කස්ටිය කොහොමද ඉතින්.. ඕං මාසෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. පරණ තැටිය තමා. ඕං මටත් adsl ලැබුණා නෙවැ
. මම අවුරුදු 2 ක්ම ප්රෙට්රල් පුච්චාගෙන කටු කාගෙන ටෙලිකොම් එකට බඩගාපු එකේ ප්‍රතිඵලේ මේ මාසේ තමා හම්බවුනේ. ඉතින් අවුරුදු 2 ක් වගේ සුළු කාලයකදී මේක ගන්න පුළුවන් වුනු එක නං ලොකුම දෙයක්
. මේක ගන්න අවු 2ක් ගියේ ඇයි කියනවා නං slt exchange එකේ ඉඳලා අපේ ගෙදරට දුර වැඩි වීම තමා ප්‍රශ්නෙට තිබ්බේ. ඒ නිසා 4 පාරක්ද කොහෙද adsl සිග්නල් නෑ කියලා application එක reject කළා
. ඊට පස්සේ දුර වැඩි වුනත් adsl ගන්න කැමතියි කියලා ලිවුමක් දෙන්න කිව්වා. ඒත් ගන්න බැරි වුනා.
වැඩේ අතඇරලාම ඉන්නකොට මෙච්චර කල් පාවිච්චි කරපු මොබිටෙලය චා මැක්ස් වුනු නිසා තව පාරක් adsl ගන්න ට්‍රයි කරන්න හිතුනා. මෙදා පාර නං ටෙලිකොම් එකේ හිටපු අංකල් කෙනෙක් තමා අහුවුනේ. මාත් ඉතින් මුල ඉඳලාම සිද්ධිය කිව්වා. පස්සේ ආයෙත් application එකක් දීලා ආවා. ඔය අතරේ ඉතින් මගේ ඉගෙන ගන්න වැඩ වලට නෙට් ඕනේ, අනං මනං බයිලා කියලා බටර් පාරකුත් ගාන්න අමතක කළේ නෑ
. ඕං ගෙදර ගියාට පස්සේ ටෙලිකොම් කාරයා කෝල් කරලා කියනවා Cisco රවුටර් එකක් දානවා නං ADSL දෙන්නං කියලා. මං එහෙම්ම කිව්වා මං ගාව දැන් Cisco router එකක් තියෙනවා කියලා
. ඒත් ඇත්තටම මගේ ළඟ cisco (linksys) router එකක් තිබ්බේ නෑ
. පස්සේ රවුටර් එක ගත්තේ කොහෙන්ද අදී විස්තරත් ඇහුවා. මම ඉතින් ලස්සනට කිව්වා.
ඊට දවස් කීපයකට පස්සේ කෝල් එකක් දීලා කිව්වා adsl දුන්නා කියලා. ඒ වෙලාවේ මම ගෙදරත් නෙවේ හිටියේ. පස්සේ රෑ වෙලා ගෙදර ගිය ගමන් රවුටරේ ගහලා බැලුවා. මෙන්න බොලේ බඩු වැඩ
. මීට අවුරුද්දකට විතර කලින් ගත්තු රවුටරෙන් වැඩක් ගත්තේ එදා තමා
. ඒ වෙලාවේ නං මාර සතුටක් දැනුනේ. exchange එකේ ඉඳන් අපේ ගෙදරට 8.1 km දුරක් තියෙනවා
. රවුටරේ නං TP -ink එකක්. SNR Margin (down/up) 6/30 අගයක තියෙනවා. ඒත් ඩිස්කනෙක්ට් වෙන්නේ නං නෑ. ඒත් සමහර වෙලාට අල වුනොත් router එක restart කරපු ගමන් හරියනවා. 8.1km දුර වෙලත් ලැබෙන වේගය ගැන නං ඇත්තටම සතුටුයි. 51 - 55kBps වගේ වේගයක් ලැබෙනවා. මොබිටෙලය වගේ වුරු වුරු ගාන්නේ නෑ. connection එක stable. ඉස්සර නං 10MB බාන්නත් දෙපාරක් හිතනවා. දැන්නං හිටු කියලා බානවා. ගෙදර ඉන්නවා නං ගොඩක් වෙලාවට දවසකට 1GB පනිනවා
. දැන් ඉතින් බිල ආවාම තමා රත් වෙන්නේ.
