About

Monday, April 20, 2009

අලුත් බලාපොරොත්තුවක්

ඉතින් කස‍්ටිය කොහොමද? බ්ලොග් මැරතන් එකත් ඉවරයි. පහුගිය දවස් ‍ටිකේ ඒක ගැනවත් ලිය ලිය හිටියා. මං බ්ලොග් එක පටන් අරන් දැන් සතියක් විතර වෙනව‍. දිගටම මොනව හරි ලියන්නත් ඕනෙ‍‍‍‍‍‍‍‍් මොනව ගැනද???? ආ... මතක් වුනා.

මගෙ‍් ඉන්ටර්නෙට් සම්බන්ධතාවය Mobitel 2GB එකක් නෙ‍් Mobitel එකනම් මේ ලගකදී ඉදලා අන්තිම සවුත්තුයි. සිග‍්නල් නම් අන්තිමයි. ඒත් එළටම තිබ්බා මොනව වුනාද මන්දා ? sedih ඉතින් මේ ලගදි දවසක මං නිකමට Manual network search එකක් දුන්නා Mobite Partner එකෙන්, මෙන්න බොලෙ‍් Airtel ම්.. හුලං ටෙල් (නෑ.. නෑ... හුලං ටෙල් කියන්න එපා) 3G සිග්නල් තියෙනවා senyum මෙච්චර දවසක් තිබ්බෙ 2G විතරයි. දැන් ඉතින් කල්ල මරේ.

















කොහොමත් ම‍ට Mobitel 2GB මදිවෙලා තිබුනෙ. දැන් ඉතින් පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් Unlimited connection එකක් ගැනsenyum. මං ඉන්නෙ කොළඹට 18km-20km දුරින් වුනත් SLT ADSL වලට දුර වැඩ්යිලු, අපෙ‍් ගෙදරට 8km තියෙනවලු, 6km ලු උපරිම දෙන්නෙ. අනෙ උන්ගෙ‍් ... ටීක්marah.

දැන් ඉතින් මො‍ඩෙමෙ අන්ලොක් කරලා Airtel වලට try එකක් දෙන්න ඹ්නෙ. අඩුවට කවුරැගරි E220 ක් විකුණනවා නම් ම‍ට කියන්න. දැනට මෙච්චරයි පස්සෙ මොනව හරි කොටන්නම්...

5 comments:

said...

පුදුමයිනේ කොළඹට ඔච්චර ලඟ ඉඳලා SLT ADSL නැති එක.

අපෙ මල්ලි කෙනෙක් තිස්සමහාරාමෙ ඉඳල Mobitel 750MB එකක් පාවිච්චි කරනාව. එහාටනම් හොඳට වැඩ කිව්වා.

Thilina said...

@ ම
මං ජා-ඇල බං ඉන්නෙ. colmbo-Airport පාර අත ලග. ඒත් වයර් එක එහෙන් මෙහෙන් හැරිල එනකොට දුර වැඩියිලු‍

ඉ-නැණ පියස said...

මම භාවිතා කරන්නෙත් Mobitel 7GB.තාම අපේ අවුලක් නෑ.සමහරවිට කෂ්ටිය අඩු හන්දා වෙන්නැති.ඇත්තටම මට 7GB මදි.‍හරියට කූඩුවක හිරවෙලා ඉන්නවා වාගේ.මහ ලොකුවට උඩ පැන්නට නිමා නොවෙන චාරිකාවකට කිය කියා SLT ADSL කෂ්ටිය , ටිකක් ලොකු පාලමකින් වයර් ටික ඇදගන්න බැරිව අපේ පැත්තට දෙන්න බැරිලු ADSL.එයාලගේ තියෙන්නේ fun මාර කතා තමයි.

ගයන්ත said...

හුලංටෙල් වල signal ව්‍යාප්ත වෙන්න කලින් මොඩම් එකක් ඉක්මනට හොයාගන්න. මොකද Airtel signal හොඳ උන ගමන් E220වගේ මොඩම් හෙවිලි බොරු ;)

පොතේ ගුරා said...

මාරු වෙන්න කලින් දන්න කෙනෙක්ගෙන් අහල බලන්න..හුලන්ටෙල් එච්ච‍ර ෂුවර් නෑ නෙ..ටෙක් කථා වල මේ ගැන කතා කෙරුන මට මතක විදියට..ඒක අහල බලන්න..

Post a Comment