About

Thursday, May 21, 2009

ගොන් Dialog Broadband වංචාව



ඔන්න Dialog එකේ ගොන් පා‍ට් එකක් ගැන තමයි ලියන්නේ... මම දැන් මේක ලියන්නේ ‍හොදටම පුෂ්පය පැනල marah . මම මේ දවස් වල වින්ඩෝස් 7 RC බාගන්න මාර try එකක් නමයි දෙන්නේ. 2 පාරක් imageshack එකෙන් resume වෙන්නෙ නැතුව රු 100 ක් කුඩු. 3 වෙනි පාරට‍වත් වැඩේ ෆින්ෂ් කරගන්න අද උදේ 3.15ට විතර නැගිටලා වැඩේට බැස්සා. ඔන්න 3.30 ට විතර Dialog Prepaid Mobile Broadband වලට රු 50 ක් දාල කනෙක්ට් වුනා අපෝ speed එක 60KBps - 80KBps අතර. ඔය Speed එකෙන් 2.35GB ක් බානකොට හෙට වෙයි. අනික පැය 2යි නේ තියෙන්නේ. දෙපාරක් විතර Disconnect වෙලා ආපහු connect වුනාම, speed එක හරි ගියා ඔන්න දැන් 250KBps - 300KBps ක් විතර එනවා (ඔය speed එක මගදි 20KBps ත් වෙනවා ඒක වෙනම කතාවක්). වැඩේ හරි ‍‍වගේ පැය 2 යි යන්නේ. ඔහොම පැය 1/2 කුත් ගියා කියමුකෝ. ඔන්න දැන් තමයි ගොන් පාට් එක පටන් ගන්නේ.

එක පාරටම speed එක 0KBps වුනා. හරියට ඒ connection එකේ වෙලාව ඉවර වුනා වගේ. ආයෙත් මම disconnect වෙලා නැවත connect වෙන්න බැලුවා. මෙන්න මැසේජ් එකක් එනවා Invalid Username or Password කියලා. රු 50 දෙන පැය දෙකෙන් තාම හිගින් තියෙන්නේ පැය 1/2 ක් විතර නිසා මම ‍හත් අට පාරක් username, Password ගහල බැලුවා, එකම දේ තමයි එනනේ Invalid Username or Password කියලා. පස්සේ නිකමට Account status and usage බැලුවා. මෙන්න බඩු.... Dialog එක කියන විදියට මම රු 50 ට දෙන පැය 2 ඉවර කරලා වැඩිපුරත් විනාඩි 13 තත්පර 21 ක් internet පාවිච්චි කරලා. හික්.. මුන්ගේ server වලට මීයෝ රිංගලද කොහෙද..? senyum





(ලොකු කරල බලන්න)


බලන කොට මම    එකම වෙලාවේ පැය 1/2 එව්වා 4 ක් පාවිච්චි කරලා තියෙනවා   වෙන්න පුලුවන් වැඩක්ද?

දැන් ඉතින් 3 වෙනි පාරටත් 7 බාන වැඩේ බ්ලාස්. මමත් ඉතින් බල බල හිටියේ නෑ ගත්තා කොල් එකක් කස්‍ටමර් සර්විස් එකට (0777678678 එතකොට වෙලාව උදේ 4.45 ට විතර ඇති) පටස් ගාල කොලු ගැටයෙක් කතා කළා. මම ඉතින් මගේ දුක කිව්වා මූ කියනවා සර් අපේ Prepaid Mobile Broadband සර්විස් එක update කරනවා ඒ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ කියලා, උදේ 6 විතර වෙනකොට account එක reset වුනේ නැත්නම් ආපහු කතා කරන්න කියලා. අනේ ඉතින් මම මොනවා කියන්නද මූට....marah උදේ 6.30ටත් ලෙඩේ හරි ගියේ නැති නිසා ආපහු කතා කළා. ඒ පාර අක්කා කෙනෙක් කතා කළා. අක්කා මගෙන් අහනවා සර් කොහොමද usage බැලුවේ කියල?. මේ අය Dialog එකේ නෙවෙයිද මන්ද වැඩ කරන්නේ?. පස්සේ කිව්වා 0777676576‍ ට කතා කරලා කියන්න කියලා. ඒකටත් කතා කළා තව කොලු ගැටයෙක් විනාඩි 15 ක් විතර මාව ලයින් එකේ තියන් ඉදලා කියනවා මේකයි සර් කම්‍ප්ලේන් නොම්මරය XXXXXXX වැඩ කරන දටස් 2ක් ඇතුලත විසදුමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා තමයි මුන්ගෙ විසදුම්. තවත් ගොන් පාට් එකක් දැන් Hotline එකට මාසයකට දෙපාරයි නොමිලේ කතාකරන්න දෙන්නේ. ඊ‍ට පස්සේ සල්ලි ගන්නවා මරු කස්ටමර් සර්විස්...

