About

Friday, May 8, 2009

මටත් LCD මොනිටරයක්

ඔන්න ඉතින් ම‍ටත් LCD මොනිටරයක් ලැබුණා. මම අවු 4 ක් ම පා‍විච්චි කළේ Philips 17 Flat මොනිටරයක්. මටම කියලා කොම්පියුටරයක් ලැබුනේ 2005 දි, එදා ගත්තු මොනිටරේ තමයි මේ වෙනකම්ම පාවිච්චි කළේ. ස්ක්‍රින් ෆිල්ටරයක් වත් නැතුව ඒක පාවිච්චි කරලා මගේ ඇස් දෙකත් බාගෙට පොට්ට වෙලා.

            LCD මොනිටරයක් ගන්න එක නම් අවුරුදු කිපයක ඉදලා තිබුණු හීනයක්. මම ගත්තේ Asus 19” Widescreen (Asus VW198T) මොනිටර් එකක්. මේක 1680 x 1050 Resolution තියෙන මොනිටරයක්. ම‍ට නම් මේක‍ට වියදම් වුනේ රු15000 ක් විතරයි (B/N එකක්). ලාබයි කියලා හිතෙනවා. Power Consumption එකත් 40W ක් විතරයි. පරණ 17 CRT එකට නම් 70W ක් විතර යනවා. DVI හා ස්පීකර් එහෙමත් තියෙනවා ඒත් Sound quality එකනම් සවුත්තුයි. Picture quality එකනම් එළ ඒ ඇති..


8 comments:

ගයාන් කල්හාර said...

ආ එල එල. අපි නම් ඉතින් තාම 2002 ක මොඩල් 15' විත් ෆිල්ටර් තමයි..

DVI එකෙන් ද වැඩ කරන්නෙ ?

මනුශාන් said...

එළ එළ මමනම් මටම කියලා කොපියුටරයක් ගත්තේ 2007 දී LCD එකකුත් ගත්ත 2008 දැන් මේ කොම්පියුටරෙ විකුනන්න ඉන්නේ ලැප්ටොප් එකක් ගන්න.

අනූ said...

කොන්ග්‍රැඩුලේසන්ස්. මම 17 wide එක දැං ටික කාලෙකට කලිං ගත්තෙත් 15කට. එන්න එන්න ගනං අඩු වෙනවනෙ. DVI එක හොදයි මං හිතන්නෙ VGA එකට වඩා නේද?

Thilina said...

@ ගයාන් කල්හාර

ස්තූතියි, අපි ඉතින් ඔන් බෝඩ් VGA කාරයෝනේ. DVI කේබල් එක ලැබුණා. DVI පාවිච්චි කරන්න සල්ලි ටිකක් එකතු කරලා 9500GT එකක් වත් ගන්න ඕනෙ

@ මනුශාන්

ස්තූතියි, ලැපක් ගන්න එක හොදා, හැම දේම තියෙනවනේ, Power Consumption එකත් අඩුයිනේ.

@ අනූ

ස්තූතියි, DVI පාවිච්චි කරන්න Graphics Card එකක් නැහැනේ

said...

මාත් මේ හීන බල බල ඉන්නේ LCD එකක් ගැන

Thilina said...

@ ම

දැන් LCD මොනිටර් ලාබයි. ඉක්මනට එකක් ගමු...

H said...

LCD එකක් නම් මටත් ගන්න ඔනේ.ඒත් ඉතින් පින්තූර වල තත්වය බාල වේ කියලා ගන්න හිතෙන්නේ නෑනෙ. හොඳම TFT මොනිටර් එකක් උනත් ගොඩක් ගනන් නේ.

Thilina said...

@ The Alien

ගන්නවානම් බ්‍රෑන්ඩ් එක ගැන හිතන්න. Samsung, Viewsonic, LG, Asus වගේ එකක් තෝර ගන්න. මම නම් මේක ගත්තේ Asus හින්දමයි. ම‍ට නම් මේකේ Picture quality එක වැඩිත් එක්ක. text වලදි CRT මොනිටර් වලට වඩා මාර ක්ලියර් එකක් තියෙනවා

Post a Comment