About

Saturday, April 25, 2009

Huawei E160 unlock ‍කළෙමි














ඔන්න ඉතින් මමත් මගේ ‍Huawei E160 මොඩෙමෙ unlock කළා. senyum(හැබැයි ඔන්න නොමිලේ නම් නෙවේ) හැමදාම එකම ප්ලෑන් එකකට හිර වෙලා හරියනවද? මම මේක unlock කරගන්න නොකළ දෙයක් නැති තරම්(Free unlock කරගන්න) ගයන්තගේ සයිට් එකේ තිබුණු E220 unlock කරන විදියට කළා ඒත් හරි ගියේ නෑ . Hex Editor එකෙන් Search කරන්නේ FF 01 02 00 බව හොයා ගත්තා. ඒත් වැඩක් ‍වුනේ නෑ. අරව කළා මෙව්වා කලා ඒ කිසිම එකකින් ‍වැඩක් වුනේ නෑ. DC unlocker එකෙන් නමි ෂුවර් එකටම පුලුවන් ඒත් සල්ලි ගෙවලා Credit ගන්න ඕනෙ. ම‍ට කාඩ් එකක් හෝ paypal ගිණුමක් නැති නිසා ඒකත් අමතක කරන්න සිද්ධ වුනා (මං දුප්පත් කොල්ලනේ)senyum. ඔන්න පස්සෙ එළකිරියේ තිබුණු ඇඩ් එකක් දැකලා මම ඒකෙ තිබුණු නොම්බරේකට කෝල් එකක් දුන්නා. ඔන්න ඒ පොර කිව්වා E160 මොඩෙමෙ unlock කරන්න පුලුවන් කියලා. පොර ඉන්නෙ නුගේගොඩ. ඔන්න ඉතින් මාත් කියපු තැනට ගියා. යන්ඩම පැයක් විතර ගියා. මිනිහට මොඩෙමෙ දුන්නා,මෙන්න මූ මොඩෙමෙ අරන් ඇතලට ගියා. ‍කරන දෙයක් පොඩ්ඩක් පේන්ඩ කරපන් , එව්වා නෑ. කොහොම හරි විනාඩි 10 කට විතර පස්සෙ මූ එළිය‍ට ආවා. පොර කිව්වා, මල්ලි ඔන්න මොඩෙමෙ Unlock කළා . ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු ‍ගෙ‍්න්න කියලා. පස්සෙ මම ඉතින් සල්ලි දීලා ආපහු ආවා. unlock කළා කිව්ව‍ට මට ෂුවර්ද? (ටෙස් කරන්නත් විදියක් නෑ කිව්වනේ ඒ පොර) ගියා ළගම තිබ්බ Internet cafe එකක‍ට. දැම්මා හුලං ටෙල් සිම් එකක්. Mobile Partner ඉන්ස්ටෝල් කළා. මෙන්න බොලේ කුඩු වෙන්ඩ Airtel 3G සිග්නල් තියෙන‍වාsenyum. ඇත්ත තමා නුගේගොඩනේ, මෙහෙ නැති සිග්නල් අපේ ගෙදරටද තියෙන්නෙ ? වැඩේ හරි ඔන්න මම ගෙදර ආටා. කෝච්චියෙ ආවේ, නෑවා කෑවා වැඩේට බැස්සා.
දැම්මා Airtel සිම් එක (ආ... දාලනෙ තිබ්බෙ) බැලුවා වැඩද කියලා අපෝ EDGE විතරයිනෙ. ඒ වෙලාවෙ මතක‍් වෙච්ච ‍වචන සෙට් එක මෙතන ලියන්න බෑ. හැබැයි මැක්ස් EDGE සිග්නල් තියෙනවා. EDGE කන්නද? පේනවනෙ speed එක ?














