About

Tuesday, June 30, 2009

මගේ කොම්පියුටර් ඉතිහාසය

කස්ටිය කොහොමද ඉතින්? අද නම් මගේ කොම්පියුටර් ඉතිහාසය ගැන ලියන්නයි හිතුවේ. ඉතිහාසය කිව්වට එක්දාස් නවසිය බර ගණන් වලට යන්නෑsengihnampakgigi. මගේ කොම්පියුටර් ඉතිහාසය අවු 4යි. මම කොම්පියුටරයක් මුලින්ම දැක්කේ 7 වසරේ ඉන්නකොට ඒ 1999. අපේ දහම් පාසලට අයියා කෙනෙක් කොම්පියුටරයක් ගෙනල්ලා Jurassic Park ෆිල්ම් එක පෙන්නුවා. එතකොට නිකන් මැජික් වගේsengihnampakgigi. පස්සේ ඔය කොම්පියුටර් ගැන තිබුණු පොත් පත්තර එකතු කළා වගේ මතකයි. ඊට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න කියල හිතාගෙන ටෙක් ශ්‍රි ලංකා එකට ගියා. පොඩි කෝස් එකකට ඒ දවස්වල රු 15000 ක් ද කොහෙද ඉල්ලුවා. ආසාව අත්හැරගෙන ගෙදර ආවාsedih.

O/L ඉවර වෙලා ගෙදර ඉන්න කොට කම්මැලි කමට විජය පරිගණක සගරාව ගත්තා. ඔන්න ආයෙත් පිස්සුව වැඩි වුනා. A/L කරන්න ඉස්කෝලේ යනකොට මටත් කොම්පියුටරයක් ලැබුණා. ඒක AMD 1.1GHz එකක් 256MB DDR, 40GB IDE HDD, DVD රොම් එකකුත් තිබ්බා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒ කොම්පියුටරයෙන් එතකොට මම වින්ඩෝස් දාන්න එහෙම දන්නෑ. එක දවසක් මේක වැඩ කරන්නේ නැතුව Win XP යි Win 2000 දාන්න රු 1500 ක් ගත්තා. ඊට පස්සෙ මම ම වින්ඩෝස් දාන්න ඉගෙන ගත්තා. BIOS අප්ඩේට් කරන්න ගිහිල්ලා කොම්පියුටරය Finish වුනාsedih. ආයෙත් මාස 3 කට විතර පස්සේ Motherboard එකකුයි Pentium 4 processor යි දාලා කොම්පියුටරේ හදා ගත්තා. ටික දවසකට පස්සේ සල්ලි හදිස්සියකට මොනිටරේ තියාගෙන ඉතුරු සේරම කොම්පියුටර් කෑලි ටික විකුණන්න වුනා. (ගත්තු එකා මොනිටරේ එපා කිව්වනේ)

(මගේ දුප්පත් මැසිම)

2007 අන්තිම හරියෙදි ආයෙත් මැසික් හදාගත්තා. ඒක තමයි දැනටත් පාවිච්චි කරන්නේ. Pentium Dual core 1.60GHz, 2GB DDR2, 250GB/160GB HDD, DVD RW, Onboard VGA . ගිය මාසේ LCD මොනිටරයක් ගත්තා. මේ මැසිම නම් නැතිවෙන්න Over clock කරලා තියෙන්නේ. CPU, Chipset, Memory වෝල්ටේජ් පාවා වැඩි කරලයි තියෙන්නේ. Cooling Fan න්ම 5 ක් තියෙනවාsengihnampakgigi. කවදාවත් මේකේ කේස් එක නම් වහල නෑ. මම සාමාන්‍යයෙන් ගේම් play කරනවා. ඒත් මට VGA කාඩ් එකක් නම් නෑ. ඕනෙ වෙනකොට කාගෙන් හරි ඉල්ලාගෙන එනවා. හැමදාම යාළුවන්ට ඇණයක් වෙන්න බෑනේ.. ඒ නිසා මේ දවස් වල VGA කාඩ් එකක් ගන්න සල්ලි එකතු කරනවාsenyum.

