About

Thursday, June 11, 2009

මල් පෝච්චියක් ඇතුලේ කොම්පියුටරයක්...???

මෙන්න E පෝච්චියක් හම්බවුනා. ඇත්තටම මේක පෝච්චි කොම්පියුටරයක්. මෙම පෝච්චි (හෝ කළ) කොම්පියුටරය ECS සමාගම විසින් නිර්මාණය කරන ලද්දක්. Intel Atom සකසනය පාදක කරගත් මෙම පෝච්චි කොම්පියුටරය අමුතම ආරක පරිගණකයක්



මෙහි Intel Atom N230 Processor එකක් ද නවතම nVidia Ion chipset එකක් ද අඩංගුය. සුපිරි high quality චිත්‍රපට අද්දැකීමක් විද ගැනීමට Blu-ray Disc drive එකක්ද ECS සමාගම විසින් මෙම පෝච්චි කොම්පියුටරයට ඇතුලත් කර තිබෙනවා

(පින්තූර + විස්තර මෙතනින්)

ප.ලි

මෙන්න පොච්චි කොමිපියුටරේ තවත් පින්තූර ලැබුනා. හෆෝයි මේකට මල් දාන්න බෑ. හික් හික්.....

පින්තූර

14 comments:

Anonymous said...

ඕකට මල් ටිකක් දාල වතුර ටිකකුත් දාමුද?

Thilina said...

@Anonymous

ඔව්, වතුර ටික cooling system එක විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. හික්....

said...

USB, Network යට පැත්තේ තිබ්බම ගහන්නේ කොහොමද බන්

budhajeewa said...

නිර්මාණාත්මකයි.. හැබැයි "ම" කියන විදියට ඔය පෝට්ස් පාවිච්චි කරන්න පෝචිචය අනිත් පැත්ත ගහන්න ඕන නේ ?

Narada said...

ow, yata patthe thibbata mal pochchiya thiyana adharakaya hinda puluwen wei, anika USB hubs walin bariye pawichchi karanna ;)

oka hondai machine eka horungen parissam karannata ;)

Thilina said...

@ම & Supun Budhajeewa

පළවෙනි රූපය බලන්න. පෝච්චි කොම්පියුටරේ තියන්නේ පෙ‍ඩි රවුම් ගැජට් එකක් උ‍ඩ. එනකොට වයර් ටික යටින් ගන්න පුළුවන්. USB වලට නම් හබි එකක් ඕනෙ වෙයි.

@-බිன்ku-

හරියට හරි. ම‍ල් ටිකක් උඩින් දැම්ම නම් කවුරුත් කොම්පියුටරයක් කියල හිතන්නෙ නෑ...

අනූ said...

ගෙදර වලියක් එහෙම යනකොට මල්පෝච්චිවලින් ගහන්න එපා කියන්න වෙයි. ඕකෙන් ගැහුවොත් මැරෙයි.

Thilina said...

@ අනු

ඔව් ඔව්, පොච්චි කොම්පියුටරෙන් ඔලුවට දුන්නොත් ඇතුලෙ තියෙන Atom Processor එක මොලයට බහියි. හික්...

malee_msg said...

මටත් ඔයින් එකක් ගත්තා‍ නම් හොදයි වගේ..

Thilina said...

@ malee_msg

මේක ඇවිල්ලා All in one කොම්පියුටරයක්.

1. කොම්පියුටරයකින් කරන සාමාන්‍ය වැඩ කිරීම
2. මල් පෝච්චියක් විදියට පාවිච්චි කිරීම
3. ආත්මාරක්ෂාවට (හොරෙක් එහෙම ආවොත් ඔලුවට දෙන්න)
4. .....
5. ......

හික්...

said...

ඕකේ නැද්ද බෝතලේ හැඩේ Version එකක්?

Thilina said...

@ ම

ගල් බෝතලයක් හැඩේ එකක් නම් නෑ. කාර් එකක් හැඩේ Version එකක් නම් තියෙනවා. ඒත් ඕඩර් කළොත් බෝතලයක් හදාගන්න බැරි වෙන එකක් නෑ. හික්...

said...

ටිකක් භයානකයි බන් , බීලා ඉන්න වෙලාවාක බඩු මදි උනොත් ඕක කඩලා ගහන්න හදයි.

Thilina said...

@ ම

ඔව්, හොදට වැදිලා ඉන්න වෙලාවට වලියක් ගිහිල්ලා බෝතල් කොම්පියුටරෙන් ඔලුවට දුන්නොත් එහෙම කොම්පියුටර් කෑලි ටික මොලේට තමයි යන්නේ. හික් හික්...

Post a Comment