කමක් නෑ මොඩෙමෙ unlock නේsenyum, තව ටික කාලයකින් සිග්නල් එයි. හික්... ඩයලොග් සිම් එක දාලා වැඩ දාන්න ගිහිල්ලා සිම් එකත් block වුනා. බඩුම ත‍මා සිම් එක මාරු කරන්න ඕනෙලු, රු 300 ක‍ට හරි. මුන්ටත් ඉතින් සල්ලි කඩාගන්න පුලුවන් නම්... (හැබැයි customer care එකෙ‍් අක්කා කෙනෙක් කිවිවෙ)

මේ අවස්ථාවේ ගෙදර Internal problem එකක් නිසා හිත නොසන්සුන්ය. ඒ නිසා තව ලිවීමට බැරිය.

Huawei E160 මොඩෙමෙ තියෙන කට්ටිය වෙත:- E160 unlock කිරිමට අවශ්‍ය නමි මෙතෙන්ට යන්න (අලුතෙන් මොඩම් ගන්නවා නම් E220 ගන්න)

Digital Nets, 48/28 ස්ටැනලි තිලකරත්න මාවත, දුමිරිය පොළ පාර, නුගේගොඩ (නුගේගොඩ ස්ටේසම ගාවමයි - 1500ක් කුඩු වේ)

Note :

Now you can unlock any Huawei modem for free

Download this > open it > plugin your modem

1. then open Universal MasterCode.exe Enter Modem IMEI and get unlock code

2. Open CardLock_UnLock.exe enter your unlock code

sorry about my English bising

19 comments:

pj said...

hey thilina buwa,
unlock karanna kiyak gannawada?
where to get that e160 modem?

NUWAN said...

ලොකු දෙයක්නේ මමත්e 220 unlok කලා.ගයන්ත මල්ලිගේ පිහිටෙන්

Sasika Nanayakkara said...

ඇයි මේ වගේ දුක් විදින්නේ ..මම නම් ගත්තේ මහරගම GLOBAL එකෙන් E220 මොඩම් එක. කැමති එකක් දාගෙන ඉන්න පුළුවන් ඔච්චර දුක්විදින් නැතුව.අළුතෙන් ගන්න අයටත් එක්ක කියන්නේ.

GNS said...

මම දන්න බුවෙක් ඉන්නවා.
රු 1000ක් කුඩු කරගෙන වැඩේ කරන්න පුළුවන් වෙයි.(E220නම් 1000යි. ;) )
මම හරියටම අහල හෙට දිහාවට කියන්නම්

Thilina said...

@pj

1500

@nuwansl.blogspot

ඔව් බං මාර නිදහසක්, දැං ඉතින් ඕනෙ එකක් පාවිච්චි කරන්න පුලුවන්..

@සසික නානායක්කාර

පස්සෙනෙ දන්නෙ, එතනත් තියෙනවා B/N E220 7900/- බට් warranty නැත.

@ ගයන්ත

E220 ට නම් 1000ක් වැඩ්යි. උඹේ බ්ලොගය බැලුවා නොමිලේම කරගත්තා (උඹ ගම්පහ ද බං ඉන්නෙ Profile එක බැල්වේ දැන්නෙ, බලනකොට කස්ටිය ළග ළගමයි ඉන්නෙ. හික්...)

Harshana said...

මම දන්න තරමින් මොබ්ටෙල්ලා මේ මොඩම් වලට දාල තියෙන්නෙ software lock එකක්, අළුත් ඒවට නම් කොහොමද දන්නෙ නෑ,
මොකටත් Firmware Update එකක් කරල බැළුවෙ නැද්ද ?

meegodaya/saman said...

පිස්සු හැදෙන කට්ටක්නේ බං කාල තියෙන්නේ.මට මතකයි ඔයා E220 ඉල්ලා තිබුනනේද? යකෝ ඡාවන්ගේ ඇලේ තත්වයත් එහෙමද?

Thilina said...

@har

හැම එකම කළා බං

@saman

E220 ක් අඩුවට හෙව්වට ලැබුනෙ නෑ, ගිනි ගණන් මුන් කියන්නෙ.
ඇලෙ‍් ගැවුනත් ඇති හොයා ගන්ඩ බැරි ලෙඩක් හැදෙනවා හික්...