කොම්පියුටර් 2ක් පාවිච්චි කළත් OS එක නම් වෙනස් වුනේ නෑ. (ඒ ගැන කණගාටු විය යුතුයි) සුපුරුදු පරිදි වින්ඩෝස් හොර කොපි. දැනටත් XP & 7. වයිරස් ගාඩ් තුන හතරක් දැම්මත් මට නම් මේක වෛරස් වලින් බේර ගන්න නම් බෑ. මාස 3 – 4 සැරයක් ෆෝමැට් එකක් ෂුවර්. බිලොග් ලියන්න කියවන්න ආවට පස්සෙ තමයි මම FOSS ගැන වැඩි විස්තර දැන ගත්තේ. දැන් FOSS වලට මාරු වෙන්න පොඩ් කැමැත්තක් තියෙනවා. බලමුකෝ ඉස්සරහට. මේක තමයි මගේ කොම්පියුටර් ඉතිහාසය

20 comments:

Kanishka said...

හම්.. මැද්දෙන් පටන් ගත්තත් හරි පාරෙ ගිහින් තියෙනව...
කොම්පියුටරේක කරන්න පුලුවන් risk වැඩිම වැ‍‍‍ඩේ එහෙනම් මම වගේම උඔත් කරල තියෙනව. මම වගේම කෙලවගෙනත් තියෙනව. මගෙත් මුල්ම pc එකට කෙල උනේ BIOS upgrade කරන්න ගිහින්..
සතුටුයි ගොඩක්.. පුලුවන් නම් 486 වගේ pc එකක් හොයන් assemble කරල වැඩ කරල බලපන්.. ඒ අත්දැකීම් උඔල ගන්න ඕන. සුබ අනාගතයක් පතනව..

Anonymous said...

උබගේ මැශිම කොහෙද බන් දුප්පත්.. ඒවට අපේ එව්වා...
යාලුවෝ හැමදාම VGA card දෙනවද :D

ශාකුන්තල | Shaakunthala said...

Virus Guard එකකට වඩා එකවර පාවිච්චි කරන්න එපා. එහෙම කළාම එක ඒ වයිරස් නාශක අතර බලය බෙදා හදා ගැනීම ගැන පොඩි පොඩි ගැටළු ඇති වෙලා මැසිම ස්ලෝ වෙනවා.

වයිරස් ගැන කිසිදු දැනීමක් නැත්තං ඉක්මනට Ubuntu වලට මාරු වෙන්න.
වයිරස් ගැන ටිකක් දන්නවනම් Kaspersky පාවිච්චි කරන්න.
වයිරස් ගැන ගොඩක් දන්නවනම් Avast හෝ Avira පාවිච්චි කරන්න. (මම නං පාවිච්චි කළේ Avast)
වයිරස් හදන එකෙක් නං.... එහෙනං ඔය හැම එකම දාගන්න.... මොකද හැම එකක් එක්කම ටැස් කරලා බලන්න ඕනනේ... :P

---

FOSS වලට මාරු වීම ගැන... තමන්ට FOSS හරියනව නම් විතරක් මාරු වෙන්න. කවුරුවත් කී පලියට FOSS වලට මාරු වෙන්න එපා.

Indranama said...

මචං උ‍ඹේ මැෂිමේ අවුල් දෙකක් පෙනුනා මට.

1. ෆෑන් ගණණ වැඩි කලා කියල වැඩක් නෑ. CPU case එකේ ෆෑන් සවි කරන්න ඕනෙ වාත ධාරාව එක පැත්තකින් ඇතුලු වෙලා අනික් පැත්තෙන් පිටව යන විදියේ මාර්ගයක් ඇති වෙන විදියට. හැම සිදුරකටම ෆෑන් සවි කලොත් ඒ ගලා යාමට බාධා ඇති වෙනවා.

2. රූපයේ පේන හැටියට උඹට තියෙන්නෙ sub woofer සෙට් එකක් නේද? (අර පේන්නේ ට්වීටර් ද?, එහෙම නෙමේ නම් මේක ගණන් ගන්න එපා) ඔය ට්වීටර් ටික නියම පිලිවෙලට බැලන්ස් වෙන්න තිබ්බෙ නැත්තම් හොඳ නාදයක් ගන්න බෑ නේද? ඒ කිව්වේ වූෆරේ බිම තියලා ස්ටීරියෝ බැලන්ස් වෙන්න ට්වීටර් තියන්න.

Thilina said...

@Kanishka

ඒක Mercury බෝඩ් එකක්. උන් පේජ් එක වහල නිසා BIOS එක හොයාගන්න විදියක් නෑ. තිබ්බානම් හදාගන්න තිබ්බා. ඒ බෝඩ් එක තාම මං ගාව තියෙනවා.

@panhida

මම VGA කාඩ් එක ඉල්ල ගන්න යාළුවට තියෙන්නේ Core 2 Duo මැසිමක්. ඒත් VGA කාඩ් එක ගහපු ගමන් ඒ මැසිම ක්‍රෑෂ් වෙනවා. ඉතින් මගේ වාසනාව. හික්...