වැඩේ අතඇරලාම ඉන්නකොට මෙච්චර කල් පාවිච්චි කරපු මොබිටෙලය චා මැක්ස් වුනු නිසා තව පාරක් adsl ගන්න ට්‍රයි කරන්න හිතුනා. මෙදා පාර නං ටෙලිකොම් එකේ හිටපු අංකල් කෙනෙක් තමා අහුවුනේ. මාත් ඉතින් මුල ඉඳලාම සිද්ධිය කිව්වා. පස්සේ ආයෙත් application එකක් දීලා ආවා. ඔය අතරේ ඉතින් මගේ ඉගෙන ගන්න වැඩ වලට නෙට් ඕනේ, අනං මනං බයිලා කියලා බටර් පාරකුත් ගාන්න අමතක කළේ නෑ
ඊට දවස් කීපයකට පස්සේ කෝල් එකක් දීලා කිව්වා adsl දුන්නා කියලා. ඒ වෙලාවේ මම ගෙදරත් නෙවේ හිටියේ. පස්සේ රෑ වෙලා ගෙදර ගිය ගමන් රවුටරේ ගහලා බැලුවා. මෙන්න බොලේ බඩු වැඩ
11 comments:
හෆ්ෆේ අවුරුදු 2ක්..... ගියා එහෙනං lt exchange එකේ ඉඳලා ගෙදරට තියන දුර අඩු කරන්න ඈ....
හොඳා හොඳා.
මමත් මේ මාසේ adsl ගන්නයි හිතාගෙන ඉන්නේ . ඩයලොග් පැකේජ් එකක් ගන්නත් හිතෙනවා . adsl නම් එල. ඒත් අනිවා බිල් එක 1850 එනකොට කොහොමද ඉවසන්නේ .ඔයා අරගෙන අපිටත් ගුනදොස් කියන්නකෝ
ජයවේවා !!
අපිටත් ඔය lt exchange එකේ ගැටලුවයි, loop ප්‍රශ්නෙයි තමා. නැත්තං අපිත් ගන්නව..
සුබපැතුම්
@සහන්
හ්ම්.. අවුරුදු 2 ක්ම ගියා ;)
@හිස් අහස
මම DIalog එකත් අරන් බැලුවා. Fup සෙට් වුනාම මෙලෝ වැඩක් නෑ. මටත් තියෙන අවුල බිල තමා :(
@ගීත් | Geeth
ට්‍රයි කරන්න, ගන්න බැරි වෙන එකක් නෑ.
මම අවුරුදු 4ක් තිස්සේ ට්‍රයි කරනවා.. දුර 5km විතර.. මුන් 4km විතර තමයි දීල තියෙන්නේ එතනින් එහාට දෙන්නම බෑලු. "වයර් එකක් ලෝ" වෙලාලු. ඒ මොන කුනුහබ්බ කතාවක්ද මන්දා. ඇහුවට කියන්නෙත් නෑ. මට එපා වෙලා දැන් වැඩේ අතඇරල ඉන්නේ.
අනික් මාතර ඉන්නෙ මහ කමකට නැති උන්. දැනට තියෙන්නේ pair gain connection එකක්. රත්මලාන opmc එකේ ඉන්න යාලුවෙක් කිව්වා loop එකකට හදාගන්න පුළුවන් නම් ADSL හදල දෙන්නම් කියලා. එත් මාතර ඉන්න බූරුවොන්ට කියලා ඒක කරගන්නත් බෑ.
-කාංචන
අහ් ඒ කියන්නෙ දැන් අපිටත් මොකක් හරි හෙල්ප් එකක් ගන්න පුලුවන් නේ :P
කිලෝ මීටර් 4ක් දිග කම්බියක් අරන් 5ක් වෙනකන් ඇඳලා දැම්මා නම් ඉවරනේ...
කොල්ලා දියුනු වෙලා නෙවැ
machan matath oya awlama 1 year kalin una. exchange eke idan 7km thiyenawa. mata slt eke un kivva thawa 1 year withara yai unge cabinet upgrade karanawa kiyala.
SLT eken dan exchange eke idan athara mada thiyena cabinet upgrade karala ADSL denawa. apitath dunna. man hithanne SLT aya cabinet eke outdoor DSLM ekak set karala eka fiber line ekakin exchange ekata connect karanawa.
@Anonymous
හෆෝ slt එකේ වැඩ කරන උන් ගැන නං කතා කරලා වැඩක් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල් තමා :(
@Hasitha ජයසූරිය
ඔව් ඔව්.., අළුතෙන් Mac ISO එකක් ආවම බාලා කියන්නං :D
@Naleen Dhanushka
:P
@පැතා
නැතුව නැතුව :)
@Anonymous
එහෙමද, මම නං වැඩි විස්තර දන්නේ නෑ. කොහොම හරි ගන්න පුළුවන් වුනු එක ලොකු දෙයක්
Post a Comment