About

Sunday, June 7, 2009

81 වෙනි වරටත් පැවැත් වූ රාගම වල්පොල පොසොන් පෙරහැර

ඩෙංකුටු තා...ලෙට බෙර ගහලා...
උඩරට නැටුමට පණ පොවලා....
දළ ඇතුපිට කරඩුව තියලා....//
පෙරහැර එන රග දුර ඉදලා...//

81 වෙනි වරටත් පැවැත්වුනු රාගම වල්පොල පොසොන් පෙරහැර ඊයේ (06) රාත්‍රියේ පැවැත් වුනා. ඊයේ රෑ 8.30 ට විතර පෙරහැර යන පාරට ගිහිල්ලා මම ෆොටෝ ටිකක් ගත්තා (ටිකක් කියන්නේ ෆොටෝ 220 ක් විතර) මේ තියෙන්නේ ඒ ෆොටෝ වලින් ටිකක්. සමහර ෆොටෝ වල එළිය වැඩියි/අඩුයි. හොද ඒවා 100ක් විතර තමයි තිබ්බෙ රැ 9.00 විතර පෙරහැර ආවා. ඉවර වෙනකොට 10.30 ත් පහුවෙලා. එතනම බත් දන්සැලකුත් තිබුණා.senyum හෙන පෝළිම. රැ 11.30ට විතර ඒකෙනුත් කාලා ගෙදර එනකොට රැ 12 ත් පහු වෙලා... මෙදා පාර අලි ඇතුන් නම් හරිම අඩුයි 12 ද කොහෙද හිටියෙ. ගිය පාරනම් 25 කට වැඩිය හිටියා. 50 වෙනි පාරට පෙරහැර තිබුණු අවුරුද්දෙ දී අලි ඇතුන් 50 දෙනෙක් හිටිය කියලා ආරංචියි.


Internet කනෙක්ෂන් එක බේරා ගැනීමට උවමනා නිසා පින්තුර වල resolution එක 3072 x 2304 සිට 800 x 600 ට අඩු කරන ලදී...sengihnampakgigi

5 comments:

නුවන්සි said...

වල්පොල ගිනිකෙලි කියන්නේ ගොඩක් ජනප්‍රිය කණ්ඩායමක්,
මෙයාල මහනුවර දළදා මාලිගාවේ පෙරහැරටත් අනාදිමත් කාලයක ඉදන් සම්බන්ධ වෙනවා.
එයාල ගිනිබොල කරකවන කොට නම් ඉතින් පවසලා වැඩක් නැ, මාර වැඩ කාරයො තමයි.

Deeps said...

ඔය පෙරහැර ගැන මාත් අහල තියනවා. අපේ අම්මල පොඩි කාලේ හැමදාම යනවලු බලන්න. මම නම් ගිහින් නෑ. අද ඉතින් ඔන්න රූප වලින් හරි බලාගත්තා

Thilina said...

@නුවන්සි

ඔව්.. නුවර දළදා පෙරහැරේ ගිනිබෝල කරකවන්නේ වල්පොල ගිනිකෙළි කණ්ඩායම තමයි.

@deeps

ලබන පාර එන්න පෙරහැර බලන්න. දන්සැලෙන් හොදට කන්නත් පුළුවන්.

malee_msg said...

ෂොක් ෂොක්..! ඊයේ ගොඩක් පැති වල පෙරහැර වල් තිබිලා තියනවා.

Thilina said...

@ malee_msg

ඊලගට නුවර පෙරහැර තමයි. ඇත්තටම ඹයාලගේ දන්සැල ගැන බිලොගයේ ලියන්න තිබුණේ...

Post a Comment