දැන් කවුරුහරි හිතයි අපෝ මූට මේ රු 50 ක් නැති වෙලා මූ මෙතන කියවනව කියල. ඇත්තටම රු 50 නෙවේ මෙතන ප්‍රශ්නේ. Dialog ‍ එක මෙතනදි ලොකු වංචාවක් කරලා තියෙනවා හෝ වෙලා තියෙනවා රු 50 ට පැය 2 ක් internet පාවිච්චිය ලබා දෙනවා කියල ඔවුන් කියනවා. නමුත් මට පාවිච්චි කිරීමට ලැබුනේ පැය 1/2 ක් පමණයි. හරිම අසාධාරණයි. රු 400 ක් දාපු එක්කෙනෙකුට මෙහෙම වූනොත්....? තව කීදෙනෙකුට මෙහෙම වෙන්න ඇතිද ....???. අවංකටම මට 7 බෑමත් එපා වූනා. sedih

SLT එකේ ඉදලා අපේ ගෙදරට 8km ක් දුර වුනත් අපි කැමති නම් ADSL ලයින් එක දෙන‍්ක පුලුවන් කියල SLT කියනවා.(සාමන්‍යයෙන් ADSL ලයින් එක දෙන්නේ 4km ක් පමණයි) ඒකවත් අරගෙන බලනවා. මේ HSDPA මගුල් වලට වඩා ඒක හොද වෙයි කියල හිතනවා. (8km දුරට ලයින් එක ගත්තට අවුලක් නැද්ද ?  දන්න එක්කෙනෙක් කියල දෙන්න)

21 comments:

Pahan said...

මටත් මේ වගේම වැඩක් උනා dialog post paid වලදී. මම මාසේ අන්තිම සතියේ වැඩි වැඩක් කරන්නේ නැතුවම 2GB විතර පාවිච්චි කරලා . customer care එකට හතර පාරක් ගත්තා 4 පාරම එ‍ගොල්ලෝ මගදී කෝල් එක කට් කලා. එක්කෙනෙක් කියනවා සර් යන සයිට් වල images වැඩි නිසයි 2GB ගිහින් ඇත්තේ. තව එක්කෙනෙක් කියනවා සර් ඕක මොඩම් එකේ ප්‍රශ්නයක් මොඩම් එකත් අරං ආකේඩ් එකට එන්න කියලා. හොඳම විහිළුව මම මුළුමාසෙට 6GBත් පහුකරලා 6500GB පාවිච්චි කරලා කියල පෙන්නුව එක. 64Kbps වලින් 500MB පාවිච්චි කරලා. :D පැය කීයක් යයිද කියල ගනං හදලා බලන්න. :D

Anonymous said...

මටනම් මේ පුළුල් පරාස කෙරුවාවන් අප්පිරියා වෙලා තියෙන්නේ. ඩයලොග් විතරක් නෙවෙයි, කෝකත් එකයි.

H said...

අනේ මන්දා, dialog නම් මම කිසිම සර්විස් එකක් පාවිච්චි කරල නෑ. ඒත් ඉතින් dialog ඔහොම තමයි කියලා නම් දන්නවා. මම නම් දැනට පාවිච්චි කරන්නේ SLT Broadband.

said...