Sasika Nanayakkara said...

E220 මම ගත්තේ රෑ=11900 යි . මාස 6 ක් වොරන්ටි.දැනට නම් අවුලක් නැහැ.පොඩිගානක් ගියත් වදයක් නැහැනේ.
මේක මාර සිම්පල් පැලැන් එකක්.

said...

මටන ඉතින් කම්ඹිය දිගේ එනSLT ADSL නිසා ඔය Lock Unlock නැහැ ගැහුවා Router එකට බස බස ගාල වැඩ.

පොඩි අවුලකට තියෙන්නේ කොහෙවත් ගෙනියන්න බැහැ. ඒකට කමක් නැහැ මොකො මන් Desktop Pc එක කොහෙ අරන් යන්නද?

Thilina said...

@ ම

අපිට කොහෙද එච්චර වාසනාවක්. මේ මගුල් එක්ක දුක් විදිනවා මිසක්

නිලන්‍ත said...

මගෙත් තියෙන්නෙ Dialog Mobile broadband. මොඩමය Huawei E220. අපේ ගයන්ත මලයගෙ පිහිටෙන් Unlock කරගත්ත. අපේ එතෙර හිටපු ඥාතියෙක් ලඟදි ලංකාවෙ පදිංචියට ආවා. මේන් බොලේ එයාගෙ එහෙදි භාවිතා කරපු Huawei E169G HSDPA USB Stick එක මට ලැබුනා.මගෙ සන්තොසේ ඉහවහා ගියා. SIM එක 3G. මමත් දඩිබිඩි ගාලා මගෙ Dialog SIM එක දාලා බැලුව. හුට්ටස්පරයයි. මේ ඉලව්වත් Lock කරල. දන්න සෙල්ලං සේරම දැම්ම. නෝ හෙල්ලුං. DC-Unlocker නං Detect කරනව. ඒත් ඒකෙත් Username/Password ඉල්ලනවනෙ. කවුරුහරි මේක Unlock කරන්න දැනුමැති සඟයෙක් ඉන්නවනං (රු 1500/= කුඩුකර ගන්නෙ නැතිව) උදවු දෙනු මැන.

Thilina said...

@ නිලන්‍ත

ඕක Unlock කරන්න එක එක ‍ටූල් හොයන්න ගත වෙන කාලය 1500 ට වඩා වටිනවා. කෝල් එකක් දිල අහල බලන්න, මෙන්න 0718822822

Darius said...

Hello there,

Can you translate this to english?

Darius said...

I have an E160 too and I would like to help me please to unlock it.

Thilina said...

@ Darius

මචෝ මේ පෝස්ට් එක translate කරන්න තරම් ඉංගිරිසි දැනුමක් මට නෑ. ඒකට සමාවෙන්න.
you can Unlock E160. call this No: 0718822822 (Digital Nets - Nugegoda) but not free

Namaldanushka said...

apo mama nam mage e156g modem eke techkatha pihiten nikamma unlock kara gaththa...thawa yaluwekuge modem ekakuth unlock karala dunna....ona wenne imei number eka vitharai....

Anonymous said...

මොකද්ද EDGE සිග්නල් කියන්නේ ?
එක වෙන්නෙ ඇයි ?
මට ඉක්මනත පිලිතුරක් දෙනවාද ?
3G නැතුවාමද එහෙම වෙන්නේ ?
dialog වලත් එහෙමද ?

Thilina said...

@Viraj

EDGE - http://j.mp/fJDxH | 3G සිග්නල් නැති වුනාම තමා EDGE වලට මාරු වෙන්නේ.., | ඔව් Dialog වලත් එහෙම වෙනවා. | Mobile partner වල 3G only mode එක select කළාම EGDE වලට මාරු නොවී 3G වලම තියෙනවා.

Post a Comment