@ශාකුන්තල

මම පාවිච්චි කරන්නේ Avast විතරයි. ඉස්සර නම් AVG පාවිච්චි කළෘ. ඒක අප්ඩේට් කලත් හැම තිස්සෙම වෛරස්. Avira එකේ කරච්චලේ මට අල්ලන්නෑ. Kaspersky නම් පාවිච්චි කරලා නෑ

@ප්‍රවීන් ඉන්ද්‍රනාම

මගේ Mobo එකේ ICH9R Southbridge එක මාර විදියට රත් වෙනවා. OC කරල නිසා වෙන්න ඇති. ඒ නිසා chipset දෙකට ෆෑන් 2ක් දැම්මා මම කවදාවත් කේස් එක වහල නෑ. එකපාරක් වහල බලමු රස්නෙ අඩු වෙයිද කියල.

4.1 Sub එකක් තියෙන්නේ. sub එකේ මැනුවල් එකෙත් තිබ්බා ස්පිකර් හතර වටෙන් තියන්න කියලා. ඒත් මම ඔහොම තමයි තියල තියෙන්නේ. මම sound quality ගැන
එච්චර උනන්දුවක් නෑ.

ηiRσ said...

ඔයා නං කම්මැලි නැතුව කොම්පියුටරේ හොඳට මස් කරල තියෙන පාටයි! Windows වලින් මාරු වීම කෙසේ වෙතත් එක පාරක් හරි උබුන්ටු හරි දාල බලන්න...පළවෙනි පාර ෂුවර් එකට කෙල වෙයි හිකිස්! එතකොට ආයි දාල බලන්න. මං කැම්පස් එකේදි එක පාරක් සිංහල latex පාවිච්චි කරන්න ඕන වෙලා එක දිගට 5 පාරක් ෆෙඩොරයි උබුන්ටු යි දැම්ම. :)

ශාකුන්තල | Shaakunthala said...

@niroshinie,
අපේ රටේ පරිගණක පාවිච්චි කරන වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ Next --> Next --> .. --> Finish ක්‍රමයට මෘදුකාංග ස්ථාපනය කරන්න. Screen එකේ පෙන්නන කිසි දෙයක් කියවන්නෙත් නැතුව ඔහේ යන්නන් වාලෙ යනවා.. තව තැන් වලදි Yes දුන්නමම error එකක් එනවනං No දෙන්න ක්‍රමයට.

Ubuntu මුල් වරට දාන අය කෙළවාගන්න එක තැනක් තමයි ඕක.

Unknown said...

malli mama tikak lokui umbata wada... kawru kohoma kiwwath api negitte windows allagen passe ang enawa eta wada kag podi but dont forget mama 95 walin negitte ada mage laga appel lap ekak tiyenawa quad core extreme desktop ekak tiyenawa api yanna ona koheda essarahata.. duwapan hati wetunama asai udawwak onanam menna mage address eka limak danna mama inne KSA wal dhammika77@gmai.com

Thilina said...

@niroshinie

මම එක පාරක් පරණ හාඩ් එකක හොයාගෙන Ubuntu දැම්මා. ඒත් Ubuntu විතරයි. ප්‍රශ්නයක් නැතුව ඉන්ස්ටෝල් වුනා. Dual boot කරල නෑ. ඒක කරල බලන්න ඕනේ.

@ශාකුන්තල

"Next --> Next --> .. --> Finish" කතාව ඇත්ත, බොරුකින්න ඕනේ නෑ. මමත් මේ ක්‍රමය තමයි ප්‍රගුණ කළේ. මේකට ඇබ්බැහි වුන කෙනෙක් මේකෙන් ගලව ගැනීම ඉතාම අපහසු දෙයක් කියලයි මම හිතන්නේ.

ηiRσ said...

@ශාකුන්තල
ඔව් ඒක ඇත්ත තමයි. හැබැයි මට උනේ උබුන්ටු දැම්මෙ IBM (අර අපේ ලැබ් වල තියෙන්නෙ ) කොම්පුටෙරේට. Windows එක්ක dual boot කරගන්න දාගන්නයි බැරි උනෙ. මතක විදියට grub එක ආවෙ නැද්ද කොහෙද. මුලින්න් දැම්මෙ ෆෙඩොරා. ඊට පස්සෙ ඒක මගෙ වැඩේට හරි ගියෙ නැති නිසා උබුන්ටු දැමම. කොහොම හරි අන්තිමට command line එකෙන් ගිහින් තමයි හරියට දා ගත්තෙ.

