කස්ටිය කොහොමද ඉතින්..? ඕං සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. ඕං අදත් බයික් එකක් ගැන ලියන්න තමා හදන්නේ. මේක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. ඒ තමා Bajaj Discover 150. කලින් තිබුණු Discover 135 බයික් එක දැන් නවත්තලා ඒ වෙනුවට තමා මේ Discover 150 එක ඇවිල්ලා තියෙන්නෙ. පෙනුම ගැන කියනවා නං මෑතකදී ආපු Discover 100cc එකේ පෙනුමට සමානයි . වෙනස තියෙන්නේ එන්ජින් එකේ විතරයි
මේකේ තියෙන දේවල් බැලුවොත් එන්ජින් එක 150cc (144.8cc), 4-stroke single cylinder, 5 speed gearbox එකක් සහිත Air cooled engine එකක් තමයි. තව ඉඳිරි පස Disc Brake, Nitrox shocks, LED tail lamp, electric start, Auto Choke, වගේ විශේෂාංග තියෙනවා. speedometer එක නං Analog එකක්. දැනගත්ත විදියට නං ගාන රු 160,000/- කට පොඩ්ඩක් වැඩියි . ගාණ නං වැඩියි වගේ. Pulsar 135 එකත් දැන් ලංකාවේ තියෙනවා. ආරංචි වුනු විදියට ඒක රු 177,000 කට වගේ මිල නියම වෙලා තියෙනවා.
පින්තූර Bajajauto.com වලිනි
4 comments:
ආරංචියක් තියනවද ඉන්දියාවෙ නිපඳවන YAMAHA R15 එක ලංකාවට එන දවසක් ගැන. මේක ඉන්දියාවෙනම් 1.3 වගේ වෙන්නෙ ඉන්දියානු මුදලින්. http://www.yamaha-motor-india.com/product/r15/index.html
මේක තමයි ඉන්දියාවේ නිපඳවනු ලැබූ මුල්ම රේසින් බයික් එක. පට්ට බයික් එක. අන්න ගන්නවනම් බයික් එක.
බුවා දැන් බජාජ් එකේ ද වැඩ? ;)
මොකෝ බන් වැස්සට වගේ බ්ලොග් එකට ගොඩවෙන්නේ.ඉස්සර වගේ ලියහන්කෝ. පරණ කට්ටියට මොනව වෙලාද මන්දා.
දැං සින්ඩිකේටර් වලට ගියාම අර ගැජට් එක දාන හැටියි...මේ ගැජට් එක දාන හැටියි...අනුන්ගේ කෝඩ් ගෙඩි පිටින් කොපි කරල තමන්ගේ වගේ පෙන්නල එක එක දේවල් කරන හැටි කියල දෙන ඒවනේ කියවන්න වෙලා තියෙන්නේ
රොකියා | Udara
දැනගත්ත විඳියට මේක ලංකාවේ තියෙනවා :). විස්තර තව හොයන්න ඕනේ
@ගයන්ත
:P තාම නෑ
තීර්ථ යාත්රිකයා
ඒක නං ඇත්ත. පහුගිය දවස් වල නං ලියන එක මඟඇරුනා. ආයෙත් පරණ විඳියට ලියන්න උත්සාහ කරන්න ඕනේ.
Post a Comment