About

Tuesday, May 5, 2009

බම්බලපිටියේ සිට කොටුවට පැමිණිම‍ට පැය 1 යි විනාඩි 20 ක් ?

ඔන්න අද උදේම මම පොඩි වැඩකට බම්බලපිටියට ගියා, 11ට විතර මම කරගන්න ආපු වැඩේ කරගෙන 11.15 ට විතර ගෙදර එන්න කොටුවට යන බස් එකකට නැග්ගා. (අපිට කොයින්ද කාර්...?) මගදි මාර ට්‍රැ‍ෆික් එකකට අහු උනා. දැන් බස් එක කොට කොටා ඉස්සරහ‍ට යනවා (වින‍ාඩියකට අඩියක් විතර) ඔහොම ඇවිල්ලා ඇවිල්ලා පැය 1 යි විනාඩි 20 කට විතර පස්සෙ කොටුවට ආවා. එපාම වුනා. මම නම් හිතුවේ අනතුරක් නිසා ට්‍රැෆික් එක ඇතිවෙලා කියල. මොන පිස්සුද....? මිනිස්සු කට්ටියක් පාර  මැද ඉදගෙන උද්ගෝසනක් කරනවා. එක වා‍හනයකටවත් යන්න ඉඩ නෑ. ඇත්තටම මේ උද්ගෝසනයට හේතුව නම් මම දන්නෙ නෑ. ඒත් මේ අයට පා‍ර අවහිර නොකොර ඉන්න තිබ්බා. මේ නිසා තවත් මිනිස්සු කි දෙනෙක් අපහසුතාවය‍ට පත් වෙනවද?  

9 comments:

Anonymous said...

මොකද කියන්නේ ට්‍රැෆික් එපා කියල කරමුද උද්ගෝෂණයක්?

Anonymous said...

අද සවස කුරුදුවත්තේ ඉදන් නුගේගොඩට එන්න පැය 1 යි විනාඩි 45 යි !
මරු නේද ?

කාර් එකේ උනත් මෙහෙම දුකක් කිලෝමීටර් 8ක් එන්න ?

මට නම් එපා ......................වෙලා තියෙන්නෙ

Unknown said...

අද හවස හයිලෙවල් පාරෙත් පට්ට ට්‍රැෆික් එක.

ශාකුන්තල | Shaakunthala said...

Private Medical School සීන් එක නේද ඔය?

බුද්ධික said...

Private Medical School සීන එක වෙන්න ඕනි කියන විදියට,මට News SMS එකක් ආවා 1000ක් උද්ඝෝශණයක් කරනවා කියලා

Narada said...

"Private Medical School" එකක්ට වෙනත් ාම් මිනිස්සුට මෙහෙම වද දෙනවද? හත්ලිව්වයි දෙයියනේ නොදකිං මුං ටික!

Thilina said...

@ Anonymous1

ඔව් ඔව් කරමු

@Anonymous2

කාර් එකේ නම් ඒසී වත් තියෙනවා. මම නම් තැම්බි තැම්බි හිටගෙනම තමයි ආවේ...

@සුසිත රවින්ද සෙනරත්

ට්‍රැෆික් වෙලාවට පයින් එන එක මාර සැපක්

@ශාකුන්තල

හේතුව නම් හරියට දන්නෑ. කඩ වගයක් කැඩුව නිසා උද්ඝෝශණය කලා කියලත් ආරංචියක් තියෙනව

@බුද්ධික

ඔන එකක් පාර අවහිර නොකර කළා නමි ඉවරයිනෙ

@-බිன்ku-

මොනව කරන්නද බං?

said...

සෙනගට අවහිර නොවී කලාම ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. දැන් බලපන් උඹ උනත් ඕක ගැන ලිව්වේ ට්‍රැෆික් එකට අහු උන නිසා නේ

Thilina said...

@ ම

ඔව් ඉතින්, උඹේ පොයින්ට් එක හරි

Post a Comment