අඩුයි.

ushan said...

බල්බ් නෙවේ වෙන වෙන දේවලුත් ගෑන ඒවන්න.

Ruwan Perera said...

මේවගෙ චෝක් එක පාවිච්චි කරලා අඩි 2 ටියුබ් ලයිට් පත්තු කරන්නත් පුලුවන්.

Thilina said...

@ushan

ඉස්සරහටත් ලියන්නම්

@Ruwan Perera

ඔව් පුළුවන් මාත් අඩි 2 ටියුබ් ලයිට් වලට මේ චෝක් හයිකරල තියෙනව. වැඩකරනවා ඒත් එළීය ගොඩක් අඩුයි. අඩි 1 ටියුබ් ලයිට් එකක් නම් මේ චෝක් වලින් එළටම වැඩකරනවා

sanjeew said...

බල්බ් එක ගලව ගන්න ලේසි ක්‍රමයක් තියෙනවද

Thilina said...

@BEAUTIFUL SRI LANKA

පිහිතුඩකින් හරි පොඩි ඉස්කුරුප්පු නියනකින් හරි ලේසියෙන්ම බල්බ් එක ගලවා ගන්න පුළුවන්.

Sugath Niroshana said...

පට්ට මචන්, සර්කිට් එකත් රෙපෙයාර් කරන්න පුළුවන්. හෙන ගණන් දීලා බල්බ් ගන්න ඕන නෑ.

Unknown said...

Patta machan sahenna watinwa..mcn ara led bulb ekai battery eknui khmda chek krnne.poddk phdiliwa kiyhnko eka terune ne bn

Post a Comment