මට SLt ADSL ගන්න ගියාම දුර වැඩියි Connection Slow වෙයි වගේ කතා කිව්ව. මන් ඕනේ දෙයක් වෙන්න කියලා ගත්තේ ඒත් කියන්න තරම් වරදක් නැහැ හැබැයි වේගයනම් ගොඩක්ම හොඳම නැහැ

Thilina said...

@ පහන්

මුන් පුදුම විදියට ගණන් හදනනේ, මට නම් එපාම වුනා. ලංකාවෙදි 6500GB ක් බානව කියන්නේ ලෝක වාර්තාවක්. හික්...

@ සියදෝරිස්

මටත් අද අප්පිරිය වුනා... මුන්ට දෙන්න ඕනෙ...

@ The Alien

Dialog කෝල් වලට එහෙම හිතෙන හිතෙන ගාන කපන්නේ. මටත් දැන් ඉතින් SLT සරණං ගච්චාමි තමයි.

@ ම

512kbps අන්ලිමිට් එකද තියෙන්නේ? 50KBps කින් වත් බාන්න පුලුවන්ද? SLT එකේ ඉදල උඹේ ගෙදරට දුර කොච්චර විතර තියෙනවද?

said...

512KBps අන්ලිමිට් එක තමා තියෙන්නේ 50KBps කින් බාන්න පුලුවන් උදේ පාන්දරට සහ ගොඩක් රෑවෙලා දවල්ටනම් 20ක් වගේ ද? SLT එකේ ඉදල ගෙදරට 5 -6 KM විතර තියෙනව

Pahan said...

සමාවෙන්න මගේ අතින් ලොකු වැරැද්දක් උනා ඉස්සෙල්ලා කමෙන්ට් එකේ 6500GB 6500MB වෙන්න ඕන.
ඒගොල්ලො කියන විදියට මම 5GB පැනලා තියෙන්නේ මාසේ ඉවර වෙන්න දවස් 3කට කලින්. ඒත් මම මාසේ අන්තිම දවස් තුනේම කනෙක්ෂන් එකෙන් වැඩක් නොගත්ත තරම්.(දවස් තුනටම පැයතුනක්වත් පාවිච්චි කරන්න නැතුව ඇති.) මම මුකුත්ම නොකර 1500MB යන්නේ කොහොමද? කියල ඇහුවාම එක්කෙනෙක් කිව්වා සර් ඕක මොඩම් එකේ අවුලක් වෙන්න ඇති මොඩම් එකේ අවුලක් මොඩම් එකත් අරං ආකෙඩ් එකට එන්න කියල.
දැන් ආකේඩ් එකේ සෙනඟ මදි නිසා වෙන්නැති. :D

meegodaya/saman said...

දුක හිතෙනවා කොල්ලා කන කට්ට ගැන.(මාස 10ක් වෙලා තවම මගේත් ඩිපොසිට් එකවත් හම්බ වුනේ නෑ.බලන්න මගේ බ්ලොගය)මෙතන ගාන නෙවෙයි ප්‍රශ්නේ,මේ වංචාව තමයි වරද.තිළිණට වෙන මාර්ගයක් නැද්ද?

ගයන්ත said...

---> "මුන්ගෙ server වලට මීයෝ රිංගලද කොහෙද.."

හ්ම්ම්!! ටිකක් ලොකූ මීයෙක් රිංගලා වගේ...

මගෙ (HSDPA Unlimited with great FUP) ඊයෙ බලද්දි usage එක 1300MB, ඊයෙ දවසටම bandwith usage එක around 300MB (DU Meter)...
‍මේ දැන් බලද්දි 1800MB කියනවනෙ.. :(

අනේ මුංගෙ... :/

මධුර said...