Thilina said...

@Rohan

Foss රොක් කිව්වට හැමෝම මුලින්ම පාවිච්චි කළේ වින්ඩෝස් OS එකක් කියන දේට මම එකගයි

ශාකුන්තල | Shaakunthala said...

@niroshinie,
ඔව් ඒක ඇත්ත තමා... අක්ක කැම්පස් එකේ ඉගෙනගන්න කාලෙ ලිනක්ස් දැමිල්ල කියන එක දැන් වගේ සීනිබෝල වැඩකුත් නෙමෙයිනෙ. :)

@Thilina,
ඔයා කියන කතාවට සම්පූර්ණයෙන් එකඟ වෙන්න බෑ. නමුත් බොහෝ දුරට එකඟයි. මගේ අත්දැකීම් අනුව නම්, මට මුලින් ලිනක්ස් සෙට් වුණා නං මම මීට වඩා දෙයක් අද දන්නවා. මම desktop computer එක ගන්න කාලෙ තිබුණු "computer = windows" කියන මතය මගේ ඔළුවට කාවැදිල තිබුණෙ නැත්තෙ මම ඒ වෙනකොට MS-DOS, Atari 800XL වගේ දේවල් එක්ක ටිකක් ඔට්ටු වෙලා තිබුණු නිසා.

Chamara said...

මචං, ව්න්ඩෝස් වලින් ‍ඔයාගේ වැඩ ටික අවුලක් නැතිව කෙරෙනවා නම් ආයේ වෙන එකකට මාරු‍ වෙන්න එපා. හැමදාම වයිරස් එනවා නම් 1700 ක් විතර දීලා ඔරිජිනල් කස්පර්ස්කි හරි වෙන මොකක් හරි එකක් ගනින්. මමත් ගත්තා එතක් ගිය අවුරුද්දේ. අවුලක් නැතිව තාම මැසිම තියෙන්නේ ඒක නිසා. ඒක නිසා හොද එකා වගේ වයිරස් ගාඩ් එකක් ගනින්. උබුන්ටු කැමති නම් දාලා බලාපන්. inside windows දාලා ගැහුවාම අවුලක් නැතිව වින්ඩෝස් එක්ක වැඩ කරන්න පුලුවන්.

Chamara said...

අමතක වුනා කියන්න. මැසිමේ ඉතිරි පියනත් වහපන් නැතිනම් හූනෝ රිංගයි. මට එක පාරක් කෙල වුනා

Thilina said...

@ශාකුන්තල

අදහස් වලට ස්තූතියි.

@chamara jayakody

රු 1700 ක් දීල CD එකක් ගන්නේ මොන හිතකින්ද? :) ඒත් ජෙනුයිනුත් පාවිච්චි කරල බලන්න ඔනෙ වෙනස මොකක්ද කියල. හූනො නොව් මගේ කාමර් මොන සතා සිව්පාව ඉන්නවද දන්නෑ.

සහන් සටහන් said...

හොදයි හොදයි... ඒක නෙවෙයි මටත් හිතුනා මගේ කොම්පීටර ඉතිහාසෙ ලියන්න.කොපි කලා කියන්නෙ නැති නම් ලියන්නම් මොකද කියන්නෙ...........

Thilina said...

@සහන්

ආ....එළ එළ.. ලියන්න ලියන්න. මාත් මේක ලිව්වේ කස්ටිය කොම්පියුටර් ඉතිහාස ලියල තියෙනව දැකලයි. මැසිමෙ පින්තූරෙකුත් දාන්න.

සහන් සටහන් said...

ඔන්න මමත් ලිවා මගේ පරිගණක ඉතිහාසය බලලා හොදද කියන්න

Thilina said...

@සහන්

කියෙව්වා බං, එළ එළ... මාර විදියට කොම්පියුටරේට වියදම් කරලා තියෙනවා වගේ. අම්මලා නට්ටං කරලා මැෂින් ගන්න එපා බං, පව්.
(ම‍චෝ උඹේ බිලොගයට Comment එකක් දාන්න ගියාම පිස්සු හැදෙනවා.)

සහන් සටහන් said...

පොඩි අව්ලක් තියනවා මයි බ්ලොග් වල මගෙ බ්ලොග් එකේ විතරයි වගේ ලෙඩේ. මම හදන්න බලන්නම්.

Post a Comment