About

Sunday, June 5, 2011

VGA card එකට වද දීම

කස්ටිය කොහොමද ඉතින්..? ඕං මාස දෙකකට පස්සේ බුවා නැවතත් බ්ලොග්කරණයේ bising. දන්නෙම නැතුම මම බ්ලොග් ලියන්න අරන් අවුරුදු 2 කුත් ගිහිල්ලා. අද කියන්නේ Video card එකට දසවද දීම ගැන. මීට අවුරුදු 1 1/2 කට විතර කලින් මාත් පෙරුම්පුරලා ගත්තනේ VGA card එකක් bising. ඕක දැන් ටික දවසක ඉඳලා (ටික දවසක් කියන්නේ හෙන කල් ඈ...bising) හෙන අප්සැට් විදියට තමා වැඩ කරන්නේ. ඒකියන්නේ මැසිම ටික වෙලවක් දාගෙන ඉන්නකොට Display නැතුව යනවා. BSOD එනවා, සමහර වෙලාවට මැසිම boot වෙන්නේ නෑ, වැඩ ගොඩයි bising. අන්තිමට boot up screen එකේ ඉඳලම එක එක පාට පාට අකුරු ඉලක්කම් ඉරිකෑලි වගේ ඒවා වැටිලා තිබිලා Windows boot වෙද්දිම මැසිම restart වෙන්න පටන්ගත්තා. මම දලා තිබුණු Mac OS එකටත් මේ සෙතේම තමා. Mac OS boot වෙන්නෙත් නෑ. මාත් VGA card එක පැත්තකට දාලා Onboard VGA වලින් වැඩ කලා.

ඊයේ ඕං මේක ඇදලා එළියට අරන් Google එකේ Search කරලා බැලුවා. card එකේ cooling system එක අල වුනාමත් ඔහොම වෙනවා කියලා සයිට් එකක තිබ්බා. මාත් heat sink එක ගලවලා ඒක සුද්ද කරලා අළුතෙන් heat sink compound දාලා බැලුවා. වැඩක් නෑ bising. පරණ ලෙඩේමයි. ඊලඟට search කරගෙන යනකොට card එක oven එකක bake කලාම හරියනවා කියලා හොයාගත්තා bising. YouTube එකෙත් බැලුවා. කරන විදිය ලස්සනට තියෙනවා. දැන් මේ කාඩ් එකට warranty ත් නැති එකේ, මේක තියන් බකන්නිලන් ඉන්නවට වඩා try කරන එක හොඳයි කියලා හිතලා මාත් වැඩේට බැස්සා. try & try one day you can fly කියනවනේ bising.

පොතේ හැටියට කාඩ් එකේ heat sink එක ගලවලා කලින්ම 375° - 390 °F (~200°C) වලට රත් කරපු අවන් එකක විනාඩි 5 - 10 ක් දාලා තිබ්බාම වැඩේ හරි. හැබැයි අවන් එකේ කොහේවත් නොගෑවෙන විදියට, තමා කාඩ් එක තියන්න ඕනේ. කාඩ් එක අවන් එකේ නොගෑවෙන්න තියන්න කෑම ඔතන අළුමේනියම් කොළ වලින් හදාගත්ත බෝල 4 ක් තමා පාවිච්චි කරන්නේ.


ඒත් මොන හිතකින් මේක අවන් එකකට දාලා පුච්චන්ද? වැඩේට කලින් test පාරක් දාන්න පරණ dialup modem එකක් හොයලා අරන් අවන් එක 190 °C කට විතර රත් කරලා විනාඩි පහක් දාලා තිබ්බා. ඒත් වෙනසක් නෑ. (මගේ කැමරාව පාපමිත්‍රයෙක් ගෙනගොස් ඇති නිසා පින්තූර ගැනීමට විදියක් තිබුණේ නැත bising) පස්සේ ආයෙත් 200 °C විනාඩි 10 ක් දාලා තිබ්බා. ඒපාරත් එච්චරම විශේෂයක් නෑ. අවන් එකේ රස්නේ මදි ඇති කියලා හිතලා 250 °C ටම රත් කරලා මොඩම් එක ඇතුලට දැම්මා. විනාඩියක් ගියේ නෑ මොඩිම් එකේ පාස්සලා තිබුණු තරමක් ලොකු කෑලි ටික බෝඩ් එකෙන් ගැලවිලා වැටුනා bising. ඒක ඉවරයි. මේකෙන් සිද්ධිය තේරුම් අරන් 200 °C විනාඩි 6-7 ක් කාඩ් එක bake කරලා එළියට ගත්තා. කාඩ් එකේ ඊයම් වල විශේෂ වෙනසක් නං දැක්කේ නෑ. පස්සේ නිවෙන්න තයලා heat sink එක හයිකරලා මැසිමට දැලා බැලුවා.