ඔන්න ඔය වැහෙන්න යන සමාගම් වලින් දෙන සේවා පැත්තකට දාලා ගන්න SLT ADSL මට 3.3GB(Bully Game) එක බාන්න දවස් තුනක් විතර ගියා ඒ දවසට පැය 5ක් විතර බෑ වෙන්න දාලා, utorrent එකේ 50KBps තිබ්බේ 60KBps පැත්තේ වත් ආවෙ නෑ.
අනිත් එක මගේ ගෙදරටත් 7-8km වගේ තියෙනවා SLT එකෙන් signal check කරලයි දෙන්නේ, අපේ ගෙදරට නූලෙන් connection හම්බ උනේ
7km නම් කොහොමත් පුළුවන් වෙයි, US robotics modem එච්චර දුර වැඩ කරන්නේ නෑ ලූ. මං නම් පාවිච්චි කරන්නේ ZTE router එකක් අවුලක් නම් නෑ 08 සැප්තැම්බර් වල ගත්තෙ

Thilina said...

@ ම

50KBps ක් වත් එනවනම් හොදයි. thanks

@ පහන්

"සර් ඕක මොඩම් එකේ අවුලක් වෙන්න ඇති මොඩම් එකේ අවුලක් මොඩම් එකත් අරං ආකෙඩ් එකට එන්න "

ඔව් ඔව්... හැම කොම්පැණියක්ම මොඩම් එක අවුල් කියල ඇග බේරා ගන්නවා. බලනකොට ඔක්කොම එකයි...


@ meegodaya/saman

Internet එකට යන්න මාර දුකක් විදින්නේ.. අවසාන විසදුම දුර වැඩි වුනත් SLT ADSL


@ ගයන්ත

මුන්ට ගණන් ටිකක් කියල දෙන්න ඕනේ.., මං හිතන්නේ සූකර මීයෙක් තමයි ස‍වරේට රිංගල තියෙන්නෙ


@ මධුර

මමත් අද ගියා SLT එකට. චෙක් කරල දෙන්න බලන්නම් කිව්වා. router නම් තිබ්බෙ Prolink එකකුයි, SLT කියල ගහල එකකුයි විතරයි Prolink එක හොදයි කියල හිතෙනවා. හොයල බලන්න ඕනෙ. (1 Port - 4500, 4 Port - 6750, වයර්ලස් එකකුත් තිබ්බ ගාන මතක නෑ) මමත් ඉතින් ෆෝම් එකක් අරන් ආටා.

Malinda - මාලින්ද said...

අනේ ඹය ගානට මට කිවනම් මම තැ‍ටිය එවනව.
මගෙත් තැන්පතුව දැන් මාස 3යි. තාම හම්බුනේ නෑ . අඩුගානෙ සතියකට සැරයක්වත් ගන්න ඕනි.
ADSL දුර අනුව බැලුවට මම 6Km ට වඩා දුර අරන් තියනව. අවුලක් නෑ. ඒ අරගෙනත් හෙන දුර ඇදල ගත්තෙ.

එයාලට කියල පරික්ෂාවක් දාගන්න. කොහොමත් තප්පරේට 64ම එන්නෙ නෑනෙ

Vishva Kumara said...

512Kbps = 64KBps Yes, that's correct. When you get a 512Kbps connection your maximum download speed is 64KBps. Don't whine about that!

Notice the "B" and "b" "b" = bits and "B" = Bytes. The connection speed is given in Kilo bits per second and that is fair. But the download speed is given in Kilo Bytes per second!

Vishva Kumara said...

uTorrent shows the pure download of file contents to the application layer. But the network connection takes the packet headers, footers and padding. When you remove all the packet header, footer and TCP acknowledgments 50KBps is fair game!! You can't whine about that... ;)

And I'm not working in any telecommunication company!

වන්නි said...

ADSL වලට දුර වැඩියි වගේ නම් Wimax පාවිච්චි කරලා බලන්න. 12km දක්වා වැ‍‍ඩ කරනවාලු. මම ඉන්න හරියටත් ADSL නෑ. ඒ නිසා Lanka Bell Wimax ගත්තා. අපරාදේ කියන්න බෑ මට නම් කියන speed එක එනවා. හැබැයි ටිකක් තදේට වැස්සොත් තමයි බය. Lanka Bell කනුවට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. :D

Priyankara Perera said...

