About

Friday, May 1, 2009

ලෝකයේ පළමු 40nm Graphics Card එක AMD/ATI සමාගමෙන්...


AMD/ATI සමාගම ලෝකයේ පළමු 40nm GPU(Graphics Processing Units) එක නිපදවා වෙළදපොළට එවා හමාරයි. එය වෙළදපොළට ආවේ ATI Radeon HD 4770 නමින්. මිල නියම වෙලා තියෙන්නේ US $100 කට. $100 යේ මුදල් සීමාවේ දැන‍ට රජ කරන්නේ ATI Radeon HD 4830 හා Nvidia GeForce 9800GT. නමුත් මේ Graphics Card දෙකටම වඩා performance නව Radeon 4770 Graphics Card එ‍කේ තිබෙනවා. දැන් අපි බලමු 4770 Specifications


(ඔන්න මම පින්තූර හොරකම් කළේ නෑ senyum en.expreview.com & www.legitreviews.com ගෙන්)


Radeon 4770 Graphics Card එකේ වැදගත් දේවල් කීපයක් තියෙනවා, ඒ තමයි නවතම 40nm GPU එකක් භාවිතා කිරීම, 512MB GDDR5 Memory භාවිතා කිරීම, සහ Low power consumption එක ($100 වෙනත් Graphics Card කාඩ් එකකට සාපේක්ෂව ඉතා පහල මට්ටමක පැවතීම - 80W), DX 10.1 සහාය, PCI Express 2.0 x16 bus සහාය, OpenGL 3.0 සහාය, වැඩි දියුණු කළ 7.1 channel audio සමග HD video playback

Memory Bus එක 128bit කියලා දුක්වෙන්න ඕනෙ නෑ, මේක GDDR5 මතකයක්. මෙහි Memory Bandwidth එක GDDR3 256bit ‍මෙමරි Bandwidth එකක‍ට සමාන වෙනවා. මීට පෙර GDDR5 Memory භාවිත කර තිබුනේ ඉතාම ඉහළ මටිටමේ Graphics Card වන ATI/AMD Radeon HD 4870, 4890, 4870 X2, යන Graphics Card වල හා සමහර non reference Radeon HD 4850 කාඩ් වල පමණයි.


Transistors මිලියන 826 ක් තිබෙන 4770 කාඩ් එකේ GPU එක රුපියලේ කාසියක් තරම්


(ඔය RV740 කියන්නේ 4770 GPU එක අනිත් RV770 කියන්නේ 4850, 4870, 4870 X2 වල තියෙන GPU එක, සයිස් එක තේරෙනවනේ )


මෙම 4770 කාඩ් එක CrossFire X සදහා ද සහය දක්වනවා. සල්ලි තියෙනව නම් 4770 කාඩ් 4 ක් වුනත් එකට සම්බන්ධ කරලා වැඩ කරන්න පුලුවන් (ගේම් ප්ලේ කරන්න senyum) benchmark ටිකක් en.expreview.com එකෙන් ගත්තා. 4770 කාඩ් එක පාවිච්චි කරනවා නම් පවර් සප්ලයි එක 450W හො‍් ඊට වඩා වැඩි විය යුතු අතර PSU එකේ 12V වල ඇම්පියර් ගණන 26A හො‍් ඊට වඩා වැඩි විය යුතුයි. 6pin PCI Express ප‍වර් කනෙක්ටර් එකක්ද ඕනෑ වේ.



මිලදී ගන්න ඕනෑ නම් මෙන්න Newegg kenyit( ඒත් අවාසනාවකට newegg ලංකාව‍ට Ship කරන්නේ නෑsedih)

ප.ලි - මේ වගේ ලිපියක් මම ලිව්වෙ පළවෙනි වතාවට වැරදි ඇත්නම් සමාවෙන්න.

7 comments:

Narada said...

එතකොට අඩුපාඩු එහෙම?


(වදන් සත්‍යාපනය අක්‍රීය කරනු මැනවි)

said...

මෙහෙ කීයක් වෙයිද දන්නේ නැහැනේ බන්

Thilina said...

@ -බිன்ku-

2D, idle power consumption එක බලාපොරොත්තු වූවාට ‍වඩා වැඩිය

@ ම

ලංකාවේ නම් Graphics Card වල price එක නම් ඉතාම වැඩියි. මෙහෙ 9800GT එකක් විකුණන්නෙ GTX260 Core 216 ($169) එකක් මිලට. 4770 ත් අනිවාර්යයෙන් ම 20,000 - 25,000 ක් වත් වෙයි.

said...

හැබෑටම ඉතින් අපි කොහොමද හොඳ ගේම් එකක් ගහන්නේ.
ලක්ෂයක් විතර යන්වා දැන් තියෙන ගේම් ගහන්න පුළුවන් විදිහට මැෂින් එක හදා ගන්න.

Thilina said...

@ ම

මොනව කරන්නද...? දුක තමයි

H said...

අපේ සිරි ලංකාවේ පරිඝණක කොටස් වල නම් මිල ඉතාම අධිකයි. පාරිභෝගිකයින්ට වෙන අසාධාරණ ඉතාම වැඩියි.මොනවා කරන්නද මන්දා.

Thilina said...

@ The Alien

ඇත්ත US වලදි $60 ක් වෙන මව්පුවරුව මෙහෙ විකුණන්නේ රු 11000 කට. කාට කියන්නද?

Post a Comment