ඉස්සෙල්ලා startup screen එකේ ඉඳලාම වැටුනු එක එක විකාර අකුරු වෙනුවට screen එකේ ඉරි කීපයක් යන්න ගත්තා. කොහොම හරි restart හෝ BSOD නොවී Windows වලට boot වුනා bising. ඒත් අඟලක විතර මහතට එක එක පාට ඉරි 5 ක් මොනිටරේ වැටිලා තියෙනවා. අළුතෙන් Drivers Install කරත් වැඩක් වුනේ නෑ. areo theme එක හෝ video palyback කරන්න බෑ. Device manager එකත් කාඩ් එකේ අවුලක් තියෙන බව කියනවා. GPU Z කාඩ් එක පෙන්වන්නේ මෙහෙමයි. nVidia Control panel එකත් වැඩ කරන්නේ නෑ.

ඉතින් දෙපාරක්ම bake කළත් මේ bake කිරිල්ල නං මට 100% ක් වැඩ කළේ නෑ. ඒත් අසාර්ථකත් නෑ. සාර්ථක වීම හෝ නොවීම තියෙන්නේ වාසනාව මත කියලා තමයි නෙට් එකේ තියෙන්නේ. කස්ටියගෙත් පරණ වැඩ නොකරන Motherboards, VGA cards තියෙනව නං මේ විදියට ට්‍රයි කරලා බලන්න. සමහර විට වැඩ කරයි. ඒත් කරන්න කලින් තව නෙට් එකේ හොයලා බලන්න. අනික මම නං පිච්චුනු කරවුනු අඟුරු වුනු උපාංග වලට වග කියනු නොලැබේ bising.

15 comments:

Kanishka said...

ඔය අමුතු කැරැක්ටර්ස් පෙනීම නම් ගොඩක් වෙලාවට මෙමරි වල අවුලක්. බේක් කිරීමෙන් නම් වෙන්නේ ඔය ගැලවුන කන්ටැක් පොයින්ට් නැවත සම්බන්ධ කරවන එක. ඒකට මුලු කාඩ් එකම රත් කරන්න ඕනා නෑ. Hot air gun එකකිං මෙමරි චිප් වල පින් රත් කරලා ආයෙත් පෑස්සුවා නම් හරි යන්න පුලුවන්.

Thilina said...

@Kanishka | කණියා

මෙමරි අවුලක් ගැන මට විස්තර හම්බවුනේ නෑ නෙවැ. තව බලන්න ඕනේ. hot air gun සීන් එක නං මම දැක්කා. මං කොහෙන්ද ඕකක් හොයන්නේ..? :(

Theekshana said...

phone හදන උන් ගාව තියනවා .

Unknown said...

මගේ ළග තියනවා NVIDIA 9500GTX 512MB කාඩ් එකක්....WINDOWS xp loGO එක වැටෙද්දි screen එකේ හරහට ඉරි යනවා......Nvidia Drivers install කරද්දී blue Screen ඇවිත් restart වෙනවා.....‍මට කෙනෙක් කිව්වා oven එකේ bake කරන්න කියලා.....එහෙම ක‍ලොත් හරියයිද ? මං මොකද කරන්නේ ?

Thilina said...

@Theekshana

:)


@Oshan

සමහර විට හරියන්න පුළුවන්. electric oven එකක් හොයාගෙන කරලා බලන්න. (Microwave oven නං පාවිච්චි කරන්න එපා)

http://bit.ly/isKLFu

Unknown said...

ගෙදර තියන electric oven එකෙන් කරන්නද?

Thilina said...

@Oshan

ඔව් ඒක හොඳා. මමත් කළේ ‍නෝමල් electric oven එකකින්

networkdisa said...

අනේ බුවෝ ඔය වෙලාවෙ VGA එකක් කඩෙන් අරගෙන cake එකක් bake කරල කෑවනම් මොකෝ....

Thilina said...

@Networkදිසා

අතේ සතේ නැතුව මොන VGA කාඩ්ද ?

Unknown said...

මගෙ PC එක p4,1.5GB Ram,9500GTX VGA.....මගෙ PC එකේ assasins creed 1,call of duty black ops....වගේ හොද game full graphic එක්ක ගහන්න් පුලුවන් වෙයිද?

Thilina said...

@Oshan

max details දාලා Game ගහන්න නං ඔය VGA, Processor, ram නං මදි වෙයි. ඒත් details අඩුකරලා නං ගහන්න පුළුවන්.

Unknown said...

go with best wish come come you like>>>>>>>>>

සහන් සටහන් said...

හොට් ගන් එකක් හොයාගන්නම නැත්තං... අපේ පරන සිංහල ක්‍රමයක් තියනවා කරන්න... "ගම්මිරිස් ඇට 5ක් හෝ 10ක් අරගෙන හොඳට හෝදලා කටේ දාල හපන්න ඊට පස්සෙ VGA එකේ contacts වලට පිඹින්න.

Sula (සුලා) said...

එල එල මොනාවත් කොරන්න බැරි වෙලාවට කස්ටගේ හිත සනසන්නවත් මේක හොඳයි! මටත් ඔයවගේ ප්‍රශ්ණ සෑහෙන්න ආව machine හදන දවස්වල, ඒත් හිතින් ගොඩ වෙදකමට අළුත්වැඩියා කරන shop වලින් අනුදැනුමක් දෙන්න විදිහක් නැහැනේ...!

Prabhath said...

blog posts වල Skype වල වගේ IM Smileys ඇතුලත් කරගන්නේ කොහොමද?

Post a Comment