මචං , 8 Km නම් පොඩ්ඩක් හිතන්න වෙනවා. මමත් SLT ලනුවක් කාපු එකෙක්. මමත් දෙයීයනේ කියලා teleshop එකට ගිහිල්ලා ADSL ඉලපුවම , එගොල්ලෝ උඩින්ම දෙන්න කෑමති උනා. මාත් සුටුස් ගාලා රවුටරයක්ම ඈදලා ඈරියා , එ කාලේ 8000 ගානක් (4 port ).

සතියකට විතර පස්සේ Line එක හම්බ උනා. මලා 200 - 300 Kbps , 512 Kbps අහලකටවත් නෑහෑ. එ ඈයී කියලා අහපුවම කියපී, Line එක පරනයී ලු, තව අවුරුදු 2 විතර යයී කිව්වා අලුත් එකක් දාන්න. එ මදිවට රෑට Link එක නෑ.

ඉතින් මොනවා කරන්නද , Line disconnect කරගත්තා., රවුටරේ තියන් මොනවා කරන්නද, එක අඩු ගානකට විකුනුවා.

මම කියන හොදම වෑඩේ. Router එකක් ගන්නේ නෑතිව connection එක ගන්න. සතියකට විතර කාගේ හරි router එකක් දාලා පාව්ච්චි කරලා බලලා හොදනම් router එකක් ගන්න. නෑතිනම් අපරාදේ.

අනික නිකමට වගේ CIR value (committed information rate)එක කීයද කියලා අහලා බලන්න. 80% විතර කියනවනම් හොදා.

Thilina said...

@ Malinda

tax එක්ක රු 250 ක් විතර ගියා. ඒත් තාම 7 බෑම කොට උඩ. කවදා බාගන්න ලැබෙයිද මන්ද....

@ Vishva Kumara

අනේ මචෝ මට නම් කඩ්ඩ එච්චරම තේරෙන්නේ නෑ. bits, Bytes කතාව නම් ඇත්ත. අදහස් වලට ස්තූතියි

@ කුෂාන් ඇස්. වන්නිආරච්ච

අපෝ Lanka Bell නම් මතක් කරන්න එපා. මාත් ඕක ගන්න බලලා, ඊට කලින් දන්න කීග දෙනෙක් ගෙන් අහල බැලුවා. හැමෝම කියන්නෙ ගන්න එපා කියල. 12km ක් සිග්නල් වැඩ කරනව කියල මම නම් අහල නෑ. 1km කියල නේද කියන්නේ


@ Priyankara Perera

මටත් ඕක තමයි බය. අන්තිමට සල්ලි ටිකට කෙල වෙයිද දන්නෑ....

nilankaraja said...

Machan use mobitel HSPA internet. Don't try to use SLT adsl is too far away.

Anonymous said...

Dialog Unilimited connection එක try කරන්න..මම නම් ඒක තමයි පාවිච්චි කරන්නේ..services නම් අන්තිමයි ඒත් වැඩ ටික කරගන්න අවුලක් නෑ..student package tax එක්ක 1900 විතර වෙන්නෙ..FUP තමා අවුල..ඒත් ගියමාසේ slow කලේ නෑ..usage 40GB විතර..ඒ මදෑ..මං 7 බෑව හැබැයි පැය 5ක් විතර ගියා..තත්. 90 විතර දිගටම ආව..ඒක try කරල බලන්න පොඩ්ඩක්..හැබැයි site වලට link වෙන්න ටිකක් වෙලා යනව..

Thilina said...

@ nilankaraja

දැනටත් මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් නමා. 2GB එක. 2GB ගෑවෙන්නත් මදි. 7GB වලට 2500 වියදම් කරන්න අමාරුයි.


@ Anonymous

Dialog නම් එපා. අනික ඕක ගන්න කැම්පස් කාරයෙක් අල්ලගන්න ඕනෙ. අදහස් ‍වලට ස්තූතියි.

අනූ said...

ඩයලොග්ලගෙ හරියට හොර වැඩ තියනවා. ටෙලිෆෝන් බිලක් අරන් බලන්න දන්නැති ගනන් එකතු කරල ඇති.

Post a Comment